Loading...
සැප්තැම්බර් 15 වන විට TikTok සම්බන්ධ ගනුදෙනුව නිමා කිරීමට Microsoft සමාගම සූදානම් වේ

මීට දවසකට විතර කලින් Android වැඩකාරයො අපි ඔයාලට කීවා TikTok තහනම් කරන්නට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා දුන්නු නියෝගය ගැන. ඒ වගේම අපි එතනදි තවත් එක විශේෂ දෙයක් සඳහන් කරා ඒ තමා TikTok වල US operations Microsoft සමාගම මිලදී ගන්නට සූදානමක් තියෙනවා කියන කාරණය. ඒක rumor එකක් විදිහට circulate උනත් මේ වෙද්දී Microsoft සමාගම ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙනවා.

Blog post එකක් හරහා ප්‍රකාශයක් නිකුත් කරන Microsoft සමාගම TikTok වල මවු සමාගම වන ByteDance එක්ක TikTok US operations purchase කරන එක ගැන සාකච්ඡා කරමින් පවතින බවට තහවුරු කලා. Microsoft සමාගමේ CEO වන Satya Nadella මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමගත් මේ ගැන ප්‍රකාශ කරමින් කියලා තියෙන්නේ TikTok deal එක එලඹෙන සැප්තැම්බර් 15 වැනිදාට පෙර අවසන් කිරීමට හැකිවන බවටයි. ඉතින් මේ acquisition එක සාර්ථක වුවහොත් ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල TikTok operations Microsoft සමාගම යටතට පැවරෙනවා.

“Microsoft fully appreciates the importance of addressing the President’s concerns, It is committed to acquiring TikTok subject to a complete security review and providing proper economic benefits to the United States, including the United States Treasury. - Microsoft”

Microsoft සමාගම පවසන ආකාරයට මේ deal එක සාර්ථකව නිම කරන්නට ලැබුණොත් ඔවුන් world class security එකක් එක්ක privacy සහ digital safety protections බොහෝමයක් එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම කියන්න ඕන් කාරණයක් තමා මේ සියලු discussions සමහර විට අසාර්ථක වෙන්නත් පුලුවන්. ගොඩක් High profile acquisitions වලට ඒ දේ වෙලා තියෙනවා. තවත් අමුතු ම කාරණය තමා මේ deal එක ගැන Microsoft ලා confirm කරන්නේ ජනාධිපති විසින් TikTok තහනම් කරන එක ගැන තහවුරු කරලා තියෙන කාලයක වීම. ඉතින් මේ acquisition එක Facebook ලටත් හොඳ නිවුස් එකක් වේවි. මොකද ඔවුනුත් TikTok competitor app එකක් release කරන්න සූදානමක් පවතින් නිසා.

තව දුරටත් Microsoft සමාගම පවසන්නේ මේ තුලින් TikTok user data සුරක්ෂිත කිරීමට වගේම විනිවිදභාවයකින් කටයුතු කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන බවයි. ඒ වගේම TikTok deal එක settle වෙනකන් වෙන කිසිඳු update එකක් නොදෙන බවටත් සමාගම පවසා සිටියා.

Source : Engadget