Loading...
ඇමෙරිකාවේ TikTok operations මිලදී ගැනීමට Microsoft සූදානම් වන අතරවාරයේ ට්‍රම්ප් විසින් TikTok තහනමට නියෝග කරයි

ඇමෙරිකාව තුල TikTok තහනම් කරන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තහවුරු කලා. ඊයෙ දින රාත්‍රියේ Air Force One වෙත පවසමින් ඔහු සඳහන් කලේ අද (සෙනසුරාදා) දිනයේ එම නියෝගය සහිත ලියවිල්ලට අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. එය ඉතාමත් ඉක්මනින් බලාත්මක වන බව ඔහු සඳහන් කලා.

ඉතින් මේ ගැන මත පල වුනේ පසුගිය ජූලී මාසයේ මුල ඉඳන්මයි. ඇමෙරිකානු රාජ්‍ය  වන Mike Pompeo මහතා සඳහන් කලේ TikTok තහනම ගැන සලකා බලන බවයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවත් ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තා.

ඉන් සති කීපයකට පසුව ඔහු සඳහන් කලේ TikTok තහනම් මාස කීපයකින් නොව, සති කීපයකින්ම ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඉතින් මේ තහනමට හේතු ලෙස ට්‍රම්ප් රජය දක්වන්නේ TikTok ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. TikTok හි මව් සමාගම වන ByteDance සමාගම චීන සමාගමක් වන බැවින් චීනයට TikTok user data ලබාදෙන බවට ඇමෙරිකානු රජය දිගින් දිගටම චෝදනා කලා. තත්වය වඩාත් තීව්‍ර වෙමින් ඉන්දියාව TikTok තහනම් කලා.

ඉතින් මේ විදිහට තහනම් කරන්නට යන සූදානම ගැන පුවත් පල වෙද්දී ම ඇමෙරිකාවෙ පිහිටි සුප්‍රකට Microsoft සමාගම TikTok හි ඇමෙරිකාවෙ operations තම සමාගම යටතට ගැනීමට උත්සාහ කරමින් ඉන්න බවට පුවත් පල වුනා. ඒත් මේ වෙද්දී එම උත්සාහයන් අසාර්ථක වී තිබෙන්නෙ ට්‍රම්ප් රජය මගින් දැනටමත් තහනම් කර තිබෙන නිසයි.

කෙසේ වෙතත් මේ තහනම ක්‍රියාත්මක වෙන විදිහ ගැන තවම පැහැදිලිතාවයක් නෑ. මේකට ගොඩක් ක්‍රම තිබෙනවා ඒ අතර චීනයේ Great Firewall එක වගේ network ban එකක් සිදු වෙන්න පුලුවන් කියන එකයි විචාරක මතය.

Source: The Verge