Loading...
Microsoft Surface Book 3 pre-order ආරම්භ වේ

Microsoft ලා මේ වෙනකොට Surface Book 3 එක Launch කරලා තියෙනවා. මෙගොල්ලෝ මේ පාර කලින් Surface Books වලට වඩා 50% වැඩි Performance එහෙකුත් දෙනවා කියලා තියෙනවා.

මේකට ලොකු Design Changes කරලා නම් නෑ , සහ මේක Size Options දෙහෙකින් එනවා ඒ 13.5 inch model එක සහ 15 inch model එක වශයෙන්. මේකේ Design tweaks මුකුත් දකින්න නැති එක නම් පොඩ්ඩක් Disappointing. නමුත් මේකේ වෙන හොද Changes ටිකක් කරලා තියෙනවා මේගොල්ලෝ Performance improve කරන්න

Intel ලගේ latest 10th Gen Processors එක්ක තමා මේක Ship කරන්නෙ. 13.5 inch base model එක $1,599 ක් සිට ඉහලටත් quad-core i5, සහ 15 inch එක quad-core i7 processor එකත් එක්ක $2.299 සිට ඉහලට තියෙනවා අපිට දකින්න පුළුවන්. 13.5 inch එකට include වෙනවා intel ලගෙ built-in Iris Plus graphics, ඒ වගේම Option එකක් තියෙයි Nvidia GeForce GTX 1650 Max Q model එකක් එක්ක $1,999 සිට ඉහලට ගන්න. 15 inch model එක Ship කරන්නෙ GTX 1660Ti එකත් එක්ක. නමුත් Quadro RTX 3000 GPU එහෙකට Upgrade  කරන්න පුළුවන් $3,499 සිට.

Microsoft ලා මේ පාර Surface Book 3 Gaming  performance එක ගැනත් focus කරලා තියෙනව. නමුත් Surface Book 3 එකට අළුත්ම GeForce RTX අළුත්ම mobile cards නෑ. ඒ කියන්නේ hardware accelerated ray tracing එහෙම නෑ. නමුත් GTX 1660Ti එක තියෙන හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. Microsoft ලා use කරනවා Windows 10 game mode එක power සහ thermals optimize කරන්න. ඒ හින්දා බොහෝ දුරට අපිට ලොකු Fan noise එකක් ඇහෙන එකක් නෑ. කොහොම නමුත් මේක නෙමේ Best Choice එක නම් Gaming Laptop එහෙකට price සහ performance බැලුවහම, තමන්ට stylus support include  වෙන  removable touchscreen එහෙක unique combination එකක් ඕනේ නැත්තම්. මොකද ඊට වඩා අඩු ගානකට Razer ලගේ Blade 15 එක RTX 2060 එකක් සහ 144Hz display එකක් එක්කම ගන්න පුළුවන් Surface Book 3 එකේ starting price එකටත් වඩා අඩු ගානකට.

ඒ වගේම මේකට 32GB දක්වා RAM එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ විතරක් නෙමේ මේකේ විශේශම දෙයක් වෙන්නෙ මේ Surface Book 3 එක Ship කරන්නෙ Microsoft ලා Ship කරලා තියෙන fastest ම SSD එකත් එක්ක : ඒ M.2 2280 එකත් එක්ක 1TB සහ 2TB වල.

Microsoft ලා තාම 15W intel processors මෙතන පාවිච්චි කරාට ( i7 - 1065G7 හරියටම කිව්වොත් ) Apple ලා ඒගොල්ලන්ගේ MacBook pro වලට 45W Chips use කරන්නෙ.

මේකේ Ports ගැන බැලුවොත් අපිට Thunderbolt 3 port එකක් නම් දකින්න හම්බ වෙන්නෙ නෑ. නමුත් මෙතන අපිට USB - A ports දෙකක්ද , USB - C port එකක් USB power delivery 3.0 එක්ක සහ Full - size UHS - I I SD card reader එකක් එක්ක Surface Connect Port එකක් මේකට තියෙනවා.

Specs in Brief

Surface Book 3 එක මේ වෙනකොට  preorder කරන්නෙ තියෙනවා $1,599 සිට ඉහලට. US සහ  Canada වලට Ship කරන්න තියෙන්නෙ May 21. අනිත් markets වලටත් roll out වෙයි ඉදිරි සති කිහිපය තුල.