Loading...
Microsoft සමාගම විසින් චීනය තුල Data centers ඉදිකිරීමට සැලසුම් කරයි

Microsoft සමාගම තම Cloud Platform එක ආසියාව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් චීනය තුල අලුත් Data Centers 4ක් ඉදිකරන්න සැලසුම් කරලා තිබෙන බව Bloomberg හී වාර්තාවක දැක්වෙනවා.

මේ වෙන විට Microsoft සමාගම තම Cloud Service එක චීනය පුරා ඉතා වේගයෙන් පුළුල් කර තිබෙන අතර චීනය තුල Microsoft Data Centers 6ක් පවතිනවා. ඔවුන්ගේ වාර්තාවකට අනුව 2023 පමණ වන විට චීනය තුල පවතින Cloud Computing Market එක ඩොලර් බිලියන 46ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව චීනය තුල තම Cloud Service එක පුළුල් කිරීම සඳහා Microsoft සමාගම දේශීය චීන සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව Bloomberg වාර්තාවල පල වෙනවා. Microsoft සමාගමේ Cloud Service Platform එකේ විශාලතම තරඟකරුවන් ලෙස Alibaba සහ Huawei සමාගම් හදුන්වා දෙන්න පුලුවන්. මේ සමාගම් දෙක දැනට චීනයේ Cloud Service ක්ෂේත්‍රයේ සිටින විශාලතම සමාගම් 2 වෙනවා.

පසුගිය මැයි මාසයේ Gartner විසින් නිකුත් කරන ලද දත්තවලින් පෙනී යන්නෙ ගෝලීය Cloud Computing Market එක 2020දී ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර laaS Market එක ඩොලර් බිලියන 64.286 ක් පමණ වන බවයි. එය 40.7% ක වර්ධනයක් ද වෙනවා.

Global Cloud Computing 3A Pattern එක ස්ථාවර වන අතර Amazon, Microsoft සහ Alibaba යන සමාගම් Cloud Rankingsවල හොඳම තිදෙනා අතරට පැමිණ තිබෙනවා. Cloud Computing ඉතාමත් හොඳ ව්‍යාපාරයක් වන අතර විශාල සමාගම්වලට වේගයෙන් මුදල් ඉපයීමටද මෙය උපකාරී වේ.

Source: Bloomberg, Gizchina