මේ මාසෙ 24 වෙනිද එහෙමත් නැත්නම් ඊයෙ දිනයෙදි Microsoft සමාගම අලුත්ම Windows 11 Announce කරා. ඉතින් මේ Windows 11 නිර්මාණය වෙන්නෙ පහසුකම් රැසක් එක්ක. උදාහරණ විදියට,
- අලුත් Start Menu එකක්
- අලුත් Taskbar එකක්
- Games සඳහා Improvements
- Widgets ඇතුලුව තවත් ගොඩක් දේවල් එක්ක තමයි Windows 11 Launch වෙන්නෙ.
ඉතින් මේ අලුත් පහසුකම් නිසාම ගොඩක් අය බලාගෙන ඉන්නෙ තමන්ගෙ PC එකට හෝ Laptop එකට Windows 11 Install කරගන්න. එ උනත් තවම Windows 11 Launch කළේ නම් නැහැ. නමුත් ඒක වදවෙන්න කාරණයක් නෙමෙයි. මොකද "Windows Insider" Twitter ගිණුම හරහා ඊයේ දිනයෙදි සනාථ කරා Windows 11 Insider Preview Build එක ලබන සතියේ නිකුත් කරන බව. නිශ්චිත දිනයක් නම් සඳහන් වෙන්නෙ නැහැ, නමුත් Windows Central වෙබ් අඩවියෙහි Senior Editor වන "Zac Bowden" තම Twitter ගිණුම හරහා කියා සිටින්නේ එය මෙම මස 28 වෙනි දින නිකුත් කරනු ඇති බවයි.
Hey #WindowsInsiders - The first Windows 11 Insider Preview build are coming next week to the Dev Channel! Check out https://t.co/v4yMEY8es0 for all the details. #Windows11 #AreYouFlightingYet ^AL
— Windows Insider (@windowsinsider) June 24, 2021
No Windows 11 preview build today. I heard it might roll out on the 28th. Fingers crossed :)
— Zac Bowden (@zacbowden) June 24, 2021
කොහොම උනත් ඔක්කොටම කළින් ඔයා Windows 11 Install කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒ සඳහා අවශ්‍ය වෙන අඩුම System Requirements තමයි මේ. ඒ වගේම ඔයාට PC Health Check App එක හරහාත් ඔයාට පුලුවන් ඔයාගෙ PC එකේ Windows 11 Run කරවන්න පුලුවන්ද කියන එක Check කරගන්න.
- A modern 1Ghz 64-bit dual-core processor
- 4GB RAM
- 64GB drive
- 9-inch display
- 1366x768 resolution
- UEFI, Secure Boot & TPM 2.0 compatible
- DirectX 12 compatible graphics / WWDM 2.x
ඉතින් මේ අවම Requirements නිකුත් කරල තියෙද්දිත් සමහර පැරණි Hardware තියෙන PC වලත් Windows 11 අත්හදා බලන්න පුලුවන් වෙන්න වැඩි ඉඩක් තියෙනව. එ වගේම 24 වෙනිදට කළින් නිකුත් වුන Insider Builds ඔයාගෙ PC එකේ අත්හදා බැලුව නම් ඉහතින් දක්වපු අවම Requirements නැතත් ඔයාගෙ PC එකේ Windows 11 Insider Preview Build එක ගැටලුවක් නැතුව Run කරගන්න පුලුවන්.
විශේෂම දේ තමයි අවශ්‍ය අඩුම Requirements නැති PC එකක Windows 11 Install කලොත් ගොඩක් වෙලාවට ගැටලු, දෝෂ වලට මුහුණ දෙන්න වෙයි. ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න.
Source: Windows Central