Microsoft සමාගම විසින් 2012 දී Windows 8 මෙහෙයුම්පද්ධතියට BSOD (Blue Screen Of Death) හෙවත් නිල් පැහැති Death Screen එකක් ඇතුලත් කරන ලදී (BSOD). පසුව, 2016 දී එම BSOD සඳහා අමතර අංගයක් ලෙස QR කේතයක්ද ඇතුලත් කරන ලදී. ඒ ආකාරයටම Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහාද නිල් පැහැති Death Screen එකක් ඇතුලත් කිරීමට Microsoft සමාගම කටයුතු කරන ලදී. මේ හරහා පරිගණක තාක්ෂණවේදීන්ට සහ පරිශීලකයන්ට පරිගණකයේ දෘඩාංග හා මතක දෝෂ පහසුවෙන් හඳුනාගැනීමට හැකිවිය.
නමුත්, අලුතින්ම ඉදිරිපත් කරන ලද Windows 11 මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතෙක් පැවති BSOD හෙවත් නිල් පසුබිම වෙනුවට කලු පසුබිමක් ඇතුලත් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇත.
Verge තාක්ෂණික පුවත්පතට අනුව, Windows 11 මෙහෙයුම් පද්ධතිය මගින් මෙතෙක් පැවති සියලුම මෙහෙයුම් පද්ධති වලට වඩා වෙනස් ආකාරයේ අත්හදාබැලීම් සිදුකිරීමට Microsoft සමාගම කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මෙම නව වෙනස්කම සිදුකර ඇත.
Source - Gadgets360