Loading...
Microsoftලාගේ පළමු Foldable Android දුරකථනය - Microsoft Surface Duo

Surface Duo සමගින් Microsoft ආයතනයත් Foldable Dual Screen දුරකථන සදහා තරගයක් ලබා දෙන්න දැන් එකතු ⁣වෙනවා. ඔවුන් කියන විදිහට Microsoftලාගේ First Android Device එක වෙන්නේ මේ Surface Duo Phone එක. ඒ වගේම මේ Surface Duo Device එක සමගින් Google Play Store හි පවතින සැම Android App එකක්ම Use කරන්න පුලුවන්.

ඒ වගේම සාමාන්‍ය Smartphone එකකින් කල හැකි Call & Sms සිට Tablet එකකින් කල හැකි සියල්ලද මේ Surface Duo මගින් ඉතා පහසුවෙන් සිදු කල හැකියි.

Official Introduction Video එක                        

BODY & DESIGN

‌මේ Device එකේ 145.2 mm දිගකින් යුතු වනවා.‌‌

හකුලා තිබෙන විට දි 93.3 mm පළලකින් ද විවෘත අවස්ථාවේදී 186.9 mm පළලකින් ද යුතු වනවා.‌‌හකුලා ඇති විට 9.9 mm ඝනකමකින් ද විවෘත අවස්ථාවේ දි 4.8 mm ඝණකමකින් යුතු වනවා.‌‌ මෙය 250g බරකින් යුක්තයි.‌‌ ඒ වගේම USB-C® 3.1 Port එකකින් සමන්විත වෙනවා.‌‌

මෙය අපිට මිලදි ගන්න පුලුවන් වෙන්නේ නම් Glacier කියන Colour එකෙන් විතරයි.

DISPLAY

‌මේ Device එක සදහා භාවිතා කර තිබෙන්නේ PixelSense™ AMOLED Display දෙකක්.‌‌ ඒ ව⁣ගේම Corning Gorilla® Glass 5 Display Protection එකක්ද ලබා දිලා තියෙනවා.

මෙය හකුලා ඇති විටදි Single PixelSense™ අගල් 5.6ක Display එකක් ද විවෘත ව ඇති විටදි Dual PixelSense™ අගල් 8.1ක සම්පුර්ණ Display Size එකකින් සමන්විත වෙනවා.

හැකුලු අවස්ථාවේ දි 1800×1350 Resolution එකක් හා විවෘත අවස්ථාවේ 2700x1800 Resolution එකක් ලබා දිමට මේ Displayවලට හැකියාව තිබෙනවා.

ඒ වගේම මේ සැම විටම මෙහි PPI අගය ව⁣න්නේ 401 ක්.

PLATFORM

මෙය Qualcomm® Snapdragon™ 855 Processor එකකින් බල ගැන්වෙන අතර DRAM හා UFS 3.0 Storage එක මගින් අපි⁣⁣ට Smooth User experience එකක් ලබා දිමට සමත් වෙනවා.

මේකත් එක්ක එන Microsoft Built-in Applications වෙන්නේ;‌‌

  • Microsoft Office (Word, Excel, PowerPoint, Office Lens, PDF Reader, and more)
  • Microsoft Outlook
  • Microsoft Teams
  • Microsoft OneDrive‌
  • Microsoft Edge‌
  • Microsoft OneNote
  • Microsoft To Do
  • Microsoft News‌‌
  • Microsoft Authenticator‌‌
  • Microsoft Bing Search
  • Intune Company Portal‌‌
  • LinkedIn
  • Microsoft Solitaire Collection‌‌
  • Surface Audio

අනිත් preinstalled apps වෙන්නේ;‌‌

  • Google Search‌‌
  • Google Assistant‌‌
  • Google Calendar‌‌
  • Google Drive‌‌
  • Google Duo
  • Google Photos‌‌
  • Google Play Movies & TV
  • Google Play Store
  • Google Maps‌‌
  • Chrome‌‌
  • Gmail‌‌
  • YouTube‌‌
  • YouTube Music‌‌
  • Contacts
  • Messages
  • Phone
  • Files‌‌
  • Clock‌‌
  • Calculator‌‌
  • Sound recorder

Android™ 10 සංසරණය මත පදනම් වු OS එකකින් තමා මේ Device එක ක්‍රියාකරන්නේ

MEMORY

Surface Duo Device එක 6GB RAM එකක් සහිතව වෙළදපොලට පැමිණෙන අතර 128GB හෝ 256GB Internal Storageවලින් මිලදි ගැනිමට හැකියි.

CAMERA (Single Lens)

මෙහි Front & Rear Camera විදිහට එකම Camera එකක් Use වෙන්නේ.

මේ සදහා මොවුන් 11MP f/2.0 අගයක් සහිත අංශක 84° ක Wide lens එකක් භාවිත කර තිබෙනවා.‌‌ ඒ වගේම මෙයට AI තාක්ෂණයත් ඇතුලත් කර තිබෙනවා.

මේ Lens එක Auto Mode එකකින් යුතු වන අතර සාමාන්‍ය මට්ටමේ Low Light Performance එකක් බලාපොරොත්තු විය හැකියි. මිට අමතරව HDR Multi-frame Photo Capture කිරිමේ හැකියාව ද Dynamic Range Scene Detection කිරිමේ හැකියාව පවතිනවා.‌‌ ඒ වගේම 7X දක්වා Super zoom පහසුකමින් සමන්විත වෙනවා.‌‌ මේ Single Lens එක මගින්ද හොද Portrait Photo එකක් ගැනිමේ හැකියාව ලබා දිලා තියෙනවා.‌‌

සාමාන්‍ය Smartphone Cameraවක් ඇති අනිත් සියලු Featuresවලින් මෙම Cameraව සමන්විත වෙනවා.

30 & 60 fps Formatවලින් 1080p Video Recoding කිරිම වගේම 30 & 60 fps Formatවලින් 4K video Recoding කිරිමේ හැකියාවත් ලබා දිලා තියෙනවා.

ඒ වගේම Video Stabilization සදහා Gyro-based Digital Video Stabilization එකකින් සමන්විත වෙනවා.

SOUND

Dual Mono Speaker & Dual Mic setup එකකින් සමන්විත වන අතර Noise suppression & Echo cancellation පහසුකම්වලින් Mic සමන්විත වෙනවා.

BATTERY

3577 mAh Non-Removable Dual Battery එකකින් සමන්විත යන අතර 18W fast Charging USB Type C Charger එකක් ලබා දිලා තියෙනවා.

ඔවුන් සදහන් කරන විදිහට දින 10ක Standby Time එකක් ද පැය 15.5 Video Playback Time එකක් ද පැය 27 Talk Time එකක් ද මේ Battery එක මගින් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

FEATURES

මෙහි Side Mounted Fingerprint Reader එකක් ඇතුලත් කරලා තියෙනවා.‌‌

ඒ වගේම Bluetooth® 5.0 සහය දක්වනවා.

Dual SIM විදිහට පාවිච්චි කරන්න පුලුවන් අතරම මෙහි එක SIM එකක් eSIM එකක් වනවා.

මෙහි ඇතුලත් Sensors විදිහට

  • Dual Accelerometer
  • Dual Gyroscope
  • Dual Magnetometer
  • Dual Ambient Light Sensor
  • Proximity Sensor
  • Hall Sensor
  • Fingerprint Sensor

හදුන්වන්න පුලුවන්.

ඒ වගේම මේ Surface Duo එකට Surface Slim Pen, Surface Pen හා Surface Hub 2 Pen Support කරනවා.‌‌ එමෙන්ම Simultaneous Pen හා touch are support කරනවා.

මෙය $1399.99 සිට ඉහලට මිලදි ගන්න පුලුවන්.