Loading...
දියමන්ති සොරුන් සොයා ගැනිම සදහා 1954​දී පතල් වල X කිරණ භාවිතා කල අතීත​ය

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු අප්‍රිකාවේ De Beer දියමන්ති පතලේ දියමන්ති කැණිමේ නිරතවන සේවකයින් පතලෙන් පිටවිමට පෙර X - කිරණ සදහා නිරාවරණය වන ආකාරයයි. එහි දැක්වෙන ආකාරයට මෙය විකිරණ තාක්ෂණික ශිල්පීයෙකු විසින් සේවකයින්ගේ අමාශයේ දියමන්ති ඇත්දැයි දැනගැනිම සදහා සිදු කර තිබෙනවා (Kimberley, South Africa, October 1954).

De Beer mine workers are X-rayed at the end of every shift before leaving the diamond mines, Kimberley, South Africa, October 1954.

සෑම දිනකම සේවා මුරය අවසන් වු පසු මෙලෙස X - කිරණවලට සේවකයින්ව නිරාවරණය කර මෙලෙස දියමන්ති ඇතිදැයි සොයා බැලිම සිදු කරන අතර මෙය සමහර සේවකය​න් විසින් දියමන්ති පිටතට රැගෙන යාමට උත්සාහ දැරිම නිසා සිදු කර තිබෙනවා.

Botswana ප්‍රදේශයේ පිහිටි පතලක තොරතුරුවලට අනුව 36% ක් පමණ සේවකයින් ඔවුන්ගේ ගුධමාර්ගය තුළද, 30%ක් පමණ තට්ටම් අතරද, 14% පමණ මේස් සහ හිසකෙස් අතරද, 5%ක් පමණ මුඛයේද, 2%ක් පමණ වෘෂණ කොෂ යටද, 2%ක් පමණ යට ඇදුම් අතර ද සහ 10%ක් පමණ ඔවුන්ගේ ඇදුම් තුළද සගවා ගනිමින් දියමන්ති රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.

මෙලෙස X - කිරණ ඔස්සේ ශරිරය තුළ පවතින දියමන්ති ⁣සොයා ගැනිමට භාවිත කරන ක්‍රමය Fluoroscopy ලෙසින් හදුන්වනු ලබනවා. මෙහිදි භාවිත කර තිබෙන්නේ Direct Fluoroscopy ක්‍රමයයි.

Fluoroscopy පිළිබඳ යමක්

වර්තමානයේ වන විට රෝග විනිශ්චය සදහා බහුලවම යොදා ගැනෙන මෙහිදි සිදු වන්නේ ශරිර අභ්‍යන්තරයේ ඇති චලනය වන අවයව නීරික්ෂණය කිරිම සදහා විකිරණ යොදා ගැනිමයි. මෙහිදි X කිරණ ප්‍රභවය ලෙස X-Ray Tube එකක් යොදා ගනු ලබන අතර එය මගින් X කිරණ මේ සදහා යොදා ගනු ලබනවා.

මෙහිදි X කිරණ ප්‍රභවයක් සහ අතින් අල්ලාගෙන සිටින fluorescent තිරයක් භාවිත වන අතර X කිරණ ප්‍රභවය සහ fluorescent තිරය අතර සේවකයා පිහිටුවිමෙන් මෙම fluorescent තිරය ඔස්සේ ඔහුගේ ශරිර අභ්‍යන්තරයේ දියමන්ති තිබේ දැයි නීරික්ෂණය කරනු ලබනවා. කෙසේ වෙතත් මෙහිදී විකිරණවලන් ආරක්ෂා විමට කිසිදු ආරක්ෂිත උපක්‍රමයක් සේවකයාට හෝ විකිරණ ශිල්පීයාට තිබි නැති ආකාරය ඡායාරූපය මගින් දැක ගන්න පුලුවන්.

අතීතයේදී මෙය Direct Fluoroscopy ලෙසින් වෛද්‍ය විද්‍යාවේදි යොදා ගැනුණත් එහි මතුවු අවධානම ( අධික X - කිරණ ප්‍රමාණයකට පරික්ෂකයට ලක් වන පුද්ගලයා සහ විකිරණ ශිල්පියා නිරාවරණය වන නිසා ඇති වන පිළිකා අවධානම ) නිසා එය භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුවත් සමග මෙම Direct Fluoroscopy ක්‍රමය වැඩි දියුණු කර මේ වෙන විට වෛද්‍ය විද්‍යාවේදී සක්‍රීයව භාවිතය සිදු වනවා.

Sources: rarehistoricalphotos.com