Loading...
Xiaomi වල අළුත්ම MIUI 12 Update එකෙන් එන සුපිරිම වැඩ කිඩ ටික3

දැනට දින කීපයකට කලින් Xiaomi සමාගම නිළ වශයෙන් මෙයාලගෙ Custom Android Skin එක වෙන අපි කවුරුත් දන්න MIUI වල 12 වෙනි සංස්කරණය නිකුත් කලා. ඒ China වල තිබ්බ Mi 10 Youth Edition කියන දුරකථනය නිකුත් කරපු Event එකේදී. මේ එක්කම ඔයාලට දැං පුළුවන් China වලට නිකුත් කරපු MIUI 12 එක Beta Version එක විදිහට Download කරගෙන අත්හදා බලන්න. කොහොම උනත් තාම නිළ වශයෙන් සියළුම දුරකථන වලට මේක එවල නෑ ඒක නිසා හැමෝටම දැන්ම නම් මේකට Upgrade කරගන්න බැරිවෙයි.

ඔයාල දන්නවා Xiaomi MIUI කිව්වම ඒක සාමාන්‍ය අපි දකින Android OS එක වගේ නෙමෙයි, ඒක ලඟින් වත් යන එකක් නෙමෙයි මේ කියලා. මොකද මේ SKIN එක මෙයාලා හදන්නේ Originally Google ලා Release කරන Android OS එකට වඩා හාත්පසින්ම ගොඩක් වෙනස් වෙන්න. සමහර වෙලාවට Stock Android වලට වඩා අළුතින් වෙනස් ම දේවල් මේකෙ තියෙනව Xiaomi Company එකට ආවේනිකවම. MIUI 12 දීත් කලින් වගේම ගොඩක් Useful නව අංග ගොඩක් එකතු කරන්න Xiaomi සමාගම සමත් වෙලා තියෙනවා.

අපි දැං බලමු මේ අළුත්ම MIUI 12 වල ගොඩක්ම Highlight උන වැදගත්ම අංඟ ටික මොනවද බලන්න.

New Animations and Fonts:

Android OS එක පාදක කරන් UI හදන මොන Manufacturer උනත් හැම පාරම වගේ කරන දෙයක් තමයි එයාලගෙ අළුත් UI එක Realese කරනකොට අළුත් ම ICONS ටිකකුත් දෙන එක. MIUI 12 සංස්කරණයේදී ත් ඒක එහෙම තමයි, හැබැයි මේකෙදි අළුත් ICONS ටිකක් වගේම තවත් පොඩි වෙනසක් බලාගන්න පුළුවන්.

ඒ තමයි මේකෙ තියෙන ඕනම System App එකක් Launch කරලා ආය Minimize එහෙමත් නැත්නම් Home එකට Gesture එකෙන් Swipe කරහම ඒ Open කරපු App එක හැකිලිලා ඒ App එක තියෙන ICON එකට යනවත් එක්කම ඒ App එකේ ICON එකෙත් Open, Close වෙන පොඩි Animation එකක් තියෙනවා.

MIUI 11 සාපේක්ෂව මේ පාර 12 එකේ Default එන Font එකෙත් අපිට වෙනසක් බලාගන්න පුළුවන් වෙනවා. අරකට සාපේක්ෂව මේ Font එක ටිකක් "Bold" ගතියක් බලාගන්න පුළුවන්.

MIUI 11 Font (Left) - MIUI 12 Font (Right)

Dark Mode 2.0:

සාමාන්‍යෙන් අපි දැක්ක System Apps වලට හෝ Dark Mode එක Available Apps වලට විතරක් Limit උන Dark Mode එක නෙමෙයි මේ. කලින්ට වඩා Improvement එකක් තියෙනවා මේකෙ. හරියටම කිව්වොත් මේක Forced Dark Mode එකක්. ඒ කිව්වෙ සාමාන්‍යෙන් අපි අද ගත්තොත් සමහර Apps වල තාම හරියට Dark Mode Support කරන්නෙ නෑ. ඒත් මේ Dark Mode 2.0 නිසා MIUI 12 පරිශීලකයින්ට Dark Mode නැති Apps වලටත් System එකෙන්ම Generate කරලා Colors Invert කරල Dark Mode එකක් අරන් දෙනවා.

MIUI 12 Dark Mode 2.0 in WhatsApp (Left) - WhatsApp Default Dark Theme (Right)

ඉහත සඳහන් වෙන්නේ WhatsApp Application එකට Default එන Dark Theme එක සහ ඒක සාමාන්‍ය විදිහට භාවිතා කරනකොට MIUI 12 හී Dark Mode 2.0 න් අපිට සාදා දෙන Dark Theme එකයි.

තවද, මෙම Dark Mode 2.0 වලදී Wallpaper Dimming කියන අංඟයත් Xiaomi දුරකථන වලට එනවා. ඒකෙදි වෙන්නේ අවශ්‍ය විදිහට දවල් සහ රෑ, වෙලාව අනුව Wallpaper එක Adjust කරලා හදල දෙන එක. ඒ සමගම Dark Mode එක Enable කරන් තියාගත්තම තියෙන පරිසර තත්වය අනුව ඉබේම Fonts වල Weight එක Boldness එක Contrast වගේ දේවල් සැකසිලා පරිසරයට අනුකූලව භාවිත කරන කෙනාට අපහසුතාවයක් නොදැනෙන්න System එක විසින්ම හදා ගන්නත් මේකට පුළුවන්.

Super Wallpapers:

කෙටියෙන්ම කිව්වොත් මේකත් Live Wallpaper වගේ තමා හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මේකට එයාලා Super Wallpapers කියලා කියන්නේ. දැනට මේ වගේ Wallpapers තියෙන්නෙ නම් 2යි. හැබැයි මේ Super Wallpapers අනිත් සාමාන්‍ය Live Wallpapers වලට වඩා සුවිශේෂියි. මොකද මේවා ගොඩක් User ගේ Activity එක අනුව Response කරන්නේ.

දැනට තියෙන Wallpapers දෙක ගැන කිව්වොත් ඒ දෙක පෘථිවියෙ යි අඟහරු වලයි NASA ආයතනයෙන් ඇත්තටම ගත්ත Images අරන් 3D Models හදල තමයි මේ Wallpapers දෙකම නිර්මාණය වෙලා තියෙන්නෙ. ඊටත් වඩා හොඳම කාරණාව, අපි සාමාන්‍යෙන් Day Mode එක, Night Mode එක අතර මාරුවෙනකොට මේ Wallpapers නුත් ඒ Condition එක අනුව ඒ ලෝක වලට උදේ, රෑ විදිහට මාරු කරනවා. තව මේක Ambient Display වලදී Full Zoom Out වෙලා පොඩියට ලස්සනට පෙනිලා Lock Screen එකට දැම්මොත් ලඟටම ඇවිල්ලා, Unlock කරහම තවත් අපිව ඇතුලටම එක්කන් යනව වගේ Feeling එකක් දෙන්න එයාලා ලස්සනට මේ වැඩේ කරල තියෙනවා.

New Control Center:

මේ කතා කරපු දේවල් වලින් තවත් කැපිල පේන සහ බොහෝ දෙනෙක් MIUI 12 Update එකේදි වැඩියෙන්ම කතා බහ කරපු, ගොඩක් අය එක එක දේවල් කියපු අනිත් සුපිරිම විශේෂාංගය තමා Xiaomi ලගෙ අළුත්ම Control Center එක. සාම්ප්‍රධායික Android Notification Bar + Toggles එක නැත්නම් Steps දෙකකට පල්ලෙහට එන Bar එකෙන් කරපු වැඩ ටික ඒ Steps දෙක තැන් 2ට දාල තියෙනවා මේ Update එකේදි.

ඔයාල දැනටමත් දන්නවනේ Apple iOS වල තියෙන විදිහ. වම් කොනෙන් පල්ලෙහට ඇද්දොත් Notifications ඔක්කොම Collapse වෙලා ලස්සනට එක එක පල්ලෙහට එනවා App by App, දකුණේ කොනෙන් ඇද්දොත් වෙනමම Control Center එක එනවා ඔයාට ඕන WIFI, Bluetooth, Bightness, Volume Manager අනං මනං හැම එකම Control කරන්න. වෙනසක් නැහැ Xiaomi ලත් මේ දේම 100% එහෙමම වෙනසක් නැතුව දීල තියෙනවා. කොටින්ම කිව්වොත් Colors, Icons පවා එකම විදිහට එකම Animation එකෙන්, වචනෙන් ම කිව්වොත් iOS Copy එකක් විදිහට දීල තියෙනවා.

හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ මේ Control Center Menu එක Fully Customizable සහා පල්ලෙහට ගොඩක් දේවල් Add කරගන්නත් පුළුවන්.

MIUI 12 Disable the Control Center (Left) - Showing Normal Notification+Control Center (Right)

ඒත් සමහරු කැමති නෑනේ Android එකක් අරන් ඒකත් iOS වගේම තියෙනවට. ඉතිං හිතන්න පුළුවන් "අපරාදෙ තිබ්බ විදිහ හොඳයි නේ" කියල. ඒ නිසාම තමයි Xiaomi ලා ඒක නැවත Classic Mode එකට ගන්නත් Option එකක් දීල තියෙන්නේ. ඉතිං ඔයාල ආස නැත්නම් අර iOS Style Control Center එකට. Home Launcher එකේ Settings වලින් ඔයාලට ඒක Disable කරලා සාමාන්‍ය සුපුරුදු විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

මේක නම් Xiaomi ලා දෙන්න කලින් Google එකෙන් ම සහ OnePlus එකෙනුත් කලින් දීලා තිබුනා. ඇත්තටම මේ Gesture System එක වැඩ කරන්නෙත් iOS වල වගේම තමයි. පල්ලෙහා Bar එකක් තියෙනවා (අවශ්‍ය නම් ඒක නැති කරගන්නත් පුලුවන්) එතනින් අල්ලලා එක පාරක් උඩට Swipe කලාම ඕනම App එකක ඕනම තැනක ඉඳන් Home Screen එකට එනවා, පල්ලෙහයින් අල්ලලා තප්පර කීපයක් උඩට අල්ලන් ඉඳියම Multitansking, Recent Apps Menu එකට යනවා. හැබැයි iOS වල නැහැ ඕනම App එකක ඉඳන් ලේසියෙන්ම කලින් Page එකට Back වෙන්න පුළුවන් එකක්. ඉතිං අන්න ඒකට Android වලින් Originally ම එනවා Display එකේ දෙපැත්තේ කොන් දෙකේ ඕනම කොනකින් අල්ලලා පැත්තට Swipe කලාම Back වෙන්න. ඒ විදිහට තමයි මේකෙත් තියෙන්නේ.

ඔයාලට බලාගන්න පුලුවන් හැබැයි Google Original එන එකේ යට ඒ තියෙන Bar එක මීට වඩා දිගින් අඩුයි සහ මහතින් ගොඩක් අඩුයි ඒක ඇත්තටම තියෙනව කියල ලොකුවට පේන්නෙත් නැති තරම්. ඒත් MIUI12 එනකොට එයාලා iOS වල වගේම මහතට, දිගට ඒකම අරන් දාල තියෙනවා වගෙත් අපිට බලාගන්න පුළුවන්.

Sensory Visual Design:

වෙනදට ත් වඩා පිලිවෙලට ලස්සනට ඒ වගේම ගොඩක් පැහැදිලිව වෙන් වෙන් වශයෙන් Colors දාලා ලස්සනට System Information, Status පෙන්නන්න Xiaomi ල කරපු ලස්සනම වැඩකෑල්ල තමා මේ.

Sensory Visual Design MIUI 12

ඇත්තටම මේක නම් මාරම ලස්සනට Xiaomi ලා හදල තියෙනවා. මොකද ඔයා Settings වලට ගිහිල්ලා Storage Availability එක වගේ බැලුවොත් බලාගන්න පුලුවන් වෙනවා  Graphs, Visual Diagrams වලට දාලා ඒවා Animate කරලා User ට ඉතාමත් පහසුවෙන් ලස්සනට තේරුම් ගන්න හදල තියෙනවා.

Floating Windows:

ඔයාල මීට කලින් දැකල ඇති Samsung ෆෝන් වල විශේෂයෙන්ම එයාලගෙ OneUi එකේ මේ Multi-Window Option එක Desktop PC එකක වගේ තියෙන. ඉතිං ඒ දේම තමයි මේකෙත් තියෙන්න්නේ. අපිට සාමාන්‍යෙන් වෙන App එකක් Open අරන් ඒක උඩින් තව WhatsApp වගේ එකකුත් මේ Window එකකින් Float වෙන්න දාගෙන වැඩ දෙක තුනම එක පාර RAM එකේ තියාගෙන කරන්න පුළුවන්.

හැබැයි මේ MIUI12 වල Floating Windows පහසුකමෙන් ඔයාලට පුළුවන් ඔයාල Open කරගත්ත App Window එකේ Size එක වෙනස් කරගන්න එක කොනකින් ඇදලා, ඒ වගේම පල්ලෙහටම ඇද්දම මේ App එක Full Screen වලට එන්නත් හදල තියෙනවා හරියට අපි Windows 10 වල Window එකක උඩින් අල්ලලා Desktop එකේ ඇදල දැම්මම Maximize වෙනවා වගේ.

Enhanced Privacy:

කලින්ට වඩා තව ටිකක් වැඩියෙන් Privacy ගැන Xiaomi ලා හිතලා තියෙනවා මේ පාර. ඔයාට පුළුවන් දැං ඔයා භාවිතා කරන Apps වලට Permission දෙන්න ඒ App එක භාවිතයේදි තියෙන වෙලේ විතරක් ම, ඒ කියන්නෙ ඔයා App එක Close කලොත්, Process එකෙන් අයින් කලොත් App එකට තව දුරටත් ඔයාගේ Device එකේ Functions වලට Access නෑ.

MIUI 12 Privacy Features

තව, ඔයාට පුළුවන් Settings වලට ගිහින් බලන්න Apps මොන මොන වෙලාවන් වලද Device එකේ Permissions පාවිච්චි කරලා වැඩ කලේ කියන එක Activity Log එකක් විදිහට. සහ නිතරම Apps භාවිත කරද්දී Reminder එකක් පෙන්නනවා ඔයාගේ Sensitive Information මේ Apps භාවිත කරනවනම් උදාහරණයක් විදිහට: Location, Contacts වගේ.

MIUI 12 App Permission Log & Mask Protection

මෙයාලා Mask System කියලා අළුත් අංගයකුත් එකතු කරල තියෙනවා Users ලගේ Privacy එක තව දුරටත් ආරක්ෂා කරන්න.මේකෙදි වෙන්නේ Access ඉල්ලනකොට Mask Protection එක On කලොත් ඒ App එකට ඔයාගේ ෆෝන් එකේ Massages, Contact List, Call Log වගේ අතිශයම පෞද්ගලික දත්ත ටික ලබා නොදී ඒ වෙනුවට ඒවා Blank එකක් එහෙම නැත්නම් කිසිවක් නොමැති සේ පෙන්වීම.

MIUI 12 Final Thought:

මේ ඔක්කොම බැලුවහම අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම MIUI 12 කියන්නේ හොඳ Improvement එකක්. සමහර දේවල් බැලූ බැල්මට වෙන අයගෙන් අරගෙන හදල තියෙනවා උනත්, Overall MIUI භාවිතා කරන අයට නම් මේක සෑහෙන්න Fresh Update එකක් වෙනවා.

කොහොම නමුත් තාම මේ Beta සංස්කරණ China වලට විතරයි නිකුත් කරල තියෙන්නේ. ඒ නිසා යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන් ඉස්සරහදී. Xiaomi ලා කියන විදිහට MIUI12 Update එක Globally මුලින්ම එවන්න පටන් ගන්නේ 2020, June මාසේ ඉඳල තමයි.

ඒත් එක්කම MIUI12 Update කරහැකි Xiaomi දුරකථන කීපයක් නම් කරලා තියෙනවා Updates එන අනුපිලිවෙල අනුව.

Updates මුලින්ම එන පලමුවන කාණ්ඩ ය:

Xiaomi Mi 10 Pro
Xiaomi Mi 10
Xiaomi Mi 10 Youth Edition
Xiaomi Mi 9 Pro
Xiaomi Mi 9
Xiaomi Mi 9 Explorer Edition
Redmi K30 Pro
Redmi K30
Redmi K30 Pro Zoom Edition
Redmi K20 Pro
Redmi K20

දෙවනියට දෙන්න හදන්නේ:

Xiaomi Mi Mix 3
Xiaomi Mi Mix 2S
Xiaomi Mi 8
Xiaomi Mi 8 Explorer Edition
Xiaomi Mi 9 SE
Redmi Note 8 Pro
Redmi Note 7, 7 Pro
Mi CC9, CC9 Pro

තුන් වෙනියට දෙන්නේ:

Mi Mix 2
Xiaomi Mi Note 3
Xiaomi Mi Max 3
Xiaomi Mi 8 SE
Xiaomi Mi 8 Youth Edition
Xiaomi Mi Mix 2
Redmi Note 8
Redmi 6, 6A, 6 Pro
Redmi 8, 8A
Redmi 7, 7A
Redmi Note 5
Mi CC9e

ඔයාලත් Beta Update එක Install කරන්න හිතාන් ඉන්නවනම් අනිවාරෙන් මතකේ තියාගන්න මේක තාම China වලට විතරයි දීල තියෙන්නේ, ඒ වගේම මේක තාම ගොඩක් Devices වලට Unstable. අවසාන වශයෙන්, Official Update එක එනකන් ඉන්න පුළුවන්නම් වඩාත් සුදුසුයි කියලා අපි යෝජනා කරනවා.