Loading...
Google බලවතාගේ සේවය කරන බලවත්ම බවලත්තු සිව්දෙනෙක් ගැන දැනගනිමු

තාක්ෂණික ලෝකය ගැන අපි කතාකලොත් අද වෙනකොට ලෝකයේ සෑම රටකම පාහේ කාන්තාවන් අද වෙද්දී තාක්ෂණික ලෝකයේ ඉහලට එන්නට පටන් අරන් තිබෙනවා. බොහොම මෑතකදී technology නිසා ලංකාව තුල YouTube තුලින් ඉදිරියට ආපු කෙනෙක් තමයි Techy Cony. මේ වගේ පසුගිය කාලයේදී තාක්ෂණික ලෝකයේ බලවත් වුනු කාන්තා චරිත කිහිපයක් ගැන ලිපියක් ලියන්න කල්පනා කළා මම.

Ivy Ross – Vice President of Design, UX, and Research for Hardware

Ivy Ross, Google සමඟ එකතු වෙන්නේ 2014 වසරේදී. ඇය පැමිණි ගමන්ම ඇයගේ කර මත පැටවුණු වගකීම වුනේ, Google Glass. “She is trained to be sensitive to getting technology out of the way, using technology, rather than thinking technology is a natural benefit in and of itself,” මේ විදිහට Ivy ව වර්ණනා කරන්නේ Google moonshot factory X වල head විදිහට වැඩ කරන Astro Teller විසින්.

ඇත්තටම මේ කියුම් අතිශයෝක්තියක් නොවෙන්නේ ඇයි කියලා මම ඔබට කියන්නම්. Google Glass project එකට ඇය දැක්වූ අසීමිත කැපකිරීම් නිසා 2016 වසරේදී design efforts for all of Google’s hardware products වල head විදිහට පත් කරනු ලබනවා. අප දන්නා කියන Pixel smartphone, Pixel Slate, Google Home, Google WIFI වගේ Made by Google products ගණනාවක් එකතු වෙන්නේ මැයගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ.

Bonita Stewart – Vice President of Global Partnerships

Benita Google සමඟ එකතු වෙන්නේ 2006 වසරේදී. Company එකේ global partnership team එක වෙනුවෙන් වැඩ කරපු ඇය, ඇමරිකාවේ Search, Mobile Apps, News සම්බන්ධව කටයුතු කළේ ඇය විසින්. ඇයගේ විශිෂ්ඨ නායකත්ව හා කළමනාකාරීත්ව ගුණාංග නිසා Advertising Age 2011 හි Woman to Watch ලෙසත්, Ebony 2012දී Power 100 අතරටත්, Crain’s NYC මඟින් 2017දී Most Powerful Women ලෙසත් ඇයව නම් කෙරුණා. මේ වන විට Deckers හි හා Pluralsight ආයතනයේ අධ්‍යක්ෂක තනතුරක් හොබවන ඇය අප දෙවෙනියට නම් කරන බලවත් බවලතිය වෙනවා.

Jen Fitzpatrick – Senior Vice President, Geo/Google Maps

අපි කලින් කතා කරපු චරිත එක්ක බලද්දී මැය තරමක් සුවිශේෂී වෙනවා. මේකට හේතුව වෙන්නේ Jen, Google සමඟ එකතු වෙන්නේ 1999 වසරේදී, Google පළමු intern program එකේ සාමාජිකාවක් විදිහට. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇය, Google ආයතනයේ මුල්ම ඉන්ජිනේරුවරියන් කිහිප දෙනාගෙන් එක් අයෙක් වෙනවා. “My parents thought I was crazy taking a job at this tiny little startup that no one had ever heard of,”  2018 වසරේදී මැය පවසන්නේ 1999 වසරේ එය පවතී තත්වය පිළිබඳවයි.

ඇයගේ මේ වසර 20ක් පුරාවටම Search, AdWords, News and Shopping වගේ teams ගණනාවක් එක්ක වැඩ කරලා ඉතාම පරිනත වුනු කාන්තාවක් ඇය. 2014 වසරේදී තමයි ඇය Geo හි Vice President විදිහට පත්වෙන්නේ. මේ නිසා Google Maps හා Local Teams අංශ දෙකම මැයගේ යටතට පැවරෙනවා.

Sissie Hsiao — Vice President of Product, Mobile App Advertising

ඔබ Google Admob ගැන අහලා තියෙනවනම්, එහි මුලිකත්වය හොබවන්නේ ඇය විසින්. මැය Google ආයතනයට එකතු වෙන්නේ 2007 වසරේදී. ඒ වසර 7ක් පුරාවට Microsoft ආයතනයේ සේවය කිරීමෙන් අනතුරුව. by “enabling developers to find great users by advertising their apps” and by “building healthy and sustainable app businesses by enabling developers to monetize their apps through advertising.” advertising එහෙමත් නැත්නම් වෙළඳ දැන්වීමකට වඩා යමක් තමන්ගේ පාරිභෝගිකයාට ලබාදීමයි ඇයගේ සාර්ථකත්වයේ රහස.

කෙනෙක් හිතනවානම් තමන් කෙල්ලෙක් වීම නිසා IT වගේ ක්ෂේත්‍රයක ඉදිරියට පැවැත්මක් තියාගන්න අමාරුයි කියලා, නැවත වරක් මේ ලිපිය කියවන්න. මේ සියලු දෙනාත් සැහෙන ලොකු කැපකිරීම් එක්ක මේ තැන් වල සිටින්නේ.