මුලින්ම ආවේ බිත්තරේද කිකිළිද/කුකුළාද. මේ පැරණි ප්‍රෙහේලිකාව යුග ගණනාවක් තිස්සේ බොහෝ තර්ක විතර්ක වලට තුඩු දී තියෙනවා. මෙය යම්තාක් දුරකට ඔලුව විකාර වෙන ප්‍රශ්නයක්. බිත්තරය දාන්න නම් කිකිළියෙකු අවශ්‍ය වේ. ඒත් කිකිළි ඉපදෙන්නේ බිත්තරේකිනි. පැහැදිලි ආරම්භක ලක්ෂ්‍යයක් නැති loop එකක මේ ප්‍රශ්නයට විසදුම අපිව හිර කරනවා.
නමුත් වර්තමානය වෙනකොට අපිට තවත් මේ ගැන සිත සිත වද වෙන්න අවශ්‍යතාවයක් නම් නෑ. වර්තමානයේදී විද්‍යාවේ දියුණුවත් සමඟම පරිණාමීය ජීව විද්‍යාවේ මූලධර්ම සමඟින් අපිට මේ අවුල ලිහාගන්න හැකියාව ලැබෙනවා. විද්‍යාව සහ වෙනත් කාරණා ඉස්මතුවී ඇති මෙම සමය තුළ අප ගෙන එන මෙම ලිපිය සාක්ෂි මත පදනම්ව හුදෙක් ඔබගේ දැනුම යාවත්කාලීන කිරීමට පමණක් යොදාගන්නා ලෙසත් මේ හරහා අනිසි තැති ගැන්මක් විද්‍යාව සම්බන්ධයෙන් ඇතිකර නොගන්නා ලෙසත් Android වැඩකාරයෝ අප පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
බිත්තරයේ ඉතිහාසය පිළිබඳව.
බිත්තරය කියන්නේ සත්ව රාජධානියේදී දක්නට ලැබෙන දෙයකි. බිත්තරයක් කියන්නේ හුදෙක් කළලයකට නොනැසී පැවතෙමින් තනිවම වර්ධනය විය හැකි ආකාරයට කළලය සුරැකිව තබා ගැනීමට ඇති දෙයකි.
නමුත් අපි දන්නා කුරුල්ලන්ගේ බිත්තර වර්ගය ගැන සිතා බලමු. මේවා මුලින්ම දක්නට ලැබුණේ වසර මිලියන ගණනකට පෙර පළමු ඇම්නියෝට පරිණාමය වූ විටය. සත්ත්ව ලෝකය පිළිබඳව අධ්‍යනයේ දී ඔවුන් මුලින්ම ප්‍රජනනය ජලය ආශ්‍රය කරගනිමින් සිදුකළ අතර බිත්තර දැමීම සඳහාත් ජලය හෝ ඒ ආශ්‍රිත තෙතමනය සහිත පරිසරයක් තෝරා ගැනීම සිදුවිය.
කාලයත් සමග මෙම බිත්තර වල සිදුවූ පරිණාමයන් නිසා පොදුවේ ගත් විට පහත දිස්වන ආකාරයට පටල ව්‍යුහයන් සහිත බිත්තර ඇති වීම සිදුවිය.
මේ ව්‍යුහය සලකන විට මෙහි තිබෙන Chorion, Amnion සහ Allantois යන පටල තුන හරහාම විවිධ ආකාරයේ වූ කාර්යයන් සිදුවෙනවා. උදාහරණයක් ලෙස කළලයට අවශ්‍ය කරන පෝෂ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම, අපද්‍රව්‍ය ගබඩා කිරීම වගේම ශ්වසනය නැතිනම් හුස්ම ගැනීමට අවශ්‍ය වාතාවරණය සැලසීම වැනි කරුණු මෙම පටල මගින් සිදුකරනු ලබනවා. පිටතින් තීයෙන කවචය මගින් කළලය වෙතට අමතර ආරක්ෂාවක් සපයන්නටත් සැකසී තිබෙනවා.
බොහෝ කාලයක් ජීවීන් ප්‍රජනනයෙන් පසුව බිත්තර දැමීම සඳහා ජලය හෝ තෙතමනය සහිත පරිසරයක් යොදාගත් නමුත් පසුව ජීවීන් බිත්තර දැමීම සඳහා ගොඩබිම පරිසරය වෙතට අනුවර්තනය වීම සිදුවුණා. නමුත් මේ සිදුවීම සිදුවූ කාල වකවානුව නිශ්චිතවම සඳහන් කිරීමට තරමක් අපහසු කරුණක්. එයට හේතුව වන්නේ Amniotic බිත්තර පටල මගින් පොසිල නිපදවීමක් සිදුනොවන හේතුව නිසාවෙනි. Amniote විශේෂය සලකන විට මීට වසර මිලියන 312කට පමණ ඉහත කාලයකදී ජීවත් වූ බවට වාර්තා වේ. එමෙන්ම මේ වන විට ජීවත් වන ක්ෂීරපායීන්, උරගයින් සහ පක්ෂීන් සලකන විට ඔවුන් සියල්ලන්ම Amniote විශේෂයෙන් පැවත එන්නන් වේ.
පළමු කුකුළා ඇතිවූයේ කෙසේද?
කුකුළා ද බිත්තරය ද යන ප්‍රශ්නය පැනනැගෙන විට ඔබට සිතෙන්නට ඇති කුකුළන් ඇතිවූයේ කොහොමද කියලා. දැනට සොයාගෙන ඇති ආකාරයට පළමු කුකුළා ඇතිවී ඇත්තේ පක්ෂීන් දෙදෙනෙකු විසින් නිපදවන ලද සයිටෝගයක සිදුවන ජාන විකෘතියක හෝ විකෘති කිහිපයක ප්‍රතිඵලයක් ලෙසයි. එයින් අදහස් වන්නේ ප්‍රෝටෝ කුකුළන් (Proto-Chicken) දෙදෙනෙකු විසින් සංසර්ගයේ යෙදීම හේතුවෙන් ඔවුන්ගේ DNA එකතු වී පළමු කුකුළාගේ සෛලය නිර්මාණය වූ බවයි. මේ විදිහට කාලයත් සමග ජාන විකෘතිතා ඇතිවීම හේතුවෙන් මෙලෙස අප සලකන පළමු කුකුළා නිර්මාණය වී ඇති බවට සැලකෙනවා.
පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව අප මේ වන විට සලකන The Red Junglefowl (රතු කැලෑකුකුළා) මීට වසර 58,000 කට පමණ පෙර වන අතර ඒ අතරිනුත් මොවුන් ගෘහාශ්‍රිත වීම ආරම්භ වී ඇත්තේ මීට වසර 11,000 කට පමණ පෙර බව DNA විශ්ලේෂණය කිරීම මගින් සොයාගෙන තිබෙනවා.
මෙම රතු කැලෑ කුකුළාගේ නිජබිම වන්නේ ඉන්දියාව, දකුණු චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් රාශියක් ය. මොවුන්ගේ අතීත දෙමාපිය ජීවීන් ලෙස නිශ්චිතවම ජීවීන් නම් කිරීමට නොහැකි වුවත් මොවුන් බොහෝ විට ඇතිවන්නට ඇත්තේ දෙමුහුමකින් බවයි සාක්ෂි මත තීරණය කර ඇත්තේ. මන්දයත් සලකා බලන ලද අතීත දෙමාපිය ජීවීන් සතුව ඇතැම් ලක්ෂණ ජානගතව නොපැවති නිසා මොවුන් දෙමුහුන් ජීවීන් ලෙස සැලකීමට බොහෝ පිරිස් උත්සාහ කරනු ලබයි.
එමනිසා අපගේ ප්‍රධානතම කරුණ වන්නේ බිත්තරය ද කුකුළාද යන ප්‍රශ්නාර්ථය නගන විට බිත්තරය ප්‍රථමයෙන් පැමිණි බවයි. පෙර සඳහන් කළ පරිදි පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ DNA සාක්ෂි මත පදනම් ව සලකන විට බිත්තර ඇතිවූයේ මීට වසර මිලියන 340කට පමණ පෙර වීමත් කුකුළා යන සත්ත්වයා ඇතිවූයේ මීට වසර 58,000කට පමණ පෙර වීමත් ය. මේ පිළිබඳව සරලව විස්තර කෙරෙන රූප සටහනක් ඔබට පහත දිස්වේ.
කුකුළා ඇතිවූයේ කුකුළෙකුගේ බිත්තරයකින් නොවේද?
කලින් කතා කළ කොටසේ අප සඳහන් කළේ කුකුළාට පෙර බිත්තරය ඇතිවුණා කියන පැහැදිලි කිරීමයි. නමුත් ඔබට සිතෙන්නට පුළුවන් කුකුළෙක් පැමිණිය යුත්තේ කුකුළ් බිත්තරයකින් බව. එය වැරදි මතයක්. හේතුව වන්නේ අප පෙර සඳහන් කළ පරිදි පළමු කුකුළා සලකන විට ඔවුන්ගේ දෙමාපියන් කුකුළන් නොවීමයි. ඔවුන් දෙමුහුන් ජීවීන් වන නිසාත් විවිධ ජීවීන්ගේ ලක්ෂණය පවතින නිසාත් කුකුළන් බිහිවූයේ කුකුළ් බිත්තරයකින් නොවන බවට මේ වන විට සාක්ෂි පවතිනවා.
තවත් වැදගත් කරුණක් වන්නේ අප සලකන කුකුළ් බිත්තරයක බිත්තර කටු වල ව්‍යුහයයි. පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට එහි කටු සෑදී තිබෙන්නේ කැල්සියම් කාබනේට් (CaCO₃) වලිනි. බිත්තර දමන කිකිළියන් සඳහා මෙම සංයෝගය වඩාත්ම වැදගත් වන්නේ ඒ නිසාය. මෙම කවචය මත කැල්සියම් කාබනේට් තැන්පත් කරවීම සඳහා කිකිළියන් ගේ ශරීරයෙන් විශේෂිත වූ ප්‍රෝටීනයක් ස්‍රාවය වේ. එය Ovocleidin-17 නොහොත් OC-17 ලෙස හඳුන්වන ප්‍රෝටීනයකි. විශේෂිත කරුණ වන්නේ මෙම ප්‍රෝටීනය ස්‍රාවය වන්නේ කිකිළියන්ගේ ඩිම්බෝෂවලින් පමණක් වීමයි.
මෙම සොයාගැනීමෙන් නිගමනය කළ හැක්කේ කුකුළ් බිත්තර නිපදවීම සඳහා අනිවාර්යයෙන්ම කිකිළියකගේ ඩිම්බකෝෂ මගින් ස්‍රාවය කරන OC-17 අත්‍යාවශ්‍ය බවයි. එනම් කුකුළ් බිත්තර වලට ප්‍රථමයෙන් කුකුළන් ඇතිවී ඇති බව අපට තීරණය කළ හැකි වනවා.
අවසන් නිගමනයන්
අපගේ ප්‍රධානතම මාතෘකාව වූ කුකුළා ද බිත්තරය ද යන කරුණ සඳහා නම් අවසන් නිගමනය ලෙස හැදින්විය හැක්කේ බිත්තරය ප්‍රථමයෙන් පැමිණි බවයි.
අපගේ අනෙක් කරුණ ලෙස කුකුළා ද කුකුළ් බිත්තරයද යන කරුණ සලකන විට අවසන් නිගමනය වන්නේ කුකුළා ප්‍රථමයෙන් පැමිණි බවයි.
මේ කරුණු සියල්ලම අප විසින් ඉහත පවතින එක් එක් කොටස් හරහා ඔබහට විස්තර කර ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට ඔබට පහත තිබෙන මූලාශ්‍ර ඔස්සේ තවදුරටත් ගවේශණය කළ හැකිවේවි.
Sources: time.com www.discoverwildlife.com en.wikipedia.org science.howstuffworks.com ww.science.org.au akjournals.com www.tandfonline.com www.researchgate.net