ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන Commercial Bank of Ceylon PLC, ගෝලීය ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන Google සහ Visa සමඟ ඓතිහාසික සහයෝගීතාවයකට එළඹෙමින් පසුගිය වසරෙදී තම Visa කාඩ්පත් හිමියන් සඳහා Google Pay පහසුකම සක්‍රීය කරනු ලැබුවා. එහි මීලග පියවර ලෙස Commercial බැංකුව සිය Master Card පාරිභෝගිකයින් සඳහාත් Google Pay භාවිත කිරීමේ හැකියාව මේ වන විට ලබා දී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කරනවා. ඒ අනුව දැන් Commercial බැංකු පාරිභෝගිකයින්ට සිය Visa හෝ Master Card ඔස්සේ Google Pay භාවිත කල හැකි වනවා.

පාරිභෝගිකයින්ට ලැබෙන පහසුකම්
කොමර්ෂල් බැංකුවේ Visa මෙන්ම Master Debit සහ Credit Card හිමියන් දැන් Google Wallet වෙත තම කාඩ්පත් ඇතුළත් කර, පහසුවෙන් ගෙවීම් කළ හැකිවන අතර මෙමගින් කාඩ්පත් හිමියන්ට භෞතික කාඩ්පත් හෝ මුදල් රැගෙන යෑමේ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර, NFC පහසුකම් සහිත Android Smartphone එකක් මඟින් ගෙවීම් කිරීමේ පහසුව හිමිවේ.
Source: Commercial Bank








