ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන Commercial Bank of Ceylon PLC, ගෝලීය ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන Google සහ Visa සමඟ ඓතිහාසික සහයෝගීතාවයකට එළඹෙමින්, තම කාඩ්පත් හිමියන් සඳහා Google Pay පහසුකම සක්‍රීය කර තිබෙනවා. ඒ අනුව මෙම පහසුකම ලබා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කරනවා. මෙමගින් ශ්‍රී ලංකාව කඩිනමින් Cashless ආර්ථිකයක් වෙත ගමන් කරවීමට සහය වන බව කොමර්ෂල් බැංකුව පවසනවා.
මෙම ගෝලීය මට්ටමේ ජංගම ගෙවීම් විසඳුම තම Visa කාඩ්පත් හිමියන් සඳහා සක්‍රීය කරන ශ්‍රී ලංකා වෙළඳපොළේ එකම බැංකුව කොමර්ෂල් බැංකුවයි. මෙම ප්‍රථමයා වීමේ වාසිය හේතුවෙන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගිකයින්ට ලෝක මට්ටමේ ගෙවීම් තාක්ෂණය අත්විඳීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මෙම සුවිශේෂී සහයෝගීතාව මඟින් Visa හි විශ්වාසනීය ගෝලීය ජාලය සහ දියුණු Tokenization තාක්ෂණය, Google හි සුරක්ෂිත, පහසු අතුරු මුහුණත, සහ කොමර්ෂල් බැංකුවේ Robust Digital Banking Ecosystem එක සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වනවා.

Tokenization හරහා උපරිම ආරක්ෂාව
කොමර්ෂල් බැංකුව මෙම Google Pay පහසුකම සඳහා Visaහි Token Service (VTS) පහසුකම උපයෝගී කර ගනිමින්, තෙවන පාර්ශවීය සේවා සපයන්නෙකු වන IDEMIA සමඟ උපායමාර්ගිකව සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා.
ඒ අනුව Tokenization තාක්ෂණය මඟින් සෑම ගනුදෙනුවක්ම සුරක්ෂිත කරනු ලබන අතර කාඩ්පතේ සත්‍ය 16-digit අංකය වෙනුවට ඩිජිටල් Token එකක් ආදේශ වනවා. එමඟින් පරිශීලකයාගේ සංවේදී දත්ත වෙළඳුන් සමඟ කිසිවිටෙකත් හුවමාරු වීම හෝ උපාංගයේ ගබඩා වීම සිදු නොවේ.
තවද, මෙම සේවාව දියත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඔවුන්ගේ Card Switch Vendor වන Euronet හි ගෙවීම් යටිතල පහසුකම් භාවිතා කර ඇති අතර, එමඟින් විශ්වාසනීය සහ සුරක්ෂිත ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කර තිබේ.
පාරිභෝගිකයින්ට ලැබෙන පහසුකම්
කොමර්ෂල් බැංකුවේ Visa Debit සහ Credit Card හිමියන්ට දැන් Google Wallet වෙත තම කාඩ්පත් ඇතුළත් කර, පහසුවෙන් ගෙවීම් කළ හැකියි. මෙමගින් කාඩ්පත් හිමියන්ට භෞතික කාඩ්පත් හෝ මුදල් රැගෙන යෑමේ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර, NFC පහසුකම් සහිත Android smartphone එකක් මඟින් ගෙවීම් කිරීමේ පහසුව හිමිවේ.
Source: Commercial Bank








