Loading...
පරණ වෙස්මූණ අස්සෙ හංඟල එවන අළුත්ම යකා iPhone SE - 2017 Phone for 2020?

iPhone SE නැත්නම් "Special Edition" කියල පුරසාරම් දොඩලා Apple සමාගමෙන් නිකුත් කරන දුරකථනය තමා මේක. ඇත්තටම කිව්වොත් මේ කරන්නේ "Old Phone Chassi with New Internal Components" කියන සංකල්පෙට දුරකථනයක් නිකුත් කිරීම. ඒකට තමා අපි මේ මහ ලොකුවට SE කියල කියන්නේ. මීට කලිනුත් මෙහෙම එකක් ආවා ඔයාලට මතක ඇති 2016 ඒක තමා 1st generation iPhone SE එක. ඒකෙන්න් ගොඩ කාලෙකට පස්සෙ ඔන්න තවත් SE එකක් එනවා ඒ තමා SE2 නැත්නම් SE 2020 කියන එක.

iPhone SE 2020

ඇත්තටම කලින් කිව්ව වගේ Apple ලා මේ කරන්නේ Special දෙයක් ද? ඔයාල එහෙම හිතනවද? එහෙම හිතනවනම් ඒ මතය පොඩ්ඩක් පැත්තකින් තියන්න. අපි කතා කරමු Apple ලගෙ මේ SE කියල කරන විහිළුව මොකද්ද කියලා.

iPhone SE (1st Gen)

අතීතය හාර අව්ස්සලා බලනකොට ඔයාලට පේනවා iPhone SE කියලා 2016 නිකුත් උන දුරකථනය සම්පූර්ණයෙන්ම 2012 ආපු iphone 5 සහ 2013 ආපු iPhone 5S වලට 100% සමාන නමුත් Chipset එක සහ inbuild OS එක ඇතුලු සුළු වශයෙන් Internal දේවල් විතරක් වෙනස් කරලා එව්ව බව. ඒ කියන්නෙ ඔයා ගාව iPhone 5S එකක් වගේ තිබ්බනම් ඔයාට ඒකේ පාවිච්චි කරපු Cases කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 3ට පස්සෙත් අළුතින්ම ආපු මේ SE එකටත් දැම්මැහැකි.

iPhone SE (2nd Gen)

ඉතිං ඔය සෙතේම තමා මෙ අළුතින් ආපු iPhone SE දෙවනි එකටත් වෙලා තියෙන්නේ. ඒක සමාන වෙන්නේ 2017 ආපු iPhone 7 සහා 2018 ආපු iPhone 8 කියන දුරකථන වලට. ආ හැබැයි අපිට බැලූ බැල්මට පොඩී වෙනසක් දකින්න ලැබෙනවා ඒ තමයි iPhone 11 Series එකේ ඉඳන් මෙයාලා Apple Logo එක හරියටම ෆෝන් එක මැද්දට ගෙනාව. ඉතිං iPhone 8 එකෙයි මේකෙයි තියෙන එකම වෙනස ඔන්න ඔච්චර තමා. වෙන කිසිම වෙනසක් නෑ.

ඇත්තටම මේ ෆෝන් එක අව්ල් ද?

එහෙනම් අපි මෙතන ඉඳන් හරියටම බලමු අව්ල් ද? නැද්ද කියල.

මුලින්ම මේකෙ මිල ගනන් කතා කරොත් Base Model එක ඒ කියන්නෙ අපිට මේ iPhone SE2 එකේ අඩුවටම ගන්න පුලුවන් Model එක ම $399 වෙනවා ඒ කිව්වෙ ආසන්න වශයෙන් 80,000LKR වගේ.

මේකේ හොඳ දේවල් ගැන කිව්වොත්, කලින් පාර වගේම Apple ලා එයාලගෙ Latest ම Chipset එක දීල තියෙනවා. මේකෙ තියෙන්නේ iPhone 11 Pro එකේ ආපු A13 Bionic කියන ගොඩක් බලසම්පන්න ලොකු වැඩක් කරගන්න පුලුවන් chipset එකක්. හැබැයි ඒ එක්කම RAM එකත් දීල තියෙනවා 3GB වෙන්න, කමක් නෑ iOS එක්ක බැලුවම මේ RAM එකේ ප්‍රමාණයත් සාධාරණයි වැඩක් කරගන්න පුළුවන්.

අනිත් දේවල් ගත්තොත් iPhone 8 එකම තමයි. වෙනසක් දකින්නෑ. පොඩි Improvements ටිකක් තියෙනවා A13 chipset එක නිසා උන. Camera procesing වල වගේ.

ඒත් එච්චරද අපිට දෙන්නෙ? A13 Bionic දුන්නම ඇතිද? අන්න ඒක තමා ප්‍රශ්නේ. මේ 2020 අවුරුද්ද නේ. මේ වගේ අවුරුද්දක ෆෝන් එකක් එලියට දානකොට අපිට දැනටමත් හුරු උන Standard එකක් තියෙනවා. ඒ Standard එකට මේ ෆෝන් එක නෑ.

රු. 80,000යි, ඒත් LCD ඩිස්ප්ලේ තඩි bezels දෙකක් එක්කම

iPhone SE 2020 Display

Display අතින් ගත්තොත් 4.7', 16:9 Aspect Ratio එකක් එක්ක ලොකු Bezels දෙකක් දෙපැත්තෙන් තියෙනවා ඒකත් LCD 720p Display එකක්, මේකම තමා iPhone 6s, 7, 8 වලත් ආවෙ. සාමාන්‍යෙන් අද කාලේ ගොඩක් අඩු මුදලකට ගන්න තියෙන ෆෝන් එකක උනත් FHD Display එකක් බලාගන්න පුලුවන්. ඒ එක්කම මේ Range එකේ වෙන Brands වලින් ගන්න පුළුවන් ෆෝන් වල Display එක බැලුවම මීට වඩා කොහොමත් ගොඩක් හොඳයි සහ 2020 standard එකට ඒවා එනවා. ඒ කිව්වෙ අඩුම ගානෙ AMOLED Display with FHD Resolution, 18:9 Ratio, Bezel Less මේ වගේ වත්. එහෙම කාලෙක ඇත්තටම Apple ලා මීට අවුරුදු 4ට 5ට කලින් ෆෝන් වලට දාපු දැං බැලුවම මෙලෝ වැඩකට නැති LCD Display එක එක්ක මේ වගේ මුදලකට මේක දෙන එක හොඳද? අඩුම ගානේ Bezels ටික වත් හදලා 18:9 Ratio එකට වත් දුන්නනම් මේ Body එකටම දාල වටිනව නේද.

රු. 30,000 ෆෝන් එකෙත් fast charging

iPhone SE 2020 5W Charging Brick

අනික් කාරනාව තමා Battery Life එකයි Charging. ඔයාල දන්නවද, 80,000 ෆෝන් එකක් වෙලත් මේකට එන්නේ 5W Charging Brick එකක් කියලා? මේ 2020? 5W Charging තව 80,000 කුත් දීල? විහිළුවක් නේද තනිකරම. දැං 30,000LKR වගේ ගානකට ගන්න පුලුවන් ෆෝන් එකකත් එනවා Fast Charging + Charging Brick එකක්. ඒත් මෙහෙම උනේ මොකද? ඒ මදිවට මේකෙ තියෙන්නෙත් iPhone 8 එකේ තියෙන Battery එකම තමා. අච්චර Slow Charger එකක් එක්ක මේ වගේ පොඩි Battery එකකුත්? ඉතිං කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේ මින් එහාට.

ඇයි Apple මේ?

ලෝකෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන ව වගේම ඉස්සර ගොඩක් ම Innovative සමාගමක් ඒ වගේම ගොඩක් ලොකු Fan Base එකකුත් ඉන්නවා, කොටින්ම කිව්වොත් සමහර අය හරියට Apple Device එකක් භාවිත නොකර පවා මේ සමාගමේ හොඳ පෙන්නන්න ගොඩක් අය එක්ක වාද කරන මට්ටමේ Fans ලා ඉන්න සමාගමක්.

ඒක නිසාම ද මංදා Apple ල මෙහෙම කරන්නේ, එයාලගට පක්ෂපාතී අයට. මොකද Apple ලා ඕනම ජරාවක් කොහොම දුන්නත් ගන්න Level එකේ අය තමා ඉන්නේ, බය වෙන්න දෙයක් නෑ මොන ජරාව එලියට දැම්මත් ඒක Defend කරන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවනෙ කියන මතේ ඉන්නව ද කියන්න තාමත් හරියටම දන්නෙ නැහැ. කොහොම උනත් Apple ලා මෙහෙම කරන එක සාධාරණීකරනය කරන්න බැහැ එයාලගෙ Fans ලට. එයාලා මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ අර මම කිව්ව එක නම්. ඔයාල ට දෙපාරක් නෙමෙයි දහ පාරක් හිතන්න වෙනවා.

සමහර විට Apple Fans ලා මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්, iPhone SE2 කියන්නේ සාමානෙන් Techie අයට හදපු එකක් නෙමෙයි ඒක Apple එකක් ගන්න ආස සාමාන්‍යෙ කෙනෙක්ට හදපු එකක් ගාල. එහෙම නම් ඇයි A13 Bionic එකක් දුන්නේ? ඒක විතරක් දීලා අනික්ව නොදුන්නෙ? ඒ අයට මේ Chipset එක වැඩකුත් නෑනෙ. එයාලට එහෙනම් තව Cost එක අඩු කරන්න A12 වගේ හෝ ඒකේ Upgraded Version එකක් දෙන්නත් තිබ්බනෙ. ලොකු දෙයක් වෙන්නෑනෙ එහෙම දුන්නනම්. ඒත් එහෙම කලේ නෑ.

එහෙම බැලුවොත් මේක ඒ Apple වලට ආදරේ කරන සාමාන්‍ය මනුස්සයන්ට ත් කරපු ලොකු අසාධාරණයක් නේද? එයාලට තිබුනනේ මීට වඩා පොඩියට හරි දෙයක් කරන්න අඩුම තරමෙ Display එකට වත්?

Apple සමාගම කියන්නේ එයාලගේ Research and Development එකට සෑහෙන්න ගානක් වෙන් කරන විශාල සමාගමක්. එහෙම වෙලත් ඇයි මීට වඩා දෙයක් නොකලේ? ඒ තරම් මේකෙන් Cost එක Cut කරන්න ඕනද? $399 (80,000) දෙන ෆෝන් එකෙනුත් අධික ලාභයක් ලබන්න ඕනද?

Final Thought:

දැං පේනවනේද මොන තරම් අව්ල් ද කියල මේක? ඔයාලට දැං Apple ලා මේ SE නැත්නම් Special Edition කියල එවන ෆෝන් එක හොඳයි කියල හිතෙනවද? මේකේ මොකුත් Special තියා අඩුම ගානෙ සාධාරණ ෆෝන් එකක් විදිහට වත් මම දකින්නෙ නැහැ එහෙම බැලුවොත්. ගෙවන මුදලට කොහොමටවත් ම වටිනාකමක් නැහැ.

මට මෙහෙම දෙයක් හිතෙනව. අවුරුදු කීපෙකට සැරයක් Apple ල මෙහෙම මිනිස්සුන්ව මෝඩයො කරල Special Edition කියලා එවන්නේ එයාලගෙ පරණ Chassi එකටම පොඩියට අළුත් දේවල් ටිකක් දාලනෙ. බලන්න iPhone SE 1st Gen කියන්නේ iPhone 5, 5S මයි, දැං iPhone SE 2nd Gen කියන්නේ iPhone 7, 8 මයි. ඔයාලට හිතෙන්නෙ නැද්ද Apple ලා එයාල ඒ ෆෝන් හදන්න වෙන් කරපු මුදල්, Engineering, Designing, RnD මේ හැම Effort එකකට ම වෙන් කරපු දේවල් අඩියටම හූරං ගන්න කරපු දක්ෂ මෙහෙයුමක් කියලා මේ iPhone SE කියල එවන එක? Apple ල කියන්නෙ මාරම Stratergy එකකට ගේමක් ගහන Company එකක් නිකං නෙමෙයි Trillion Dollar Company එක උනේ.

තව දෙයක් කියන්නම්, iPhone 12 Series එකේදි දැනට අපි දැක්ක මේ iPhone X to 11 Pro ආපු Design Language එක ගොඩක් දුරට සෑහෙන්න වෙනස් වෙනවා. මේක කියවන අය මතක තියන් ඉන්න iPhone SE 3rd Gen කියලා එකක් එයි 2022 හෝ 23. ඒක එන්නේ තනිකරම iPhone X to 11 දීපු Chassi එකටම හදලයි. මේ Final Thought එක සහ මුළු Article එක පුරාවටම කිව්ව වගේ iPhone SE කියලා එන්නේ Apple ලාගේ පරණ වෙස්මූණු අස්සටම ඔබල එවන අළුත් යකෙක් තමයි.