Loading...
නිදහස් මෙහෙයුම් පද්ධති සම්ප්‍රදායට මූලික අඩිතාලම සකස්කර දුන් – Linus Torvalds

කවුද මේ Linus Torvalds

වර්ථමාන ලෝකයේ ඔබ අපි භාවිත කරන නිදහස් මෙහෙයුම් පද්ධති සම්බන්ධ තොරතුරු ගෙන හැර දක්වන මොහොතක මතකයට නැගෙන ලෝක ප්‍රසිද්ධ එක් පුද්ගලයෙක් සිටින බවත් ඔබ දන්නවා ඇති. Linus Torvalds ලෙස හදුන්වයි. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයට මුල් වරට පිවිසූ පුද්ලයෙකු උවත Linus Torvalds නාමය අසා අතිබෙන ඇති. වර්ථමාන ලෝකෙහි Linux මෙහෙයුම් පද්ධති සමූහය ක්‍රියාත්මක වන්නේ Linux Kernel නම් වූ පාධාන කේත සමූහය පදනම් කරගනිමින්ය. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ මූලික අඩිතාලම පිහිටූ මෙම පුද්ගලයාගේ කැපවීම උත්සහාය නොමැති නම් ඔබ අප කවුරුත් භාවිත කරන Linux මෙහෙයුම් පද්ධති ගොඩ අප අතරට පත්වීමක් නොමැති වන්නට ඉඩ තිබුනි. 1969 දෙසැම්බර් මස 28 වන දින  Helsinki, Finland හිදී උපත ලැබූ Linus Benedict Torvalds, ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ Linux kernel නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.

උපත

Linus Torvalds ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී Anna Torvalds සහ Nils Torvalds ට දාව සහ Ole Torvalds කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ. ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. Linus Pauling නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, “මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම දාල තියෙන්නෙ” තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් “නොබෙල් ත්‍යාගය දිනූ රසායන විද්‍යාඥයෙකු” සහ අඩක් “බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන් චරිතයක් ” බවට පත්කල බව පවසයි.

අධ්‍යාපනය සහ රැකියාව

Linus Torvalds 1988-1994 කාලයේදී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ලබා ගනී. Linus Torvalds සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ  මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක් වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල් උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය ඇසුරිණි.ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම් පද්ධතිය යන්නය.

ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය. VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක්, QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් නිර්මාණය කිරීමට සමත්විය. ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991 ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී ගත්තේය. අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු එය ඔහුගේ Linux වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය.

ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව Linus, කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එ‍හි සේවය කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය බිහිවූ, විවෘත මූල සංවර්ධන පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල ‍පදිංචිය පෝලන්තයේ ඔරේගන් නගරයට වෙනස් කරයි. 1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.

ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. 1999දී ආයතන දෙකම කොටස් මහජනයාට විවෘත කල අතර ‍ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර් මිලියන 20 පමණ වීය.

ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ Tux යනුවෙනි. Tux, ලිනක්ස් සමාජය විසින් ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.

ටොවල්ඩ්ස් “විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ” යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු “හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා ” යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. ඔහු වානිජ මෘදුකාංග වලට පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස් කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද ටොවල්ඩ්ස් විසින් BitKeeper සඳහා නිදහස් මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එ‍හි නිල ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත. කෙසේවූවද ටොවල්ඩ්ස් KDE 4.0 හි පරිණත බව ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය.

Freakx – Linux බලට පත්වූ අයුරු

මෙය නිර්මාණය කරනෙයෙහි පුරෝගාමීයා ලෙස යටයුතු කරනු ලැබූ ලිනස් ටොවල්ඩ්ස් හට මෙය නම්කිරීමට අවශ්‍ය වූයේ Free (නිදහස් යන අරුතින්) Freak සහ X අකුරු වල එකතුවකිනි. එය Unix නාමයට බෙහෙවින් සමාන වන නිසාවෙයි. ඒ අනුව ඔහු Freakx ලෙස මෙය නම් කරනු ලැබීය. එහෙත් මෙම ප්‍රධාන කේත සමූහය අඩුංගු කර්නලය ගබඩා කරනු ලැබුයේ ඔහුගේ මිතුරෙක් විසින්ය. ඔහු මෙම සර්වරයෙහි FTP පාලන කරන අරි ලෙම්කේ විය. මෙහු විසින් මෙම කර්නලය සර්වරයෙහි තැප්පත් කර වූ Folder එක නම් කර තිබුනේ Linux ලෙසටය. ඒ අවුම මෙය Linux බවට පත්විය.

පුද්ගලික ජීවිතය

ලිනස් ටොවල්ඩ්ස්ට සය වරක් ෆින්ලන්ත කරතේ ශූරිය වූ ටෝව් ටොවල්ඩ් හමුවන්නේ 1993 සරත් ඍතුවේදීය. ටොවල්ඩ්ස් පරිගණක විද්‍යාගාරයේ සිසු සිසුවියන්ට ආරම්භක අභ්‍යාසයක් පවත්වමින් තමන්ට ඊ-මේල් පණිවිඩයක් පරීක්ෂාව සඳහා එවන ලෙස ඉල්ලා සිටියේය. ටෝව් ප්‍රතිචාර දක්වන්නේ ඔහු හමුවී කතාකිරීමට වෙලාවක් ඉල්ලමිනි. පසුව ටෝව් සහ ලිනස් විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලදහ. ඔවුන් පිළිවෙලින් පැට්‍රීෂියා, ඩැනියෙලා හා සෙලෙස්ටෙ වෙති.

සම්මුඛ සාකච්ඡාවකදී ටොවල්ඩ්ස් ඔහුවම මෙසේ විස්තර කරයි ” සම්පූර්ණයෙන්ම ආගමික — අදේවවාදියෙක් ” තවදුරටත් “මම හිතන හැටියට මිනිස්සු හිතනවා ආගම මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාංග දියුණු කරනවා කියල, සදාචාර සම්පන්න කරනවා කියල. ඒත් ‍මම ඒ දෙකම විචේචනය කරනවා. ඒක මිනිසුන්ට නිදහසට කාරණයක් සපයනවා “අහෝ, සොබාවධර්මය නිර්මාණය කරදුන් හැටි ” සහ එම නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආශ්චර්ය‍ක් ලෙස දකිනවා. මම පිළිගන්නවා “විශ්වාස කල නොහැකි දෙයක් එකවරම සිදුවීම පුදුමාකාරයි” යන කාරණය ගැන. මම හිතනවා අපිට පුළුවන් සදාචාරවත් වෙන්න ආගම සම්බන්ධ කරගන්නෙ නැතිව, මනාව සැකසුනු ආගමකින් විශේෂයෙන් සදාචාරයට අයහපත් දේවල් එන්න පුළුවනි. මා සැබවින්ම බයයි මනාව සැකසුනු ආගම්වලට මොකද එය බලය අනිසි ලෙස භාවිතා කරන්න පාර කපන්න පුළුවන් නිසා. ” තවත් එකතු කරමින් ඔහු කියා සිටියේ යුරොපයේ එය බොහෝදුරට පුද්ගලික ගැටලුවක් පමණක් වූවද විශේෂයෙන්ම ඇමරිකාවේ ආගම ඕනෑවටත් වඩා දේශපාලනීකරණය වී ඇති බවයි.

මොහුට ඇති පිළිගැනීම

  • 1996දී ලිනස් ටොවල්ඩ්ස්ට ගරුකිරීමක් වශයෙන් 9793 ටොවල්ඩ්ස් ග්‍රාහකයනම් කරන ලදී.
  • 1997දී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යා අංශයෙන් විශාරද උපාධිය ලබාගනී.
  • 1998දී EFF Pioneer සම්මානය හිමිකරගනී.
  • 1999දී ස්ටොක්හෝම් සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • The 1999 දී නීල් ස්ටෙෆන්සන් විසින් ලියූ Cryptonomicon නවකතාව ෆින්ලන්තයේ නිපදවන ලද “ෆිනුස් ” නම් ලිනක් ස් වැනි මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන චරිත කිහිපයකින් සමන්විත වෙයි.
  • 2000දී හෙල්සින්කි සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • 2000 ඔහු Lovelace Medalට සුදුසු කම් ලබා ගනී.
  • Time සඟරාවේ සියවසේ පුද්ගලයා තේරීමේ මත ඡන්දය ‍ ටොවල්ඩ්ස් 17 වෙනියා ලෙස අවසන් විය.
  • 2001දී [සමාජයීය/ආරථික ක්ෂේත්‍රය සඳහාවූ [ටකෙඩා සම්මානය]] සඳහා රිචඩ් ස්ටෝල්මන් සහ කෙන් සකමුරා සමඟ සම සුදුසුකම් ලැබුවේය.
  • 2004දී ටයිම් සඟරාවේ ලිපියකින් ලෝකයේ වැදගත්ම පුද්ගල‍යන් අතරින් කෙනෙකු ලෙස නම් කරන ලදී. “Linus Torvalds: The Free-Software Champion” by Lawrence Lessig
  • 2004 දී පැවැත්වුනු හොදම ෆින්ලන්ත ජාතිකයා තේරීමේ ඡන්ද විමසීමෙදී ටොවල්ඩ්ස් 16 වැනි ස්ථානයට හිමිකම් කීවේය.
  • 2005දී BusinessWeek මගින් කරන ලද සංගනණයකින් හොඳම කළමනාකරුවන් අතරින් ‍කෙනෙකු බව හෙළිවිය.
  • 2005 අගෝස්තු මාසයේදී ටොවල්ඩ්ස් Vollum සම්මානය රීඩ් විද්‍යාලයෙන් ලබාගනී.[29]
  • 2006දී Business 2.0 සඟරාවෙන් ඔහුව “10 people who don’t matter”ලෙස නම් කරන ලද්දේ ලිනක්ස් වල වර්ධනය හේතුකරගෙන ලිනස්ගේ තනිපුද්ගල බලපෑම අඩුවීම නිසාය.
  • 2006, ටයිම් සඟරාවේ යුරෝපීය මුද්‍රණය ඔහුව පසුගිය අවුරුදු 60 පෙරළිකාර වීරයෙකු ලෙස නම් කලේය.
  • 2008දී ඔහුගේ නම කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි පරිගනක ඉතිහාස කෞතුකාගාරයේ නාමාවලියට ඇතුලත් විය.

මෙහි ඇති තොරතුරු බොහොමයක් විකිපීඩියාව අසුරින් ලබාගත් තොරතුරුය. ඔබ අප කවුරුත් භාවිත කරන ලිනක්ම් මෙහෙයුම් පද්ධතියෙහි මූල බීජය නිපැයූ ලිනස් ටොවල්ඩ්ස් සැහි ගැන්වීමක් ලෙස මෙය ඔබය ඉදිරි පක් කලෙමි. වර්ථමානය සුන්දර වන්නට ආතීතය තුල තම කාලය, ධනය, ශක්තිය කැප කර පිරිස පොහොමය. පරිගණක තාක්ෂණය ගොඩ නැන්වෙන්නේ මෙවන් පුරෝගාමී පුද්ලයක් රාශියක එකතුවකිනි.