Loading...
168 වන උපන් දිනය සමරන අමරණී​ය නිකොලා ටෙස්​ලා

මේ වගේ අය ගැන කියද්දි සමහරුන්ට හිතෙන්න පුලුවන් තාක්ෂනයට මෙයාලගෙ සම්බන්ධ​ය මොකක්ද කියල. දැන් තියෙන තත්වෙට තාක්ෂණය දියුණු වෙන්න අඩිතාලම වුනේ මේ වගේ වෙනස් විදිහට හිතන අය තමා.

නිකොලා ටෙස්ලා ඉපදුනේ 1856 ජූලි 10 වන දින, දැන් ක්‍රොඒෂියාවේ කොටසක් වන ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ ස්මිල්ජන් නම් ගම්මානේ. ඔහු සර්බියානු සම්භවයක් සහිත වූ අතර, ඔහුගේ පියා, මිලුටින් ටෙස්ලා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ පූජකයෙකු වුනා.

ටෙස්ලා ක්‍රොඒෂියාවේ මුල් අධ්‍යාපනය ලබා පසුව ඔස්ට්‍රියාවේ ග්‍රාස් කාර්මික විශ්වවිද්‍යාලයට ඇතුළත් අතර එහිදී ඔහු විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා. ඔහු දක්ෂ ශිෂ්‍යයෙකු වුවද, ඔහු ග්‍රාස් උපාධිය ලබා නොගත් අතර, ඔහු උපාධියක් ලබා නොගෙන කෙටි කලකට ප්‍රාග් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා.

1882 දී, ටෙස්ලා කොන්ටිනෙන්ටල් එඩිසන් සමාගමේ වැඩ කිරීමට පැරිසියට ගිය අතර එහිදී ඔහු ප්‍රත්‍යාවර්ත ධාරා (AC) මෝටරය සඳහා ඔහුගේ අදහස් වැඩිදියුණු කරන්න පටන් ගත්තා. පසුව ඔහු තෝමස් එඩිසන්ගේ වැඩ සඳහා 1884 දී නිව් යෝර්ක් නගරයට මාරු වුනා, නමුත් මේ නව නිපැයුම්කරුවන් දෙදෙනාගේ අදහස් එකිනෙකට විරුද්​ධ නිසා දෙදෙනාගේ වෙන් වීමට ඒක හේතුවක් වුනා.

ඒ ගැන පහත ලිපියෙන් කියවන්න පුළුවන්.

එඩිසන් විසින් විද්‍යාගාරයට ගිනි තබා විනාශ කලත් නැවතීමට නොහැකි වුනු නිකොලා ටෙස්ලා නම් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරු
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප්‍රශ්නයට පිළිතුර ‘ඔව්’ සහ දෙවැන්නට ‘නැත’ නම් මේ ලිපිය ඔබ සඳහායි.

නිකොලා ටෙස්ලාගේ ජීවිත කතාව සහ එඩිසන් සමඟ වූ ආරවුල ගැන කතා​ව

ටෙස්ලා AC බල පද්ධතිය සංවර්ධනය කිරීම, ටෙස්ලා දඟරය සොයා ගැනීම සහ රැහැන් රහිත සන්නිවේදනය නිසා තමා වඩාත්ම ප්‍රසිද්ධ. බොහෝ මූල්‍ය අභියෝගවලට මුහුණ දුන්නද, වර්තමානයේ බොහෝ නවීන තාක්‍ෂණයන් සඳහා ඔහුගේ  සොයා ගැනීම උදව් වුනා.

නිකොලා ටෙස්ලාගෙ රැහැන් රහිත සන්නිවේදනය අද තියෙන ගොඩක් දෙවල් වලට උපකාරයක් වෙලා තියෙනවා. ඔහුහෙ රේඩියෝ පාලිත බෝට්ටුව, නූතන wi-fi සහ bluetooth සන්නිවේදන වලට අඩිතාලමක් වුනා.

ටෙස්ලට තමන් නිර්මාණය කිරීමට යනෙ දේ  මනසෙන් නිර්මාණය කිරීමට අපූරු හැකියාවක් තිබුණා. එහිදී එන ගැටලුද මනසින්ම විසද ගැනීමට ඔහුට හැකියාව තිබුණා. ඔහුගේ නිර්මාණයේ සැකැස්ම ඇදීම හෝ භෞතිකම නිර්මාණය කිරීමකින් තොරව මනසෙන් නිර්මාණය කිරීමෙ හැකියාව ඔහුට තිබුණා... (පරීක්ෂණාත්මක නොවුනත් නිකොලා ටෙස්ලාගෙ IQ අගය සටහන් වන්නෙ 160-310 අතරය.)

ටෙස්ලා සිය අවසන් වසර නගත කළේ නිව් යෝර්ක් නගරයේ ය.  ඔහු 1943 ජනවාරි 7 වන දි​න ඔහුගේ හෝටල් කාමරයේදී මිය ගියේ coronary thrombosis නම් රෝගී තත්වයක් හේතුවෙනි.

මොහුට ගෞරවයක් වශයෙන් තමා Eloun musk  ඔහුගේ විද්‍යුත් මෝටර් රථ සමාගම Tesla නමින් නම් කළේ.

ඒ වගේම මේ තියෙන්නෙ ඔහු ඔහුගේ කාරයයන් වෙනුවෙන් දිනපු Awards කිහිපයක්.

  • IElliott Cresson Medal (1894)
  • Order of St. Sava (1892)
  • Order of Prince Danilo (1895)
  • AIEE Edison Medal (1917)

ටෙස්ලා විසින් ඔහුගේ මවට ලියූ අවසාන ලිපිය පිළිබඳවත් කියවන්න

නිකොලා ටෙස්ලා මවට ලියූ අවසන් ලිපිය
නිකොලා ටෙස්ලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක්, විදුලි ඉංජිනේරුවරයෙක්, යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සහ අනාගතවාදියෙක්. උපතින් සර්බියානු ජාතිකයෙක් වුවත් පසු කලකදී ඇමරිකාවට සංක්‍රමණය වෙන්න ටෙස්ලා ට පුළුවන් වෙනවා. ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාව ආශ්‍රිත සොයාගැනීම් ගණනාවකට හිමිකම් කියන ටෙස්ලා ඉමහත් ජනප්‍රියතාවයට පත්වන්නේ ”රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය” සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක සොයාගැනීම් නිසායි.