Loading...
Nokia සමාගම Nokia 2.4 සහ 3.4 නමින් මිල $200ට අඩු නවතම දුරකථන දෙකක් නිකුත් කරයි

HMD Global සමාගම විසින් දැරිය හැකි මිලකට මිලදි ගත හැකි වන පරිදි ඔවුන්ගේ නවතම Devices දෙක වෙන Nokia 2.4 හා Nokia 3.4 Devices මේ වන විට නිකුත් කර තිබෙනවා. ඔවුන් මේ Smartphone දෙකම මිල කර ඇත්තේ 200$ ට අඩු මුදලකටයි. එබැවින් මේ Devices දෙකට Low-End Smartphone අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙන බව නිසකයි.

ඒ වගේම මේ Smartphones දෙකම Android 10 සමග ලබා දෙන අතරම Android One Pre-install කර තිබෙනවා. අවුරැදු දෙකක් පුරාවටම Software Update වගේම අවුරුදු කිහිපයක් දක්වාම Security patches ලබා දිමටත් Nokia සමාගම කටයුතු කරනු ඇත.

Nokia 2.4‌‌

මේ Smartphone එක MediaTek Helio P22 processor එකෙන් බලගැන්වෙන අතර 2GB RAM එකක් හා 32GB Internal Storage එකකින් යුතු වෙනවා. අගල් 6.5ක Teardrop Notch එකකින් යුතු HD+ Display එකකින් සමන්විත වෙන මෙහි Rear Dual-camera Setup එකක් ලබා දි තිබෙනවා. ඒ 13MP Main Lens එක හා 2MP Depth Sensor එක ලෙසයි. මෙහි Selfie Camera එක 5MP ප්‍රමාණයේ වෙනවා. Rear Mounted Fingerprint Sensor එකක් හා 3.5mm Headphone Jack එකත් ලබා දි තිබෙන අතර මෙහි Battery Capacity එක ලෙස දක්වා තිබෙන්නේ 4500mAh.

මෙහි මිල ඩොලර් 139 ක් වන අතර Purple, Black හා Blue Colorsවලින් මිලදි ගැනිමේ හැකියාව පවතිනවා.

Nokia 3.4‌‌

මේ Smartphone එක Qualcomm Snapdragon 460 chipset එක මගින් බලගැන්වෙන අතර  3/4GB RAM එකකින් හා 32/64GB Internal storage එකකින් සමන්විත වෙනවා. USB Type-C Port එකක් ලබා දි තිබෙන අතර Rear Fingerprint Sensor එක හා Face unlock පහසුකමත් ලබා දිලා තිබෙනවා.

අගල් 6.39ක 720p Resolution එකක් සහිත Punch-Hole FHD+ Display එකකින් සමන්විත වෙනවා. මෙහි Front Camera එක 8MP වෙන අතර පිටුපස Triple-camera Setup එකක් දැකගන්න පුළුවන්. මෙය 13MP Main lens එකකින් ද 2MP Depth Sensor එකකින් හා 5MP Ultrawide lens එකකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙහි 4000mAh Batteryයකින් සමන්විත වෙන අතරම 10W Fast Charging Feature එකත් ලබා දි තිබෙනවා.

Sources ; 9to5google, Nokia