Loading...
Cooling Fan, 144Hz Display එක්ක එන Nubia Red Magic 5G

Game එකක් ගහද්දි, Charge එකට දාලා තියෙනකොට Data use කරද්දි වගේ වෙලාවට අපේ Smartphone එක රොටි තැටිය වගේ රත් වෙනවා කියන්නෙ ඇත්තටම හරිම වේදනාවක්. මම හරිනෙ?

ඔන්න ඔය ප්‍රශ්නය විසඳන්න Nubia සමාගමෙන් එනවා සුපිරිම විසඳුමක්.

Nubia සමාගමේ අළුත්ම Gaming Smartphone එක තමා Nubia Red Magic 5G කියන්නේ. මෙන්න මේ device එක එන්නේ Turbo Fan System කියලා එයාලා හඳුන්වන Active cooling system එකක් එක්ක. හිතන්න phone එක ඇතුලෙ චූටි fan එකක් කැරකිලා සීතල වාතය එලියෙන් phone එක ඇතුලට ඇදලා ගන්න ගමන්ම ඇතුලෙ තියෙන උණුසුම් වාතය එලියට යවන ක්‍රමයක් ගැන. හරියට හරි. Laptop වල වෙන වැඩේ වගේම එකක් තමා. මේක හරි පුංචියි හැබැයි.

Source - GameBench

මේ Turbo Fan System එකත් එක්ක එන ලෝකයේ පලවෙනිම Smartphone එක තමා Nubia Red Magic 5G කියන්නේ. ඒ විතරක් නෙවෙයි, 19.5:9 aspect ratio එකක්, 240Hz touch sampling rate එකක්, In- Display Fingerprint Sensor එකක් එක්ක ලෝකයේ පළවෙනිම 144Hz Smartphone Display එකත් මෙයාලා දෙනවා. ඒ 6.65" FullHD AMOLED Panel එකකින්. ඔව් මොනව උනත් FullHD තමා. අන්න ඒක නම් මදි. අඩුම Quad HD වත් උනා නම් නේ?

Qualcomm Snapdragon 865 chipset එකෙන් බලගැන්වෙන මේ Smartphone එක, Adreno 650 GPU එකකින් සමන්විතයි. ඒ වගේම,

  1. 8GB + 128GB
  2. 12GB + 128GB
  3. 12GB + 256GB
  4. 16GB + 256GB

කියන විදියට LPDDR5 Memory වලින් සහ UFS 3.0 ROM වලින් සමන්විතයි. 4,500 mAh බැටරිය, 55W fast charging සහ Quick Charge 4.0 මෙන්ම Power Delivery 3.0 කියන තාක්ෂණයන් නිසා ඉතාම වේගයෙන් ආරෝපණය කරගන්නට පුළුවන්.

Gameplay වලටම හදපු device එකක් නිසා Nubia එකෙන් Camera Module එකට ගොඩක් ලොකු Attention එකක් දීලා නෑ වගේ උනත්, මේකෙ Primary camera එක විදියට එන්නේ 64MP Sony IMX686 sensor එකක්. Secondary Camera එක විදියට 8MP Wide Angle Sensor එකකුත් Tertiary sensor එක විදියට 2MP Macro Sensor එකකුත් මෙයාලා මේ device එකට දීලා තියෙනවා. Front Camera එක නම් 8MP Sensor එකක්.

ඒ වගේම තවත් දෙයක් තමා අපිට මේ Device එකේ Notch එකක් දකින්න ලැබෙන්නේ නෑ. ඉහලින් සහ පහලින් කියන ⁣දෙපසින්ම තරමක් දුරට Huawei Nova 2i පෙනුමට සමාන පෙනුමක් දරනවා.

අමතර වශයෙන් කියනවානම් Touch sensitive Shoulder Buttons දෙකක් දකින්න පුලුවන් PSP වල වගේ. ඒවා FPS Games වලට පාවිච්චි වෙන විදියටයි design කරලා තියෙන්නේ. ඊටත් අමතරව WiFi 6, Low latency game screencasting වගේ options එක්ක එන මේ device එක, පහත මිල ගණන් වලට මිල නියම කර තියෙනවා.

8GB+128GB ($540/= මිල අඩුම)
16GB+256GB ($710/= මිල අධිකම)

Source - XDA