Loading...
ඉදිරි Samsung Galaxy සඳහා OLED තිර නිෂ්පාදනය BOE සමාගමෙන්?

ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදන ක්ෂේස්ත්‍රයේ OLED සපයන විශාලතම නිෂ්පාදකයා වන්නේ Samsung බව අප කවුරුත් හොඳින් දන්නා කරුණකි. ඔවුන් විසින් ඔවුන්ගේ Galaxy ජංගම දුරකථන සඳහා යොදා ගන්නේ ඔවුන්ගේ කර්මාන්තශාලා තුල ඔවුන්ම නිපදවන OLED display බව නොරහසකි. ඒත් අපි මේ දැන් කියන්න යන්නේ අනාගතයේදී ඒක වෙනස් වෙන්න යන ආරංචියක් DCSS (Display Supply Chain Consultant) ආයතනය පැත්තෙන් අහන්න ලැබෙනවා.

DCSS එකට අනුව, Samsung ආයතනය BOE වලින් ඉදිරියේදී නිපදවෙන Galaxy ජංගම දුරකථන සඳහා OLED screens නිෂ්පානය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම screen ලබන අවුරුද්දේ නිපදවෙන Galaxy S21 lineup එකේ එක device එකකට හෝ අඟල් 6.67 flexible OLED screen එකක් යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉදිරියේදී නිකුත් වීමට ඇති Galaxy A91 සඳහාද BOE විසින් නිෂ්පාදිත අඟල් 6.67 FHD+ screen යොදාගන්නා බව කියවේ.

BOE කියන්නේ චීනයේ විශාලතම LCD screens නිපදවන්නා වන අතර, ලොව තෙවනියටම විශාලතම OLED screens නිපදවන සමාගමයි. පසුගිය අවුරුද්දේ නිකුත් වූ Huawei P30 lineup එක සඳහාද display සපයා තිබුනේ BOE ආයතනයයි. එමෙන්ම Apple සමාගමේ 2020 නිකුත් වීමට ඇති iPhone 12 series එකේ OLED සඳහාද BOE විසින් නිෂ්පාදිත screens  යොදා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එය එසේ වුවහොත් 2020 Q4 හිහී Smasung සමාගමේ smartphone OLEDහි වෙලඳපල කොටස 11% පමණ අහිමි වේයැයි ගණන් බලා තිබෙනවා.

Source: DSCC’s Quarterly OLED Shipment Report

ඒ අතරම මෙම තීරණයත් සමඟම Samsung සමාගම විසින් තම හිතුවක්කාර තීරණ අත් හැර නිෂ්පාදන පිරිවැය පහත හෙලමින් තම flagship සහ midrange devices වල මිල පහත හෙලමින් සෑම දෙනාටම මිලදී ගත හැකි ආකාරයේ මිලකින් තම ජංගම දුරකථන ඉදිරියේදී වෙලඳ පලට නිකුත් කරනු ඇතයි Android වැඩකාරයෝ අපගේ අදහසයි.

Source - DSCC