Loading...
120Hz display එකකින් සහ 48MP Quad Camera setup එකකින් OnePlus 8T සමන්විත වේ: Leaks

ලොව පුරා සිටින OnePlus ලෝලීන් සෑම වසරකම පාහේ දෑස් අයාගෙන සිටින අවස්ථාවක් තමයි OnePlus ආයතනය විසින් එම වසරේ නිකුත් කරන ජංගම දුරකථනයේ T වර්ශන් එක එලි දැක්වෙන දිනය. OnePlus Nord ජංගම දුරකථනය නිකුත් වීමත් සමඟ මෙම වසරේ නිකුත් වූ OnePlus 8 series එක සඳහා T වර්ශන් එකක් නිකුත් වෙන්නේ නැත යන්න මත පල වුනත්, අළුත්ම leaks වලට අනුව ඉදිරි මාස කීපය තුලදී OnePlus 8T ජංගම දුරකථනය 120Hz එකක refresh rate එකක් සහිත අඟල් 6.55ක AMOLED touchscreen එකකින් නිකුත් වීමට නියමිතයි.

ඉදිරියේඩ්ගී නිකුත් වීමර නියමිත OnePlus 8T සඳහා පාදක කරගෙන ඇත්තේ OnePlus 8 ජංගම දුරකථනය වන අතර, OnePlus 8හි ඇති 90Hz refresh rate එකකින් යුතු display එක වෙනුවට 120Hz refresh rate එකකින් යුතු display එකක් යොදාගනිමින් upgrade එකක OnePlus සමාගම විසින් ලබා දෙනු ඇතැයි leaks මඟින් පැවසෙනවා. ඊට අමතර leak වී ඇති images වලට අනුව මෙම display එක flat panel එකක් ලෙස දුරකථනයට ලබා දී ඇත.

මෙම leaks වලට අනුව මෙවර OnePlus 8T දුරකථනය කැමරා 4කින් යුතු camera setup එකක් සමඟ වෙළඳපලට නිකුත් වනු ඇති අතර, එහිදී මෙගාපික්සල් 48ක main sensor එකකින්ද, මෙගාපික්සල් 16ක ultrawide සහ මෙගාපික්සල් 5ක macro cam එකකින්ද, මෙගාපික්සල් 2ක depth sensor එකකින්ද මෙම camera setup එක සමන්විත වනු ඇත.

මීට අමතරව වාර්තාවන ආකරයට OnePlus 8T ජංගම දුරකථනය Snapdragon 865+ chipset එකකින්ද 8GB RAM එකකින්ද සහ 128GB storage එකකින්ද යුක්ත වනවා. මෙලෙස නිකුත්වීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනය OxygenOS 11 සමඟ නිකුත් වීමට නියමිත අතර එය මෙම මස අගදී හෝ ඔක්තෝම්බර් මස මුල් සතිය තුලදී නිකුත්වීමට නියමිතයි.

මෙවර OnePlus 8T Pro ජංගම දුරකථනයක්ද නිකුත් වනු ඇතැයි මත පලවෙනවා.

Sources: GSM Arena, Android Central & Business Insider