Loading...
Android 13 වල බල ගැන්වෙන OxygenOS13 වලින් OnePlus වලට නව විශේෂාංග රැස​ක්

OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා වසර ගණනාවකම සිට Oxygen OS Android Skin එක සදහා යොදා ගනු ලබනවා. ඒ වගේම පසුගිය කාලයේදී OnePlus සමාගම හා Oppo සමාගම ඔවුන්ගේ ColourOS Teams හා OxygenOS Codebase එකා බද්ධ කිරිමත් සිදු වුවා.

ඒ වගේම මේ වෙන විට OnePlus සමාගම විසින් Android 13 මත පදනම් වු Oxygen OS 13 පිළිබඳ කටයුතු කරමින් සිටින අතර මේ Version එක “Aquamorphic Design” එකකින් යුතු වෙන බවත් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මේ Design එක Samsung සමාගමේ පරණ Android Skin එකට ද යම් සමානකම් දක්වන බවටත් දක්වන්න පුලුවන්.

Oxygen OS 13හි විශේෂාංග

Oxygen OS 13 ඔස්සේ Home Screen එකේ ප්‍රමාණයෙන් විශාල Folder සැදීමට මෙන්ම මෙම Folders සදහා යොදනු ලබන Apps, එම Folder එක Open කිරිමකින් තොරව Open කිරිමේ හැකියාවත් ලබා දෙනු ඇත.

එමෙන්ම මේ Update එක මගින් වෙනස් කළ හැකි Always-on Display Feature එකත් සමග තවත් අමතර Functionality හා Widgets ලබා දෙන අතර එක් අතකින් දුරකථනය භාවිතා කිරිම පහසු කිරිම සදහා Sidebar Toolbox එක සමග Apps සදහා Quick Access ලබා දෙනු ඇත.

මීට අමතරව Google’s Audio Switch tech, Fast Pair integration හා Spatial Audio/Dolby Atmos ආදි පහසුකම් මේ Update එක මගින් ලැබෙන අතර Privacy Safe 2.0 Version එකත්, Nearby Share support, AI system booster හා App Streaming ආදි තවත් නව පහසුකම් ගණනාවක් ලබා දිමට නියමිත වෙනවා.

Oxygen OS 13 සදහා සහය දක්වනු ලබන Devices

OnePlus 8, OnePlus 8 Pro
OnePlus 8T
OnePlus 9, OnePlus 9 Pro
OnePlus 9R
OnePlus 9RT
OnePlus 10 Pro
OnePlus 10R
OnePlus 10T

OnePlus Nord 2
OnePlus Nord 2T
OnePlus Nord CE
OnePlus Nord CE 2
OnePlus Nord CE 2 Lite

කෙසේ වෙතත් OnePlus සමාගම විසින් තවමත් Oxygen OS 13 Update එක මෙම Devices සදහා ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳ ප්‍රකාශ කර නොමැති වනවා.

Sources: XdaDevelopers AndroidAuthority