Loading...
Pro මාදිලි සඳහා පමණක් සීමා වෙන්න යන OnePlus Alert Slider එ​ක

OnePlus Smart Phone එකක් කියපු ගමන් අපිට මතක් වෙන්නේ Pure Android Skin එකට ආසන්න skin එකක් එක්ක Premium Grade උපාංග යොදාගෙන නිෂ්පාදනය වෙන Flagship Killer Smart Phone එකක්. නමුත් වර්තමානය වෙන විට ඔවුන් Mid Range Smart Phones නිකුත් කිරිමටත් කටයුතු කිරිම මගින් මේ තත්වය මදක් වෙනස් වුණා.

ඒ වගේම මේ OnePlus Smart Phones සතු වු තවත් එක් විශේෂාංගක් ලෙස Alert Slider එක හදුන්වා දෙන්න පුලුවන්. OnePlus Smart Phones වලට අමතරව මෙවැනි විශේෂාංගයක් පැවැතුනේ Apple සමාගම විසින් නිකුත් කරන iPhone Series එක සතුව පමණයි.

OnePlus Alert Slider

කෙසෙ වෙතත් මේ වෙන විට ඉදිරියේදි නිකුත් විමට නියමිතව ඇති OnePlus 10T Smart Phone එක පිළිබඳ වාර්තා වෙන තොරතුරුවලට අනුව මේ Device එකෙන් ඔවුන්ගේ සුපුරුදු Alert Slider එක ඉවත් කිරිමට කටයුතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මීට පෙර නිකුත් කරන ලද Nord N Models වලත් මෙම Alert Slider එක අඩංගු නොවුයේ එම Devices Oppo සමාගම සදහා Design කරන ලද ඒ වු නිසාම මෙන්ම මෙම Series එකේ Entry Level Devices OnePlus ලෙසින් Rebrand කරන ලද Oppo Models වෙන නිසයි.

ඒ අනුව ඉදිරියේදි OnePlus සමාගමේ Smart Phones සදහා සුවිශේෂී වෙන මේ Alert Slider එක OnePlus Pro Models සදහා පමණක් ඇතුළත් වෙනු ඇති අතර සමහර විට Oppo Flagship Devices සදහාත් ලබා දීමේ හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව OnePlus සමාගම විසින් තවමත් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැති වෙන අතර සත්‍ය වශයෙන්ම මෙලෙස OnePlus 10T Smart Phone එක සදහා Alert Slider එක ලබා නොදෙනු ඇතිදැයි ඉදිරියේදි නිල වශයෙන්ම දැන ගැනිමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මේ OnePlus Smart Phones සදහා ලබා දෙන සුවිශේෂි Alert Slider එක ඉදිරියේදි OnePlus Pro Models සදහා පමණක් සීමා විමක් සිදු වෙන්නේ ද මේ Alert Slider එක OPPO Flagship Devices සදහාත් ලබා දීමට සුදානම් වෙන්නේ ද යන්න පිළිබඳවත් ඉදිරියේදි ඔබ වෙත තවත් තොරතුරු ගෙන ඒමට අප සුදානම්.

ඔයත් OnePlus Brand එකේ රසිකයෙක් වගේම මේ සුවිශේෂී Alert Slider එකට කැමති කෙනෙක් නම්, Alert Slider Feature එකේ අනාගතය කොහොම වෙයිද කියල කතාබහ කරන්න අපේ Forum එකට එන්න.

Source : Gsm Arena