Loading...
Green Line Display issue එක සඳහා Lifetime Screen Warranty එකක් ලබා දීමට OnePlus කටයුතු කර​යි

Android Authority වෙබ් අඩවිය මඟින් වාර්තා කරන ආකාරයට green line issue එක පැන නැගුනු දුරකතන වෙ​ත OnePlus වෙති​න් lifetime screen warranty එකක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙය මේ වන විට ඉන්දියානු පරිශීලකයන්ට පමණක් හිමිවන බවයි වාර්තා වන්නේ.

Green Line issue එක පැන නැගුනු දුරකතන සඳහා නොමිලේ screen replacements ලබා දෙන අතර, screen replacement එක ​හෝ OnePlus 8/8T/9/9R යන ජංගම දුරකතන හිමියන්ට ඉන්දියානු රුපියල් 25,500ක වවුචර්පතක් මඟින් ලබා දීම හරහා නව OnePlus දුරකතනයකට මාරු වීමට අවස්ථාව හිමි වනවා. මීට අමතර ඉන්දියාව සඳහා පමණක් නිකුත් කෙරුනු OnePlus 10R දුරකතනයට හිමිවන බව වාර්තා වනවා.

මේ පිළිබඳ OnePlus විසින් ප්‍රකාශයක්ද සිදු කර තිබෙන අතර එය පහතින් දැක්වේ.

We realize that this issue has caused a great deal of inconvenience to the affected users, and we apologize for it. In line with our unwavering commitment, we encourage users to visit the nearest OnePlus service center for device diagnosis, and we will provide free screen replacement for all devices affected by the situation. On select OnePlus 8 and 9 Series devices, we are also offering a voucher that will provide the user with a fair percentage of the device value to upgrade to a new OnePlus device. In light of the current situation, we are now offering a lifetime screen warranty on all affected devices. Thank you for your understanding and support.

​Mobile screen devices වල green lines පැමිණි විට ජංගම දුරකතන නිපදවන සමාගමක් විසින් පාරිභෝගිකයා වෙනුවෙ​න් මෙවැනි පියවරක් ගත් පළමු අවස්තාව ලෙස මෙය හැදින්විය හැකියි.

Sources: www.androidauthority.com