Loading...
OnePlus 9, OnePlus 9 Pro සහ OnePlus 9R (India only) එලිදැක්වීමට OnePlus සමාගම කටයුතු කරයි

නිලලත් නිලනොලත් තොරතුරු ගණනාවකට පසු OnePlus 9 Series එක Officially එලිදැක්වුනා. එහීදී OnePlus 9, OnePlus 9 Pro සහ OnePlus 9R ලෙසින් දුරකථන මාදිලි 3 නිකුත් උනා. එම දුරකථන පිළිබදව මෙම ලිපිය ඔස්සේ කෙටියෙන් විමසා බලමු.

OnePlus 9

මෙම දුරකථනයට අගල් 6.55 ක Fluid AMOLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1080 x 2400 කි. Display එකට 120 Hzක refresh rate එකක් සහ 20:9 ක aspect ratio එකක් පවතින අතර, Corning Gorilla Glass 5 සහ HDR10+ සහය දක්වයි.

OnePlus 9 දුරකථනය බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්. මෙම දුරකථනය Globally මාදිලි 2 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 8 GB RAM එකක් සමග 128 GB Storage එකක් සහ 12 GB RAM එකක් සමග 256 GB Storage එකක් ආදී ලෙසිනි. ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී නැත.

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු OxygenOS 11 වේ. OnePlus හි battery එක විදියට Li-Po 4500mAh, non-removable battery එකක් සහ 65W fast charging පහසුකම සහ 15W wireless fast charging පහසුකමත් පවතිනවා.

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 48-megapixel f/1.8 aperture එකක් සහ EIS පහසුකම අඩංගු වන Sony IMX689 primary sensor එකකිනුත් secondary sensor එක විදියට 50-megapixel Sony IMX766 sensor එකක් සහිත ultra wide camera එකක් හා 2-megapixel monochrome sensor ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 30fps වලිනුත් 4K videos 60fps දක්වාත් 1080p videos 120fps දක්වාත් Auto HDR හා gyro-EIS පහසුකම සහිතව Record කරගැනීමේ හැකියාව පවතිනවා. මෙහි selfie camera එක විදියට 16 MP, f/2.4 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරම එයට 1080p video 30fps වලින් record කිරීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව sensors විදියට Under Display Fingerprint , accelerometer, gyro, proximity, compass යන sensors මෙම device තුළ අඩංගු වෙනවා. OnePlus 9 දුරකථනයේ 8GB/128GB model එක ආසන්න වශයෙන් $828 ක් හා 12GB/256GB model එක ආසන්න වශයෙන් $948 ක මිලකට නිකුත් උනා.

OnePlus 9 Pro

මෙම දුරකථනයට අගල් 6.7 ක QHD+ LTPO Fluid 2.0 AMOLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1440 x 3216 කි. මේ display එකට 120Hzක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 20:9 කි. මෙම display එක Corning Gorilla Glass 5 ආරක්ෂා කර ඇති අතර HDR10+ සහය දක්වයි.

OnePlus 9 Pro දුරකථනය බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්. මෙම දුරකථනය Globally මාදිලි 2 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 8 GB RAM එකක් සමග 128 GB Storage එකක් සහ 12 GB RAM එකක් සමග 256 GB Storage එකක් ආදී ලෙසිනි. ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී නැත.

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු OxygenOS 11 වේ. OnePlus 9 Pro හි battery එක විදියට Li-Po 4500mAh non-removable battery එකක් සහ එයට 65W fast charging පහසුකම සහ 50W wireless fast charging පහසුකමත් පවතිනවා.

මෙම device එකට ලබාදී ඇත්තෙ quad rear camera setup එකක් වන අතර එය 48-megapixel f/1.8 aperture එකක් සහ OIS පහසුකම අඩංගු වන Sony IMX789 primary sensor එකකිනුත් secondary sensor එක විදියට 50-megapixel Sony IMX766 sensor එකක් සහිත ultra wide camera එකකුත් 8-megapixel telephoto lens එකක් හා 2-megapixel monochrome sensor ලෙසින් camera 4 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 30fps වලිනුත් 4K videos 120fps දක්වාත් 1080p videos 240fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා. මෙහි selfie camera එක විදියට 16 MP, f/2.4 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව sensors විදියට Under Display Fingerprint , accelerometer, gyro, proximity, compass යන sensors මෙම device තුළ අඩංගු වෙනවා. මීට අමතරව මෙම දුරකථනයට IP68-certified water and dust resistance body එකක් පවතිනවා. OnePlus 9 Pro දුරකථනයේ 8GB/128GB model එක ආසන්න වශයෙන් $1066 ක් හා 12GB/256GB model එක ආසන්න වශයෙන් $1184 ක මිලකට නිකුත් උනා.

OnePlus 9R

මෙම දුරකථනයට අගල් 6.55 ක Fluid AMOLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1080 x 2400 කි. මේ display එකට 120Hzක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 20:9 කි. මෙම display එක Corning Gorilla Glass 5 ආරක්ෂා කර ඇති අතර HDR10+ සහය දක්වයි.

OnePlus 9 දුරකථනය බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 870 7nm processor එකෙනි. මෙම දුරකථනය මාදිලි 2 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම් , 8 GB RAM එකක් සමග 128 GB Storage එකක් සහ 12 GB RAM එකක් සමග 256 GB Storage එකක් ආදී ලෙසිනි. ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී
නැත.

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු OxygenOS 11 වේ. OnePlus හි battery එක විදියට Li-Po 4500mAh, non-removable battery එකක් සහ 65W fast charging පහසුකමත් පවතිනවා.

මෙම device එකට ලබාදී ඇත්තෙ quad rear camera setup එකක් වන අතර එය 48-megapixel f/1.7 aperture එකක් සහ OIS පහසුකම අඩංගු වන wide angle primary sensor එකකිනුත් secondary sensor එක විදියට 16-megapixel ultra wide camera එකකිනුත් 5-megapixel macro camera එකක් හා 2-megapixel depth sensor ලෙසින් camera 4 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 4K videos 60fps දක්වාත් 1080p videos 120fps දක්වාත් Auto HDR හා gyro-EIS පහසුකම සහිතව Record කරගැනීමේ හැකියාව පවතිනවා. මෙහි selfie camera එක විදියට 16 MP, f/2.4 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව sensors විදියට Under Display Fingerprint , accelerometer, gyro, proximity, compass යන sensors මෙම device තුළ අඩංගු වෙනවා. OnePlus 9R දුරකථනයේ 8GB/128GB model එක ආසන්න වශයෙන් $548 ක් හා 12GB/256GB model එක ආසන්න වශයෙන් $602 ක මිලකට නිකුත් උනා.

Source: GadgetsNDTV, GSM arena