Loading...
OnePlus Nord මාලාවේ නවතම ජංගම දුරකතනය වන OnePlus Nord SE, 2021 වර්ෂයේ මුල් භාගයේදී නිකුත් කිරීමට සැලසුම් කරයි

OnePlus සමාගම mid-range segment එකට අවධානය දීලා smartphones manufacture කරන්න පටන් අරන් තියෙන්නේ කියල අපි හැමෝම දන්නවා. ඉතින් ඒක ඔවුන් පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේ එලි දැක්වුනු OnePlus Nord device එක එක්කයි. ඒ එක්කම Nord N10 5G සහ N100 ඔවුන්ගේ mid-range portfolio එක expand කරගන්නට ඔවුන් සමත් වුනා. ඉතින් Android Central ලගෙ අලුත් වාර්තාවකට අනුව OnePlus සමාගම ලබන වසරේ දී OnePlus Nord SE නමින් device එකක් Nord series එකට අලුතින් හඳුන්වා දෙන්න සැලසුම් කරමින් ඉන්නවා.

OnePlus Nord SE වල major selling points වලින් එකක් විදිහට එහි fast charging capability එක එම වාර්තාව මගින් පෙන්වල දීලා තියෙනවා. එම වාර්තාවට අනුව Nord SE එක 65W fast charging technology එක feature කරනවා. OnePlus 8T එකේ අපි දැක්ක Warp Charge 65 feature එකත් මේකට එනව කියලා මත පලවෙනවා. ඒ වගේම මිනිත්තු 39 කින් fillවෙන 4,500mAh battery එකක් මේකට feature වෙන්න නියමිතයි කියලත් වාර්තා වෙනවා.

ඉතින් මේ Nord SE එක codename වෙන්නේ Ebba කියන නමින්. මේකේ display එකට එන්නේ AMOLED panel එකක්. කෙසේ වෙතත් අනිත් key specs ගැන නිශ්චිත තොරතුරක් තාම ලැබිලා නෑ.

ඉතින් මේකේ availability එක ගැන කතා කරද්දී OnePlus 9 series එක නිකුත් කරලා කෙටි කාලයකින් නිකුත් කිරීමට දැනට සැලසුම් කරල තියෙනවා. ඒ අනුව ගත්තම 2021 මුල් භාගය කියල හඳුන්වන්න පුලුවන්.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස මොකක්ද? Comment section එක ඒකට විවෘතයි.

Source : Android Central