Loading...
Games, Museum ඇතුලු ආකර්ෂණීය අත්දැකීම් රැසක් සමගින් OnePlus සමාගමේ OnePlus World නම් VR Platform එක එලිදක්වයි

සිය අලුත්ම flagship device එක නිකුත් කිරීමට OnePlus සමාගම සූදානමින් ඉන්නවා ඒ තමා OnePlus 8T. ඔක්තෝබර් 14 වැනිදා මේක නිකුත් කරන්න OnePlusලා සූදානමින් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ device එක නිකුත් කරන්න සති එකක් වගේ කාලයක් තියලා OnePlus සමාගමේ වැදගත්ම feature එකක් unveil කරන්නට ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ තමා VR experience එක dub කරලා තියෙන ‘OnePlus World’. ඔව් මෙහෙම unveil කරන්න හොඳ හේතුවකුත් තියෙනවා.

OnePlus world කියන්නේ 360-degree interactive platform එකක්. මේ හරහා විවිධාකාර activities සහ experiences ලබාගන්න පුලුවන්. ඔයා ඉස්සෙල්ලාම OnePlus world එකට enter වෙනකොට ඔයාට සිද්ධ වෙනවා avatar එකක් choose කරගන්න. ඔයාට avatar එකක් customize කරගන්න පුලුවන් වගේම ‘Surprise me’ කියන option එක choose කරලා ඒගොල්ලො දෙන avatar එකක් choose කරගන්නත් පුලුවන්. ඕනෙ නම් ඔයාගෙ photo එකක් upload කරලා avatar එක හදාගන්නත් පුලුවන්.

Note : ඔයාට OnePlus World එකට enter වෙන්න VR headset අත්‍යවශ්‍ය වෙන්නෙ නෑ. මේ link එකෙන් ගිහින් ඔයාටත්  OnePlus World එක experience කරන්න පුලුවන්.

OnePlus World එකේ තියෙන attractive ම දෙයක් තමා VR games. Ultra Tennis, Spell Off, Hertz, WarpRide වගෙ games කීපයක්ම මේ platform එකේ experience කරන්න පුලුවන්.

ඉතින් මේ activities explore කරන අයට OnePlus World එකේ points offer කරන system එකකුත් තියෙනවා. ඒ points අනුව prizes පවා දිනාගන්න පුලුවන්. OnePlus accessories සඳහා 20% discount coupons, OnePlus 8T case, OnePlus water bottle, Bullets Wireless Z, සහ OnePlus Buds වගේ items පවා දිනාගන්න chances තියෙනවා. වඩාත් වැදගත්ම සහ attractive ම දේ තමා දවස් දාහතරකින් leaderboard එකට එන top 50 users ලට OnePlus 8T එකක් gift එක ව්දිහට ලැබෙනවා.

මේ experience එකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමා OnePlus phones වල 3D models showcase කරන virtual museum එක. ඒ වගේම OnePlus community එකේ creative works showcase කරලා තියෙන “Shot on OnePlus Gallery” එක.

ඉතින් මේ වගේ virtual space එකක් build කරන්න හේතු උනේ OnePlus 8T launch කරන්නයි. OnePlus සමාගම මේ OnePlus World එකේ auditorium එකක් build කරලා තියෙනවා. එතනදි ඔයාට පුලුවන් OnePlus 8T launch කරන event එක දැක බලාගන්න.

Source: OnePlus