Loading...
OnMobile සහ Dialog සමාගම එක්ව ලංකාවේ ප්‍රථම mobile cloud gaming platform එක හඳුන්වාදීමට සූදානම් ​වේ

ඉන්දීය Telecommunications සමාගමක් වෙන OnMobile සමාගම සමග Dialog Axiata සමාගම විසින් Mobile Cloud Gaming Platform එකක් ශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට එක්ව තිබෙනවා. ශ්‍රී ලංකාව සදහා ප්‍රථමවරට Dialog Axiata සමාගම විසින් හදුන්වා දෙනු ලබන මේ Mobile Cloud Gaming Platform එක ඔවුන් "ONMO" ලෙසින් නම් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදි Dialog පාරිභෝගිකයන්ට ONMO Cloud Gaming Platform එක ඔස්සේ Dialog පාරිභෝගිකයන් සදහා ඉතා ජනප්‍රිය Action, Arcade, Racing, Adventure හා Puzzles ආදි Games Category ගණනාවක Next Generation Mobile Cloud Games Play කිරිමේ හැකියාව උදා වෙනවා. මේ වෙන විටත් ONMO තුලට Mobile Games 60කට වැඩි සංඛ්‍යාවක් ලබා දි තිබෙනවා.

ONMO හි ප්‍රධාන විධායක නිලධාරී වෙන ක්‍රිෂ් ශේෂාද්‍රි මහතා විසින් දක්වා ඇති ආකාරයට මෙය ශ්‍රී ලාංකීය Cloud Gaming Platform එකේ නැවුම් වෙනසක් ඇති කරන ලබන විශාල හැරවුම් ලක්ෂ්‍යක් වෙන අතර මෙය Dialog පාරිභෝගිකයන් සදහා ලැබෙන වැදගත් අවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Sources: Times of India, Gadget Times