පසුගිය දිනක චීනයේ Shenzhen හි පිහිටි Oukitel සමාගම විසින් CES 2025 (Consumer Electronics Show) හිදී WP100 Titan නමින් නවතම smartphone එකක් ලෝකයට හඳුන්වා දුන්නා. මෙය 33,000mAh බැටරියකින් බලගැන්වෙන ලෝකයේ පළමු rugged (බලවත් හා ආරක්ෂිත) smartphone එකක් වෙනවා. ඒ කියන්නේ iPhone 16 Pro හි බැටරියට වඩා නව ගුණයකින් වැඩියි!
Oukitel හි නිර්මාතෘ Mr. Zhang විසින්, "WP100 Titan කියන්නේ එළිමහනේ භාවිතයට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන තාක්ෂණික පිම්මක්. මේක Oukitel හි නව්‍යකරණයට තියෙන කැපවීමේ සාක්ෂියක්." ලෙස මේ ගැන සඳහන් කර තිබෙනවා.
WP100 Titan හි විශේෂත්වයන්
WP100 Titan කියන්නේ සාමාන්‍ය smartphone එකකට වඩා ගොඩක් ඉදිරියෙන් තිබෙන Smartphone එකක්.
- 33,000mAh Battery: මේ Battery එක ඔස්සේ මාස 6කට වඩා standby time එකක් ලැබෙනවා. ඒ කියන්නේ පැය 4,459 ආසන්න කාලයක්. මේ ඔස්සේ ඇමතුම් විනාඩි 289ක් (දවස් 12කට ආසන්න), වීඩියෝ පැය 42ක්, හෝ Gaming සඳහා පැය 33ක් පමණ භාවිතා කරන්න පුළුවන්. 66W fast charging සහ 18W reverse charging පහසුතමත් මේ සමඟ ලබා දී තිබෙනවා.
- 100-Lumen DLP Projector: ඕනෑම තැනකදී චිත්‍රපටි හෝ presentations බලන්න මේ projector එක භාවිතා කරන්න පුළුවන්.
- 1200-Lumen Camping Light: LED Light එකක් එක්ක එන මෙය පැය 150ක් දල්වා තැබිය හැකියි.
- 200MP කැමරාව: මේ සඳහා Samsung S5KHP3 Primary Camera Lens එකකුත්, 20MP night vision සහ 2MP macro Camera Lens එකකුත් ලබා දී තිබෙනවා. Selfie වලට 32MP Sony IMX616 Camera Lens එකක් ද ලබා දී තියෙනවා.
- 4nm Chipset එක: MediaTek Dimensity 7300 (4nm, 5G) එක්ක 16GB LPDDR5X RAM (48GB දක්වා expandable) සහ 512GB Storage එකක් ලබා දී තිබෙනවා.
- 6.8" FHD+ තිරය: 1080x2460 resolution එක්ක 120Hz refresh rate සහිත Display එකක් ලබා දි තිබෙනවා.
- Android 14 මත ධාවනය වෙන මේක Android 15 වෙත upgrade වෙන්නත් සූදානම්. ඒ වගේම IP68/69K ඔස්සේ දුවිලි සහ ජලයෙන් ආරක්ෂාවත් එක්ක ඕනෑම තත්ත්වයකට ගැලපෙනවා.

Oukitel WP100 Titan 2025 පෙබරවාරි 18දා Kickstarter හරහා ඩොලර් 899ක පමණ මිලකට නිකුත් වු අතර මේ සඳහා ඇති ඉහළ ඉල්ලුමත් සමඟ මාර්තු මසදී නිෂ්පාදන කටයුතු ආරම්භ වෙලා, අප්‍රේල් වලදී බෙදාහැරීම ආරම්භ වෙයි කියලා බලපොරොත්තු වෙන්න පුලුවන්.
Source: www.theverge.com www.notebookcheck.net www.notebookcheck.net