Loading...
Samsung Galaxy S II ජංගම දුරකතනය සඳහා Android 12 වලින් බල ගැන්වෙන Custom Rom එකක් නිකුත් ​වේ

කලකට පෙර ලොව බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් ජංගම දුරකතනයක් ලෙස Samsung Galaxy S II (S2) කිසිම අවිවාදයකින් තොරව සඳහන් කල හැකියි. එකල විශාල වශයෙන් ව්‍යාපාරික මෙන්ම තරුණ ප්‍රජාව අතරද ජනප්‍රියත්වයට පත් මේ ජංගම දුරකතනය එවකට විශාල විකුණුමක් සහිත වූ ජංගම දුරකතනයක් බවටද පත්වූවා. ඉතිහාසයේ වැඩිම Custom Rom ප්‍රමාණයක්ද නිර්මාණය වූ ජංගම දුරකතන අතර ප්‍රමුඛ ස්ථානයක්ද Samsung Galaxy S II ජංගම දුරකතනය හොබවනවා.

මේ වන විට නිෂ්පාදනය මෙන්ම, මෘදුකාංග සහයද නිල වශයෙන් නවතාදමා ඇති මෙම ජංගම දුරකතනයට නවතම Android සංස්කරණය වන Android 12 මඟින් නිර්මාණය කරනු ලැබූ custom rom එකක් එලිදැක්වීමට XDA Developersහි developerවරයකු සමත්ව තිබෙනවා.

එම developer විසින් Samsung Galaxy S II ජංගම දුරකතනයේ GT-I9100 යන model number එකෙන් සමන්විත වන මාදිලිය සඳහා LinageOS 19.0 භාවිතා කරමින් Android 12 සංස්කරණය ඇතුලත් custom rom එකක් නිල නොවන වශයෙන් නිර්මාණය කර තිබෙනවා. තවමත් එය පසුවන්නේ Alpha අවධියේ වුන​ත් එහි වැඩිදියුණු කිරීම සහ අඩුපාඩු හදුනාගෙන ඒවා මග හරවා ගැනීම සඳහා එය පොදු භාවිතාව සඳහා නිකුත් කර තිබෙනවා.

දැනට මෙම custom rom එක තම ජංගම දුරකතනයට ස්ථාපනය කරනු ලැබු පරිශීලකයන්ගේ ප්‍රතිචාර අනුව Wi-Fi, Bluetooth, audio output මෙන්ම දුරකතන සබඳතාවයද ඉතාමත් හොදින් කටයුතු කරනු ලබනවා. මේ custom rom එක භාවිතා කරමින් Samsung Galaxy S II මාදිලියේ ජංගම දුරකතනයක් භාවිතා කිරීමට සැරසෙනවා නම් ඔබගේ ජංගම දුරකතන සේවා සපයන්නා විසින් 3G සඳහා සහය දක්වනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

ඔබට මෙම custom rom එක අත්හදා බැලීමට අවශ්‍ය නම් පහත link එකෙන් එය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Download unofficial LineageOS 19.0 based on Android 12 for the Samsung Galaxy S II

Source: XDA Developers