Loading...
Pixel 5හි renders images ලෝකප්‍රසිද්ධ tipster කෙනෙක් වන OnLeaks විසින් නිකුත් කරයි

මීට ටික දවසකට කලින් අපිට ලැබුනු ආරංචියක් තමයි Google Pixel 5 සහ Pixel 4a 5G කියන ජංගම දුරකථන් දෙක එලඹෙන සැප්තැම්බර් 30 වන දිනයේදී නිකුත් වෙනවා කියන එක ඉතිං මේ ආරංචියත් අතරම විශ්වාසදායී leaker කෙනෙක්ගෙන් Pixel 5 එකේ design එකේ render එකක් ඇවිල්ලා තියෙනවා. Google කොහොමද මේ ලීක් කරගන්නේ කියල කියවන්න ඕන්නම් පල්ලෙහායින් ලින්ක් කරල තියෙන article එක කියවන්න. එතකොට තේරෙයි මේ එන renders කොහොමද අන්තිමට රිලීස් වෙන ෆෝන් එකට 90%කටත් එහා සමාන වෙන්නේ කියල.

ඉතිං වෙනදා වගේම මේ පාරත් ලීක් එක දෙන්නේ OnLeaks තමයි. ඒ Pricebaba වෙබ් සයිට් එකත් එක්ක එකතු වෙලා. ඉතිං OnLeaksගේ render එකට අනුව Pixel 5 එකත් Pixel 4a එක වගේම display එකේ punch hole එකක් එකක් එන front camera එකකිනුත් මේ වන විට බහුලව භාවිතා වන square camera cut එකක් එක්ක එන rear camera setup එකක් එක්ක එන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි finger print sensor එක පිටිපස්සෙන් බලාගන්න පුළුවන්.

OnLeaksගේ render එකට අනුව Pixel 5 එකbrushed metal නිමාවකින් යුතු unibody එකකින් යුක්ත වෙනවා. Renders වලට අනුව කළු සහ කොළ වර්ණයෙන් Pixel 5 එක රිලීස් වෙන්න නියමිතයි.

දැනටමත් ආපු rumors වලින් Pixel 5 එක Qualcomm සමාගමෙන් නිපදවන mid-range chipset එකක් වෙන Snapdragon 765 එකෙන් බලගැන්වෙනවා. Google සමාගම විසින් Pixel 4a 5G එකටත් භාවිතා කරන්නේ මේ chipset එකම බව rumors වලින් කියවෙනවා. ඒ වගේම Base model එක 6GB රැම් ධාරිතාවයකිනුත්, 128GB අභ්‍යන්තර මතක ධාරිතාවයකිනුත් යුක්ත වෙනවා.

Rendered images වලට අනුව Pixel 5 එකෙත් එන්නේ Pixel 4 එකේ ආපු square cutout එකෙන් එන කැමරා මොඩියුල් එකක්. ඒවගේම 90Hz refresh rate එකකින් යුක්ත QHD+ display එකකිනුත් 3080mAh බැට්‍රියකිනුත් Pixel 5 බල ගැන්වෙනවා. මෑතකදි නිකුත් උන Pixel 4a කැමරාවේ performances බලනකොට Pixel 5 එකේ කැමරා performances කොහොම වෙයිද කියල අපිට හිතාගන්න පුලුවන්.

ඒ කොහොම උනත් මේ පාර නම් Pixel 5XL එකක් ගැන කොහේවත් සඳහනක් මේ tipstersලා දීලා නම් නෑ.

Source: OnLeaks & Pricebaba