Loading...
POCO සන්නාමය විසින් ඔවුන්ගෙ නව නිල Logo එක සහ Company Mascot එක එලිදැක්වීමට කටයුතු කරයි

POCO සන්නාමය 2018 වසරේදී Xiaomi සමාගමේ උප වෙළද නාමයක් ලෙසින් කරලියට පැමිණි අතර 2020 වසරේදී POCO සන්නාමය Xiaomi සන්නාමයෙන් වෙන්වීමට කටයුතු කළේය. Poco සමාගම අද දින ඔවුන්ගේ නවතම logo එක සහ company mascot  එක නිවේදනය කළේය.

මෙය ඔවුන් සිදුකරන්නට ඇත්තේ Xiaomi සමාගම සමග කිසිදු සම්බන්ධයක් නොමැති ස්වාධීන බව තවදුරටත් පෙන්වීමට උත්සාහ කිරීමක් විය හැකිය.‌‌ ඔවුන්ගේ අලුත් mascot එක මූලිකව පදනම් කොටගෙන ඇත්තේ angry/mad emoji එකකි. ‌‌එම mascot එකේ details විස්තරාත්මකව දැක්වූ image එකක් පහතින් දැක්වේ.

මීට අමතරව POCO සමාගමේ අලුත්ම tagline එක Made of Mad ලෙසත් නිවේදනය කර තිබෙනවා. මේ සියල්ලෙන්ම පාරිභෝගිකයා කුතුහලයට පත් කිරීමට උත්සාහ දරණ බවත් දක්නට තිබේ.

‌‌කෙසේවෙතත් counterpoint research ආයතනයට අනුව මේ වන විට online sales ප්‍රමාණය අනුව ඉන්දියාවේ තුන්වන විශාලතම smartphone සමාගම වන්නේද POCO සමාගමයි.

Source: Android Authority