Loading...
මෑතකදී චීනයට පමණක් නිකුත් වූ Redmi K40 ජංගම දුරකතනය POCO F3 ලෙසින් Global Release කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ

Xiaomi Redmi K40 Series එක පසුගිය දිනක චිනයේදි එළිදැක්වු බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ Redmi K40 Series එක චීනයට පමණක් සිමා වු Series එකක් වෙනවා. එහි Global Release එක POCO Brand එක යටතේ සිදු වෙන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. මේ බව ප්‍රසිද්ධ Leaker කෙනෙක් වෙන Abhishek Yadav විසින් ඔහුගේ Twitter ගිණුම මගින් පල කර තිබෙනවා.

ඒ අනුව Redmi K40 Series එක POCO F3 විදිහට Global Market එකට නිකුත් වෙනු ඇත.

ඒ අනුව Redmi K40 Series එක වගේම මෙය Qualcomm Snapdragons 870 5G Chipset එක මගින් බලගැන්වෙන අතර මෙය 6GB හා 12GB RAM එකක් සහිතව 128GB හා 256GB Internal Storage Optionsවලින් නිකුත් වෙනු ඇත.

120Hz Display Refresh Rate එකක් සහිත අගල් 6.77ක Super AMOLED Display එකකින් සමන්විත වෙනවා. මේ සදහා Gorilla Glass 5 Protection එකත් ලබා දි තිබෙනවා. 48MP Primary Lens එකකින් යුතු Triple Camera Setup එකකින් යුතු වෙනවා. අමතරව 8MP Ultrawide හා 5MP Macro Lens එකක් වගේම 20MP Selfie Camera Setup එකකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

4520mAh Battery එකක් පවතින අතර එය 33W Fast Charging Technology එක සදහා සහය දක්වනවා. එනම් පැයක් ඇතුලත Battery එක Full Charge කල හැකි වෙනු ඇත. Redmi K40 Series එක දැනට Android 11 OS එක සමගින් MIUI 12 සමග වෙළදපොලට නිකුත් කර තිබෙනවා. මෙහි Global Version එක වෙන POCO F3 Series එකට Android 11 OS එක සමග MIUI 12.5 Version එක ලැබෙනු ඇත.

Source - Gsm Arena, Abhishek Yadav