Loading...
Xiaomi Redmi K40 Pro 5G ජංගම දුරකතනය නිකුත් කිරීමට කටයුතු කරයි

Redmi K40 Pro 5G smartphone එක පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Display

මේ device එකේ display එක විදියට
6.67 inches Super AMOLED display එකක් මේකෙ resolution එක වෙන්නෙ 1080 x 2400 විදියටයි. මේකෙ screen to body ratio එක වෙන්නෙ 85.9% ක්. 120 Hz refresh rate එකක් මේ display එකට තියෙනවා. Display එක Corning Gorilla Glass 5 වලින් ආරක්ෂා කර ඇත.

Chipset , Ram , Storage

මේක බලගැන්වෙන්නෙ Qualcomm SM8350 Snapdragon 888 5nm flagship processor එකෙන්. ඊට අමතරව මේක 6GB ram එකක් එක්ක 128GB storage එකක් එක්ක හෝ 8GB ram එකක් එක්ක 128GB storage එකක් එක්ක හෝ 8GB ram එකක් එක්ක 256GB storage එකක් එක්ක ලෙසින් storage/ram capacity අනුව models තුනකින් මිලදී ගන්න පුලුවන්.

OS

මේකට එන්නෙ Android 11 based කරගත්ත MIUI 12 operating system එක.

Battery

මේකෙ battery එක විදියට Li-Po 4520mAh, non-removable battery එකක් සහ මේ device එකට 33W fast charging පහසුකමත් තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ triple rear camera setup එකක්. ඒකට 64 MP, f/1.9, 26mm (wide), 1/1.7", 0.8µm, PDAF wide angel lens එකකුත් 8 MP, f/2.2, 119˚ ultra wide lens එකකුත් 5 MP, 50mm macro lens එකකුත් තියෙනවා.

ඒවාගේම මේකට 8K 30fps වලිනුත්, 4K 60fps දක්වා සහ 1080p videos 960 fps දක්වාත් EIS පහසුකමත් සමග record කරන්න හැකියාව තිබෙනවා.

මේකෙ selfie camera එක විදියට 20 MP wide angle camera එකක් බලාගන්න පුලුවන්. මේකට 1080p videos 30 fps වලිනුත් 720p videos 120fps දක්වාත් record කරන්න පුලුවන්.

Sensors

ඒ වගේම මේක sensors විදියට Fingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass, color spectrum, barometer යන sensors බලාගන්න පුලුවන්.

Price

මෙම Redmi K40 Pro 5G දුරකථනයේ 8GB Ram එකක් එක්ක 256GB Storage එකක් සමග එන model චීනය තුළ ආසන්න වශයෙන් 510$ පමණ වෙනවා.

Source: GSMAreana