Loading...
Xiaomi නැවතත් සුපුරුදු රිදමයට, HyperOS සමඟින් bootloop කරලියට: ලොව නන්දෙසින් පැමිණි​ලි

Xiaomi සමාගම විසින් මෑතකදී ඔවුන්ගේම නව ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වන HyperOS නිකුත් කිරීම පිළිබඳව අප විසින් ඔබ මීට පෙර දැනුවත් කල බව ඔබ​ට මතක ඇති.

MIUI වෙත සමුදෙමින් Xiaomi සමාගම HyperOS නුදුරේදීම එලිදැක්වීමට සූදානම් ​වේ
දුරකථන නිපදවන සමාගම් අතර බිහිසුනු තරගකාරීත්වයක් වීමට හැකියාවක් පවතින Hardware, Packaging, Camera specs වෙනම මානයකට ගෙන ගිය Xiaomi සමාගම අලුත්ම අත්දැකීමක් තම පරිශීලකයන්ට ලබා දීමට සූදානමින් සිටිනවා.

Xiaomi සමාගම විසින් පසුගිය දිනකදී HyperOS නවතම update එක තම පරිශීලකයන් වෙත නිකුත් කර ඇත. එහිදී එම සමාගම විසින් සිදුකල නොසැලකිලිමත් කමක් හේතුවෙන් MIUI මත ධාවනය වූ ජංගම දුරකතන රැසක්ම bootloop තත්වයට පත්වී ඇති බව එම සමාගම විසින්ම තහවු​රු කර තිබෙනවා. මේ සමඟින් පරිශීලකයන් රැසකගේම ජංගම දුරකතන භාවිතා කල නොහැකි තත්වයට පත්වී ඇත. මේ සිදුවී ඇති අකරතැබ්බයෙන් මිදීමට නම් එම සියළුම දෙනාට ඔවුන්ගේ ජංගම දුරකතන factory reset කිරීම සිදු කිරීම එකම විසදුම ලෙසින් Xiaomi සමාගම පෙන්වාදී තිබෙනවා. මෙහිදී දැනට ජංගම දුරකතනයේ ඇති දත්ත සියල්ලම ස්ථිර ලෙසින් ජංගම දුරකතනයෙන් මැකී යනු ලබනවා.

මේ ගැටළුව උද්ගත වූ වහාම එම අදාල HyperOS update එක GetApp store එක වෙති​න් ඉවත්කර ගැනීමට Xiaomi සමාගම කටයුතු කර ඇති අතර තම සන්නිවේදන මාධ්‍ය හරහා පරිශීලකයන් වෙත මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. Xiaomi සමාගමට අනුව මෙය සුළු පරිශීලකයන් ප්‍රමාණයකට පමණක් බලපෑ ඇති බව ප්‍රකාශ කලත් XDA Developers, Reddit සහ තවත් මාධ්‍ය​න් රාශියකම Xiaomi දුරකතන පරිශීලකයන්ගේ දුරකතන මෙම තත්වයට ගොදුරු වී ඇති බව මැසිවිලි නගා ඇති බව අප විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ අනුව මෙය විශාල පිරිසකට උද්ගතව ඇති තත්වයක් ලෙසින් අප හට පෙනී යනවා.

Xiaomi සමාගම විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට මෙම update එක HyperOS පරිශීලකයන්ට පමණක් වන සංස්කරණයක් වූ නමුත් එක MIUI මත ධාවනය වන Xiaomi ජංගම දුරකතනයන් වෙතද ලැබී තිබෙනවා. ඒ අනුව මේ තත්වයට Xiaomi, Redmi සහ POCO ජංගම දුරකතන රැසක් ගොදුරු වී ඇති අතර මේ තත්වයෙන් අත්මිදීමට නම් MIUI හි ඇති pre-installed apps සහ System UI Plugins ඉවත් කිරීම සිදු කල යුතු වනවා. එයට ඇති එකම විසදු​ම වන්නේ ජංගම දුරකතන factory reset කිරීමයි. ඒ ගැටළුව වෙත ආමන්ත්‍රනය කරමින් Xiaomi සමාගම විසින් ප්‍රකාශ කර තිබෙන්නේ, සමාගමේ ප්‍රවීණ තාක්ෂනික ශිල්පීන්ගේ සහය ලබා ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් දැනට දුරකතනයේ පවතින දත්ත වලට යලි ලබා ගත නොහැකි ආකාරයට හානි විය හැකි බවයි.

නිකමට වගේ හිතලා බලන්න HyperOS හරහා බල ගැන්වෙන මෝටර් රථවලට මෙවැනි ආකාරයේ ගැටළුවක් පැන නැගුනහොත්?

Source: www.gsmarena.com xiaomiui.net www.gizmochina.com