Loading...
නව Design එකක් සහ වැඩි දියුණු කල Battery Life එකක් සමඟ Xiaomi Mi Band 8 නිකුත් වේ

පසුගිය අප්‍රේල් 18 වෙනිදා Xiaomi Fitness Tracker Lineup එකේ නවතම සාමාජිකයා විදියට Xiaomi Smart Band 8 හඳුන්වා දෙනු ලැබුවා. Mi Band 8 ලෙසින් ද හඳුන්වන මෙහි Design එක මෙවර තරමක වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. මින් පෙර නිකුත් වු Mi Band 7 හි Features බොහොමයක් එලෙසින්ම පවත්වා ගෙන තිබෙන අතර නව Mi Band 8 එකට ම ආවේණික වූ විශේෂාංග කිහිපයක් ද ඇතුලත් කිරීමට Xiaomi ආයතන අමතක කරලා නැහැ.

මෙතනදී Mi Band 7 ට සාපේක්ෂව Mi Band 8 එකට එකතු වූ දේවල් පමණක් සඳහන් කරන නිසා කලින් බැලුවේ නැත්නම් Mi Band 7 එකේ Full Review එක පහල ලිපියෙන් ඔයාලට කියවන්න පුළුවන්.

2022 වසරේ Xiaomi සමාගම එළිදැක්වූ නවතම Mi Band 7 Fitness Tracker එක
2022 මැයි 24 වෙනිදා release උන Xiaomi Mi Band 7 එක මේ මුළු lineup එකටම ටිකක් විශේෂයි, මොකද කියනවනම් සම්ප්‍රදායික විදියට නොගිහින් Xiaomi ල මෙතනදී පොඩ්ඩක් වෙනස් විදියට හිතල Mi Band එකත් එක්ක මෙච්චර කාලෙකට තිබුණු user experience එක වෙනස් කරන්න තරමක උත්සාහයක් දරල තියෙනවා.

මෙවර Mi Band එකෙහි Strap Layout එක පළමු වතාවට වෙනස් කිරීමට Xiaomi ආයතනය කටයුතු කර තිබෙන අතර පෙර පරිදි මුළු Fitness Tracker එකම වැසෙන පරිදි Strap එක දමනවා වෙනුවට Tracker එක දෙපසින් Strap එක කොටස් දෙකක් පරිද්දෙන් වෙන වෙනම සවි කල හැකි වන ලෙසට සකස් කරලා තියෙනවා. මෙහි ඇති Quick-release Mechanism එක මගින් මෙම Straps පහසුවෙන් සවි කිරීමට සහ ගැලවීමට හැකියාව ඇති අතර මෙය Pendent එකක් වශයෙන් පැළදීමටත් හැකි බව ද Xiaomi ආයතනය පවසනවා.

Image source - MI.com

48 x 22.5 x 10.99 (mm) ප්‍රමාණයෙන් යුතු ඉතා Compact Design එකක් සහ 600nits Peak Brightness එකක් සහිත 1.62” AMOLED Panel එකකින් සමන්විත මෙය පැය එකකින් Charge කිරීමට Fast-charging Capability එක සමග දින 16ක (Always on Display සහ අනෙකුත් Features සමග දින 6ක් දක්වා වූ) Battery Life එකක් ලබා දිමට හැකි 190mAh Battery එකකින් බල ගැන්වෙනවා. කෙසේ වෙතත් මෙහි ඇති Sensors සියල්ල පෙර පරිදිම වන අතර එහි Improvements මොනවද යන්න තවමත් Xiaomi ආයතන විසින් පැහැදිලි සඳහනක් කරලා නැහැ.

Image source - MI.com

එමෙන්ම මෙනි ඇති නව SoC එක මගින් මෙහි ඇති Display එකෙහි Refresh Rate එක 60Hz දක්වා වැඩි කිරීමට Xiaomi ආයතනයට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම තමයි පෙර පවතී Mi Band 7 හරහා Games Play කිරීමට සමහර Users ල උත්සාහ කිරීමත් සමග එය Mi Band 8 සඳහා මෙවර Feature එකක් වශයෙන් ලබා දීමට ද Xiaomi ආයතනය කටයුතු කර තිබෙනවා.

Image source - MI.com

මෙවර Mi Band 8 එක සඳහා Sports Modes 150ක් ලබා දී ඇති අතර Running Bean Mode එකක් ද හඳුන්වා දිමට Xiaomi ආයතනය කටයුතු කරලා තියෙනවා. මේ සඳහා Tracker එක කුඩා Capsule එකක් තුලට දමා සපත්තුවේ පැළදිය යුතු අතර එමගින් Stride Frequency, Stride Rate, Ground contact vacancy ratio, Ground impact force වැනි Professional තොරතුරු ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා.

Image source - MI.com

පෙර පවතී සම්ප්‍රදාය පරිදි ම China Region එකට පමණක් නිකුත් කරන Voice Assistance හා NFC සහිත Versions මෙවර ද Global Version එකට අඩංගු නොවන අතර මේ වන විට Mi Band 8 චීනයට පමණක් Launch කර ඇති අතර තවමත් Xiaomi ආයතනය විසින් මෙහි global Release එක පිළිබඳ ව සඳහනක් කර නොමැත.

කෙසේවෙතත් මෙය පෙර පැවති Mi Band 7 හට බෙහෙවින් සමානකම් පෙන්වන බැවින්, ඔබ දැනටමත් Mi Band භාවිත කරන්නෙක් නම් එය Mi Band 7 එකට කලින් නිකුත් වූ Mi Band මාදිලියක් නම් පමණක් මෙම Mi Band 8 වෙත Upgrade වීම සුදුසු බව මාගේ පෞද්ගලික අදහසයි.

Sources: Mi.com Beebom.com