Loading...
2022 වසරේ Xiaomi සමාගම එළිදැක්වූ නවතම Mi Band 7 Fitness Tracker එක

2014 න් පටන් ගෙන 2022 දක්වා වූ අවුරුදු 8 ක කාලය තුල Xiaomi හි fitness tracker lineup එක වන Xiaomi Mi Band series එක කැපී පෙනෙන ලෙස වෙනස්කම් රැසකට භාජනය වෙමින් විශාල දියුණුවක් කරා ළඟා වී තිබෙන බව අපි හැමෝටම දැක ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම 2022 මැයි 24 වෙනිදා release උන Xiaomi Mi Band 7 එක මේ මුළු lineup එකටම ටිකක් විශේෂයි, මොකද කියනවනම් සම්ප්‍රදායික විදියට නොගිහින් Xiaomi ල මෙතනදී පොඩ්ඩක් වෙනස් විදියට හිතල Mi Band එකත් එක්ක මෙච්චර කාලෙකට තිබුණු user experience එක වෙනස් කරන්න තරමක උත්සාහයක් දරල තියෙනවා.

Design එක

ඉතාමත් කුඩාවට 46.5 x 20.7 x 12.25 (mm) dimension එකකින් හා 13.5g තරම් ඉතාමත් සැහැල්ලුවට Polycarbonate material එක යොදා ගනිමින් මෙය සාදා ඇත. එමෙන්ම පෙර Mi Band 6 ට සාපේක්ෂව නව Mi Band 7 හි display එකෙහි විශාලත්වය 25% කින් වැඩි කිරීමට හා Mi Band 6 ට සාපේක්ෂව තරමක් සිහින් කිරීමට ද Xiaomi ආයතනය කටයුතු කර තිබෙනවා. එමෙන්ම මේ සඳහා අලංකාර වර්ණාවලියකින් යුත් Detachable Straps ගණනාවක් ද හදුන්වාදී ඇති අතර ඒවා ඉතාමත් අඩු මුදලට Xiaomi හරහා මිල දී ගැනීමට ද හැකියාව ලබා දී ඇත.

Mi Band 7 vs Mi Band 6 display size

Features & Specifications

මෙහි 180 mAH capacity එකකින් යුත් battery එකක් අඩංගු වීමත්,connectivity සඳහා Bluetooth 5.2 Low-Energy යොදා ගන්න නිසාත් ආසන්න වශයෙන් දින 14 ක battery ආයු කාලයක් ලබා දීමට සමත් වේ. Display එක සඳහා 1.62'' AMOLED Panel එකක් ලබා දී ඇති අතර එහි 500 nits දක්වා වූ brightness level එක නිසා ඉතා දැඩි හිරු එළියක දී වුවද පහසුවෙන් display එකෙහි ඇති දෑ කියවීමට හැකියාව ඇත. එමෙන්ම display එකෙහි OLEDතාක්ෂණය මගින් ලබා ගත හැකි තවත් විශේෂාංගයක් වන Low-Energy Always on Display feature එක ද නව Mi Band 7 හට ලබාදීමට ද Xiaomi ආයතනය කටයුතු කර තිබෙනවා.

එසේම workout movements නිවැරදිව track කිරීමට 3-axis accelerometer එකක් හා 3-axis gyroscope එකක් ද මෙහි අඩංගු වේ. සුපුරුදු පරිදි වඩාත් වැඩි දියුණු කරන ලද PPG Heart Rate sensor එකකින් හා SpO₂ sensor එකකින් ද සමන්විත මෙම fitness tracker එක 5ATM (50m up to 10 minutes) water resistance සඳහා ද සහාය දක්වයි. එයින් කියවෙන්නේ මෙය වඩාත් නො ගැඹුරු පිහිනීම වැනි ජල ක්‍රීඩා සදහා වඩාත් සුදුසු බවයි.

මේ වන විට Mi Band 7 fitness modes 110 කටත් වඩා සහාය දක්වන අතර outdoor running, walking, treadmill, rowing machine, elliptical නම් වන sport modes සදහා Auto detection පහසුකමද ලබා දී ඇත. එනම් මෙය පැළද සිටින්නා ඉහත සඳහන් කර ඇති යම් sport එකක නිරත වන විට ඒ බව දැන ස්වයන්ක්‍රියව ඊට අදාළ sport session එක start කිරීමට මේ සඳහා හැකියාව ඇත.

පෙර පරිදි ම 24hrs sleep tracking පහසුකම මේ සඳහා ලැබෙන අතර එමගින් ඔබගේ sleep quality එකට අමතරව දවසේ කුමන මොහොතේ හෝ ලබා ගන්න කෙටි නින්දක් හෙවත් nap එකක් වූවද track කිරීමේ හැකියාව පවතී. එමෙන්ම 24hrs heart-rate tracking ද මීට අඩංගු වන අතර එයින් ඔබට ඔබගේ හදවතේ ක්‍රියාකාරිත්වය පිළිබද ව නිවැරදි අදහසක් ලබා ගැනීමට හැකියාව පවතී. ඊට අමතරව Blood Oxygen sensor එක හරහා රුධිරයේ ඇති oxygen saturation එක ද, PPG Heart rate sensor එක හරහා stress level එක ද කියවා ගැනීමට මේ හරහා පහසුකම් ඇත.

සුපුරුදු පරිදි අනෙකුත් Mi Band මෙන් ම Zepp Life (formerly MiFit) යෙදුම භාවිතයෙන් Android හා iOS උපාංග සමග Mi Band 7 භාවිත කළ හැකි අතර පෙර Mi Band සඳහා China region එකෙන් පමණක් සහාය දැක්වූ Mi Fitness (Xiaomi Wear) app එක ද Mi Band 7 සදහා සෑම region එකකින් ද සහාය දක්වයි. එනම් ඕනෑම අයෙකුට තමන්ගේ කැමැත්ත අනුව Mi Band 7 සමග මෙම යෙදුම් දෙකෙන් එකක් පමණක් භාවිතා කළ හැක. (Mi Band user කෙනෙක් හැටියට මම නම් recommend කරන්නේ Zepp Life මොකද Mi Fitness වල bugs ටිකක් වැඩියි,ඒ වගේම stability එක අතිනුත් Mi Fitness පොඩ්ඩක් අවුල් එත් මෙතනදී තව දෙයක් කියන්න ඕන, ඒ තමයි Mi Fitness UI එකට Zepp Life app එකට සාපේක්ෂව තරමක් modern look එකක් තියෙනවා, එත් මේ apps දෙකම 100% එක සමානයි)

Mi Fitness UI

මේ සමග Mi Band සඳහා ඉතාමත් අලංකාර custom watchfaces 100 කට අධික ප්‍රමාණයක් ලබා දීමට ද Xiaomi ආයතනය කටයුතු කර තිබෙනවා. Zepp Life/ Mi Fitness යෙදුම හරහා Mi Band සඳහා යෙදිය හැක.

Mi Band stock watchfaces

එමෙන්ම තරමක් advanced user කෙනෙකුට නම් ඉහත “100” limit එකෙන් ඔබ්බට ගොස් තවත් තමන්ට කැමති watchfaces ලබා ගැනීමට හැකියාව ඇත.

AmazFaces නම් Android හා iOS සඳහා වූ මෘදුකාංගයෙහි මේ සඳහා ගණන් කළ නොහැකි custom watchfaces ප්‍රමාණයක් අඩංගු වන අතර එයින් කැමති watchface එකක් download කර ගෙන ඉන් පසුව download කර ගත් watchface එක Mi Band වෙත flash කිරීමට ද හැකියාව පවතිනවා.

ඉහත සඳහන් කරන ලද්දේ නව Mi Band 7 සඳහා වූ ප්‍රදාන විශේෂාංග වන අතර මීට තවත් බොහෝ විශේෂාංග ද ඇතුලත් වනවා. එමෙන්ම ඉතා අඩු මුදලකට මිල දී ගැනීමට හැකි මෙම ගුණාත්මක fitness tracker එක budget friendly ඕනෑම් කෙනෙකුට ලේසියෙන් ම recommend කරන්න පුළුවන්.