Loading...
Xiaomi සමාගම තම නව update policy එක එලිදක්ව​යි

Android Smart Phone User කෙනෙක්ගේ ඔලුවේ තියෙන අදහසක් විදිහට දක්වන්න පුලුවන් Android Smart Phones සඳහා ඒ ඒ සමාගම් විසින් ලබා දෙන Software සහාය Apple Devices සඳහා Apple සමාගම විසින් ලබා දෙන Software සහායට සාපේක්ෂව ඉතා දුර්වල නැති නම් ඉක්මනින් අවසන් වෙන බව.

ඒ වගේම Android Smart Phones අතර තියෙන මතයක් ලෙස ලොව පුරා මෙන්ම ලංකාවේත් මේ වෙන විට ඉතාම ජනප්‍රියත්වයට පත් වී තිබෙන Xiaomi Smart Phonesවල Software සහායත් අනෙක් Android Smart Phone Brandsවලට සාපේක්ෂව ඉක්මනින් අවසන් වෙන බව දක්වන්න පුලුවන්. ඉතින් ඇත්තටම Xiaomi Smart Phonesවලට මේ කියන විදිහට අනෙක් Smart Phone Brandsවලට සාපේක්ෂව අඩු කාලයක් Software සහායක් ද හිමි වෙන්නේ කියලා අද අපි කතා කරමු.

මුලින්ම මීට ටික දිනකට කලින් නිකුත් වුණ නවතම Xiaomi Smart Phonesවල Update Policy එක ගැන බලලා ඉමු.

New Update Policy for Xiaomi Smart Phones

Redmi Series (Redmi 10වලට පසුව නිකුත් වු) - Major Android Updates දෙකක් සහ MIUI Updates තුනක්.

Redmi Note Series (Redmi Note 10වලට පසුව නිකුත් වු) - Major Android Updates දෙකක් (Upper Mid Range Note Devices සඳහා Major Android Update තුනක් බලාපොරොත්තු විය හැකියි) සහ MIUI Updates හතරක්.

Xiaomi Lite Series (Xiaomi 11 Liteවලට පසුව නිකුත් වු) - Major Android Updates 2 (3 ක් වෙන්න පුළුවන් සමහර Upper Mid Range Category එකේ devices වල) සහ MIUI Updates හතරක්.

Xiaomi Series (Xiaomi 10 සහ ඊට පසුව නිකුත් වු) - Major Android Updates තුනක් සහ MIUI Updates හතරක් හෝ පහක්.

Xiaomi T Series - Major Android Update තුනක් සහ MIUI Updates හතරක් හෝ පහක්.

POCO C Series - Major Android Updates දෙකක් සහ MIUI Updates තුනක්

POCO M සහ X Series - Major Android Updates දෙකක් හෝ සමහර Upper Mid Range Devices සඳහා Major Android Updates තුනක් සහ MIUI Updates හතරක්.

POCO F Series - Major Android Updates දෙකක් හෝ සමහර Upper Mid Range Devices සඳහා Major Android Updates තුනක් සහ MIUI Updates හතරක්.

මේ අනුව Budget සහ Midrange Devices සඳහා මීට පෙර Major Android Update එකක් සහ MIUI Updates තුනක් පමණ ලැබුණ අතර මේ නවතම Update Policy එකත් සමඟ Major Android Updates දෙකක් සහ MIUI Updates තුනක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Redmi Note 10 Pro Device එක සඳහා මේ වෙන විට Android 12 සහ Android 13 කියන Major Android Updates දෙක ලැබිලා තිබෙන අතරම MIUI 12.5, 13 සහ 14 කියන MIUI Updates තුනත් මේ වෙන විට ලැබිලා තිබෙනවා. අලුත් Update Policy එකට අනුව මේ Device එක සඳහා ඉදිරියේදි MIUI 15 Update එක ලැබීමට නියමිත අතර ඉන් පසුව ඒ සඳහා software සහාය අවසන් වෙනවා.

Xiaomi Flagship Devices පිළිබඳව සැලකීමේදී Major Android Update දෙකක් සහ MIUI Updates තුනක් මීට පෙර ලැබුණ අතර මේ නව Update Policy එකට අනුව Major Android Updates තුනක් සහ MIUI Update තුනක් හෝ හතරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Xiaomi 10 Device එක සඳහා දැනටමත් Android 11, 12 සහ 13 කියන Major Android Updates තුනම ලැබි අවසන් අතර MIUI 12, 12.5, 13 සහ 14 කියන MIUI Updates හතරත් දැනට Xiaomi 10 Device එක සඳහා ලැබි අවසන් වෙන අතරම බොහෝ විට මේ සඳහා Bonus Update එකක් විදිහට, එනම් පස්වෙන MIUI Update එක ලෙස MIUI 15 ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඉතින් මේ තොරතුරුත් එක්ක ඔයාලටම දැන් පැහැදිලි වෙනවා ඇති Xiaomi කියන්නේ තමන්ගේ Smart Phones සඳහා ඉතා ඉක්මනින්ම Software සහාය අවසන් කරන Smart Phone Brand එකක් නෙවෙයි කියන එක.

Sources: www.youtube.com