Loading...
Xiaomi 14 දුරකතන මාලාව ලොව පුරා එලිදැක්වීමට Xiaomi සමාග​ම කටයුතු කර​යි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi Flagship Series එකේ නවතම සමාජිකයින් ලෙස Xiaomi 14 සහ Xiaomi 14 Ultra පසුගියදා පැවැත්වුණ MWC 2024 Event එකේදී එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. Snapdragon 8 Gen 3 Chipset එක ඔස්සේ බලගැන්වෙනු ලබන මේ Flagship Smartphones දෙක මොවුන් විසින් වෙළදපොළට ඉදිරිපත් කරනු ලැබුවේ Xiaomi 14 Ultra ඩොලර් 1624ක සහ Xiaomi 14 ඩොලර් 1082ක ආරම්භක මිලකටයි.

Xiaomi 14

මේ Smartphone එක සමඟින් Industry-leading Ultra-thin Bezel Design එක සහ Advanced FIAA Technology එක තම පාරිභෝගිකයා වෙත ගෙන එන්න Xiaomi සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

අගල් 6.36ක 120Hz Refresh Rate එකකින් සමන්විත 1.5K C8 LTPO OLED display එකක් මෙය සදහා ලබා දී තිබෙන අතර3000 nits උපරිම Brightness ප්‍රමාණයකුත්, Gorilla Glass Victus protection එකත් මේ Xiaomi 14 Display එක සඳහා ලබා දෙන්න ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා.

මේ Xiaomi 14 Series එකම Qualcomm සමාගමේ Snapdragon 8 Gen 3 chipset එකෙන් බලගැන්වෙන අතර Adreno GPU එකක් සමඟ 8GB, 12GB හෝ 16GB RAM ධාරිතාවයන්ගෙන් යුතුව 1TB දක්වා වු Storage පහසුකම් සමඟින් තොරා ගැනිමේ හැකියාව ලබා දී තිබෙනවා. එමෙන්ම මෙය ඔවුන්ගේ නවතම Android 14 සත නිර්මාණය කරන ලද HyperOS එක සමඟින්ම නිකුත් කරන්න කටයුතු කර තිබෙනවා.

සුපුරුදු පරිදිම මෙවරත් Leica සමාගම සමඟ හවුල්කාරීත්වයෙන් මේ Series එකේ Camera Setup එක නිර්මාණය කරන්න මොවුන් කටයුතු කර තිබෙනවා. 50MP Triple Camera Setup එකකින් සමන්විත මේ Smartphone එකේ Main Lens එක සඳහා Leica Summilux Optical Lens එකක් ලබා දී ඇති අතර මෙය ƒ/1.6 aperture එකක් සඳහා upgrade කර තිබෙන අතරම ඒ ඔස්සේ පසුගිය Xiaomi 13 Smartphone එකට වඩා 180%ක වැඩි ආලෝක ප්‍රමාණයක් මේ Camera Lens එක තුළට ලබා ගැනිමට හැකි වෙන බවත් මොවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. මෙහි අනෙක් Lens ලෙස Leica 14mm Ultra-wide Camera Lens එක සහ Leica 75mm Floating Telephoto Lens එක ලබා දී ඇති අතර මේ Telephoto Lens එක ඔස්සේ 10cm පමණ වු අවම Focus Distance එකක් යටතේ ඡායාරුප ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙහි Battery Management System එක සඳහා Xiaomi Surge P2 Charging Chipset සහ Xiaomi Surge G1 Battery Management Chipset එක යොදා ගෙන ඇති අතර ඒ මගින් මේ Xiaomi 14 Smartphone එකේ Battery Life එක දිගු කිරීමටත්, හොද කාර්යසාදනයක් Smartphone එක සඳහා ලබා දෙන්නත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ සඳහා 4610mAh Battery එකක් ලබා දී ඇති අතර 90W Wired HyperCharge හෝ 50W Wireless HyperCharge ඔස්සේ Charge කළ හැකි වෙනවා.

ඒ වගේම මෙය Jade Green, Black, White මහ Snow Mountain Pink යන වර්ණවලින් මිලදී ගන්න පුලුවන්. මෙහි ආරම්භක මිල ලෙස දැක්වෙන්නේ ඩොලර් 1082කුයි.

Xioami 14 Ultra

වෙනස්ම ආකාරයේ Circular Camera Module එකක් සහ Streamlined Flat Back Design එකකින් සමන්විත මේ Smartphone එක Black සහ White යන වර්ණවලින් වෙළදපොලට නිකුත් කරන්න මොවුන් කටයුතු කර තිබෙනවා.

මෙය අගල් 6.73ක Xiaomi-custom C8 WQHD+ AMOLED display (All Around Liquid Display) එකකින් සමන්විත වන අතර WQHD+ (3200 x 1440) Resolutionවලින් සමන්විත වනවා. ඒ වගේම මෙය සුපුරුදු පරිදිම 3000 nits උපරිම Brightness ප්‍රමාණයකුත්, 120Hz Refresh Rate එකකුත් ලබා දෙනු ලබනවා.

මෙයත් Qualcomm සමාගමේ Snapdragon 8 Gen 3 chipset එකෙන් බලගැන්වෙන අතර Adreno GPU එකක් සමඟ 16GB RAM ධාරිතාවයෙන් යුතුව 1TB දක්වා වු Storage පහසුකම් සමඟින් තොරා ගැනිමේ හැකියාව ලබා දී තිබෙනවා. එමෙන්ම මෙය ඔවුන්ගේ නවතම Android 14 සත නිර්මාණය කරන ලද HyperOS එක සමඟින්ම නිකුත් කරන්න කටයුතු කර තිබෙනවා.

Xiaomi 14 Ultra Smartphone එක Leica හවුල්කාරිත්වයෙන් බලගැන්වුන Professional Quad-Camera Setup එකකින් සමන්විත වනවා. මෙහි Main Lens එක ƒ/1.63-ƒ/4.0 දක්වා වු Stepless Variable Aperture පහසුකමෙන් සමන්විත වන අතරම Leica 75mm Floating Telephoto Camera Lens එකකිනුත්, Leica 120mm Periscope Camera Lens එකකිනුත් සහ Leica 12mm Ultra-wide Camera Lens එකකිනුත් සමන්විත වනවා. එමෙන්ම මේ Camera Setup එක Ultra-large 1-inch LYT-900 Image Sensor එකෙන් යුතු වනවා.

Professional Photography සහ Videography සඳහාම නිපදවා ඇති මේ Camera Setup එක ඔස්සේ 8K 30fps Video Recording පහසුකම Camera Lens හතර ඔස්සේම ලබා ගන්න පුලුවන්. එමෙන්ම Dolby Vision® shooting සහ Video stabilization පහසුතම්වලින්ද මෙය සමන්විත වනවා.

මෙහි Battery Management System එක සඳහා Xiaomi Surge P2 charging chipset සහ Xiaomi Surge G1 battery management chipset එක යොදා ගෙන ඇති අතර ඒ මගින් මේ Xiaomi 14 Smartphone එකේ Battery Life එක දිගු කිරීමටත්, හොද කාර්යසාදනයක් Smartphone එක සඳහා ලබා දෙන්නත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ සඳහා 5300mAh Battery එකක් ලබා දී ඇති අතර 90W wired HyperCharge හෝ 80W wireless HyperCharge ඔස්සේ Charge කළ හැකි වෙනවා.

මෙය 90W HyperCharge ඔස්සේ 100% දක්වා Charge කිරීමට ගත වන්නේ මිනිත්තු 33 පමණක් බවත් මොවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. මෙහි ආරම්භක මිල ලෙස දැක්වෙන්නේ ඩොලර් 1624කුයි.

Source: www.mi.com