Loading...
MIUI වෙත සමුදෙමින් Xiaomi සමාගම HyperOS නුදුරේදීම එලිදැක්වීමට සූදානම් ​වේ

දුරකථන නිපදවන සමාගම් අතර බිහිසුනු තරගකාරීත්වයක් වීමට හැකියාවක් පවතින Hardware, Packaging, Camera specs වෙනම මානයකට ගෙන ගිය Xiaomi සමාගම අලුත්ම අත්දැකීමක් තම පරිශීලකයන්ට ලබා දීමට සූදානමින් සිටිනවා.


Xiaomi සමාගමේ දුරකථන අතර ඇති විශේෂත්වය නම් iOS හා පාදකවූ MIUI Android Skin එකක් තිබීමයි. නමුත් බොහෝ පරිශීලකයන් චෝදනා කරන දෙයක් නම් මෙම MIUI Operating System එක මදක් ආක්‍රමණශීලී වන අතර එය භාවිතා කිරීමට තරමක් අපහසු බවයි.

ඉතින් මෙම ගැටළුවට පිළිතුරු ලබා දෙමින් Xiaomi සමාගම MIUI OS එක වෙනුවට iOS පාදක කර නොගනිමින් Android පාදක කරගනිමින් නවතම Operating system එකක් දියත් කිරීමට සූදානමින් සිටිනවා. එය ඔවුන් හදුන්වනු ලබන්නේ Xiaomi HyperOS යනුවෙනුයි.

මෙම OS එක පිළීබදව තවමත් Xiaomi සමාගම හරි තොරතුරක් සපයා නැති අතර නමුත් Xiaomi 14 series එකත් සමග මෙම OS එක දියත් කිරීමට ඔවුන් සූදානම් බව මේ වන විට දන්වා තිබෙනවා. Xiaomi 14 series එක මෙම වසරේ ඔක්තොම්බර් 26 වන දින HyperOS සමගින් මෙම දුරකථනය දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

Xiaomi සමාගම පවසන ආකාරයට මෙම OS එක තම සියලුම Devices සදහා ලබා දෙන අතර ඒ අතරට Smart Home Devices, Cars සහ තවත් බොහෝ දේ ඇතුලත් බව පැවසෙනවා. නමුත් මෙහි ඇති දුක්බර කාරනය නම් පුරා වසර 13 ක් පුරා පවත්වාගෙන ආ MIUI Operating system එක සම්පූර්ණයෙන්ම HyperOS සමග Replace කිරීමට ඔවුන් ගත් තීරණයයි.

Xiaomi සමාගමේ CEO, Lei Jun සදහන් කරන්නේ ඔවුන් 2017 වසරේ සිටම HyperOS හි වැඩ ආරම්භ කල බවයි.

“In 2014, when the IoT business began to take shape, we began exploratory development and verification. In 2017, the research and development of a new system was officially launched to support all ecological devices and applications with an integrated system framework. This is our pursuit,” - Xiaomi CEO Lei Jun -

එසේම Lei Jun තව දුරටත් පවසන්නේ ඉතා ගැඹුරු ලෙස පරිණාමය කල Android සහ Self-Developed Vela System එකක් මේ තුල ඇතුලත් බවයි. එසේම ඔහු පවසන්නේ බිලියන ගණනක් වූ උපාංග හා අන්තර්ජාල සම්බන්ධතා අතර පොදු පදනමක් මෙමගින් සකස් කරන බවයි.

එසේම Xiaomi සමාගමේ Global VP Alvin, X හි (කලින් twitter) සදහන් කරන්නේ ඉතා ඉක්මණින් MIUI සමග HyperOS replace කරන බවත්, නවතම OS එක මගින් පරිශීලකයන්ට Hyper performance මෙන්ම fluidity අත්දැකීමක් ලබා දෙන බවයි.

තවත් බලා සිටිය හැකි රසවත් කතාවක් තමයි Xiaomi සමාගම HyperOS සදහා යොදාගෙන ඇති Design එක කෙබදු වේ යන්නයි. එය Stock Android හෝ ColorOS සහ OxygenOS වල Design එක වේ දැයි තවම කිව නොහැකිය. නමුත් HyperOS හි එක්තරා Stock Images කිහිපයක් දින කිහිපයකට පෙර leak වී තිබූ අතර නමුත් එය Xiaomi සමාගම විසින් සනාථ කර තිබුනේ නැත.


කෙසේනමුත් මේ මස දියත් කරන Xiaomi 14 Series එක නිකුත් වීමත් සමගම අපට එය හරියටම දැනගත හැකිවනවා. ඉතින් Xiaomi සමාගමේ තවත් නවතම තොරතුරු ඉක්මණින් දැනගැනීමට රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Sources: androidauthority.com androidpolice.com cashify.in