Loading...
POCO සමාගම විසින් POCO X3 Pro නමින් ජංගම දුරකතනයක් නිකුත් කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ

චීන Smart Phone Manufacture සමාගමක් වෙන POCO සමාගම විසින් මේ වන විට Smart Phone වෙළදපොලට ඉතාමත් ජනප්‍රිය වුන Smart Phone කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතර පසුගිය වසරේදි නිකුත් වුන POCO X Series එකේ POCO X3 Smart Phone එක කියන්නේ ඉතාමත් ජනප්‍රිය වුන Device එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඉන් අනතුරැව POCO M Series එකේ POCO M3 Smart Phone එකත් වෙළදපොල තුල අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

එයින් නොනැවතී POCO සමාගම ඔවුන්ගේ X Series එකේ Smart Phones ඉදිරියේදිත් එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බවට දැන් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඒ අනුව ඔවුන් පසුගිය වසරේ නිකුත් වුණ POCO X3 Smart Phone එකේ High End Version එකක් ලෙස POCO X3 Pro නම් දුරකතනයක් මේ වසරේදි නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බවටත් විවිධ Certification Websites වල තොරතුරු අනුව වාර්තා වෙනවා. ඒ අනුව මේ High End Version එක මේ වන විට FCC Certification Test එක සමත් වි තිබෙනවා.

දැනට තිබෙන තොරතුරුවලට අනුව මිලග POCO Device එක බොහෝ විට පසුගිය වසර නිකුත් වුන POCO X3 Smart Phone එකේ High End Version එක වෙන POCO X3 Pro ලෙස නම් විය හැකි බවයි කියන්න පුළුවන්. ඒ වගේම මේ POCO X3 Pro Smart Phone එක සදහා මොවුන් Qualcomm සමාගමේ sm8150 Platform එක යටතේ පවතින Processors භාවිත කිරිමට සුදානම් බවත් වාර්තා වෙනවා. බොහෝ විට මේ Qualcomm Processor එක Snapdragon 855 Chipset එකක් විය හැකියි. ඒ වගේම මේ සදහා Snapdragon 860 Chipset එක භාවිත කරන්නත් යම් හැකියාවක් පවතින බවත් කිව යුතුමයි.

ඒ වගේම මේ POCO X3 Pro Smart Phone එක Variant දෙකකින් නිකුත් විමට නියමිත බවයි සදහන් වෙන්නේ. ඒවාගේ Code Name විදිහට “vayu” හා “bhima” දක්වන්න පුළුවන්.  මේ High End Version එකේ Primary Camera Sensor එක විදිහට 48MP Wide Sensor එකක් සහිතව Quad Camera Setup එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Xda Developers, Beebom