Loading...
ඔබත් Mod Apps පාවිච්චි කරන අයෙකු ද? එසේ නම් අනිවාර්යයෙන් කියවන්න

මේ දිනවල Mod WhatsApp ගැන නිතරම පුද්ගලයින් කතා වන අතර, මෙම ලිපියෙන් කතා කරනුයේ සාමාන්‍ය App එකක්, අපගෙන් ලබා ගන්නා දත්ත හා තොරතුරු මොනවාද සහ Play Store හැරෙන්නට වෙනම අරගෙන Install කරගන්නා Mod Apps පාවිච්චි කරන අයට තියෙන අවදානම ගැනයි.

Smart Phone එකට App එකක්‌ Install කිරීමේ දී අපගේ පෞද්ගලික දත්තවලට පිවිසීමට නිර්මාපකයන්ට අවසර ලබා දිය යුතු වේ. එය අත්‍යවශ්‍ය දෙයකි. එයට හේතුව App එක මඟින්‌ මෙලෙස ලබා ගන්නා දත්ත හා තොරතුරු හරහා වඩාත්‌ කාර්යක්ෂම සේවාවක්‌ අපට ලබා දීමට ඔවුන්ට හැකි වන අතර තවද App එක සාර්ථකව ක්‍රියාත්මක වීමට ද මෙලෙස ලබාගන්නා දත්ත හා තොරතුරු වැදගත් වේ.

ඔබ ඔබගේ පෞද්ගලික තොරතුරු වෙත පිවිසෙන්න App එකට අවසර ලබා දුන් පසුව, App එක හරහා ලබාගන්නා තොරතුරුවලට කුමක් සිදුවේ ද යන්න ඔබ අනිවාර්යයෙන් දැන සිටිය යුතු ය.

මන්ද ඔබෙන් අරගත් තොරතුරුවලින් මීළඟට සිදු කරන්නේ කුමක් ද යන්න රැඳි ඇත්තේ App එකෙහි නිර්මාපකයන් අතයි. එම තොරතුරු හරහා ඔබට ගුණාත්මක සේවාවක්‌ ලබා දෙන්නේ ද, එසේත් නැතිනම්‌ වාණිජ අරමුණු වෙනුවෙන්‌ වෙත් පාර්ශවයන්ට තොරතුරු විකුණනවා ද යන්න තීරණය කිරීම ඔවුන් සතු ය.

App එකෙන් ලබා ගන්නා තොරතුරු වෙනත් අය අතට පත් වන්නේ කෙසේ ද?

බොහෝ Mobile Apps නිර්මාණය කර ඇත්තේ Software Companies සහ Software Engineers ලා කළින් නිර්මාණය කර ඇති Source Codes භාවිත කරමින්. මෙලෙස භාවිත කරන Source Codes හඳුන්වන්නේ Code Libraries නමිනි. මෙම Libraries හරහා App එක භාවිත කරන පුද්ගලයන්ගේ තොරතුරු, උදාහරණයක්‌ ලෙස අප එදිනෙදා සිදු කරන දේවල්‌ ගැන තොරතුරු, Social Media වලදී සිදු කරන දේවල් පිලිබඳ තොරතුරු වැනි දෑ ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.

මෙම නිසා අලුතෙන්‌ App එකක්‌ නිර්මාණය කරන්නෙකුට පරිශීලක තොරතුරු ලබාගන්නට අවශ්‍ය කරන මෘදුකාංග අලුතෙන්ම නිර්මාණය නොකර වෙනත්‌ අය විසින්‌ නිර්මාණය කර ඇති Libraries භාවිත කිරීමෙන්‌ ඒ අවශ්‍යතාවය ඉටු කරගන්නට පුළුවනි.

මෙලෙස පරිශීලකයන්ගෙන්‌ ලබාගන්නා තොරතුරු, App එක නිර්මාණයේ දී භාවිත කළ Libraries නිර්මාණය කළ Software Companies වලට හෝ ඒ අදාළ පුද්ගලයන්‌ට යැවීමත්‌ මේ Code Libraries හරහාම සිදු වෙනවා. මෙලෙස ලැබෙන අපගේ තොරතුරු භාවිත කරමින් අපගේ ඩිජිටල්‌ අනුරුවක්‌ නිර්මාණය කිරීම ඔවුන්ට අපහසු කාර්යයක් නොවේ.

උදාහරණයක්‌ ලෙස, ඔබගේ Smart Phone එකෙහි ඇති එක App එකකට ඔයා Permission ලබා දෙනු ලබනවා ඔබගේ GPS දත්ත පාවිච්චි කරන්න. Phone එකෙහි ඇති තවත් App එකකට ඔබ Permission ලබා දෙනු ලබනවා ඔබගේ Smart Phone එකෙහි Camera, Microphone සහ ඔබ ලබා ගත් Photos භාවිත කිරීමට.

Android 11 සිට දැන් App එක භාවිතයේදී පමණක් හෝ එක් වරක් පමණක් යම් permission එකක් භාවිත කිරීම සඳහා අවසර දෙන්න පුළුවන්.

මේ Permission දෙක මූලික වශයෙන්‌ එකිනෙකට සම්බන්ධයක්‌ නැති App දෙකකට ලබා දුන් Permission බව ඔබට බැලූ බැල්මට පෙනෙනවා. එසේ වුවත් මෙම App දෙකම භාවිත කරන්නේ එකම Libraries නම්‌, එම Libraries නිර්මාණය කළ අයට හැකියාව ලැබෙනවා ඔබගේ තොරතුරු හරහා ඩිජිටල්‌ අනුරුවක්‌ නිර්මාණය කරගැනීමට. ඔබ සිතා සිටියාට වඩා තත්ත්වය බරපතල බව දැන් තේරුම් ගත හැකි ද?

Smart Phone එක භාවිත කරමින් ඔබ කරන දෑ හරහා, උදාහරණ ලෙස ඔබ නිතර බලන දේවල්‌, මිල දී ගන්නා භාණ්ඩ හෝ සේවාවන්‌, යන එන ස්ථාන, සෞඛ්‍ය පිළිබඳ විස්තර, Social Media හරහා සිදු කරන දෑ වැනි බොහෝ දේවල්‌ හරහා නිර්මාණය කරන ලද ඔබගේ ඩිජිටල්‌ අනුරුව එසේත් නැතිනම් ප්‍රතිරූපය ඉහළම ඉල්ලුම්කරුට විකිණීම ඉතා ම ලාබදායක යි. බොහෝ ආයතන මෙය සිදු කරනු ලබයි.

දැනටමත් app එකක් හෝ දෙකක් හෝ හරහා ඔබ වෙනත් තැනකට ඔබේ පෞද්ගලික දත්ත සම්ප්‍රේෂණය කරනවා විය හැකිය. 

මේ ඩිජිටල්‌ අනුරුව සෑදීමට අවශ්‍ය කරන දත්ත සහ තොරතුරු ඔබගේ Smart Phone App හරහා ලබාගන්නා කාර්යය එම App නිර්මාණය කළ අය විසින් දවසේ පැය 24 පුරා ම සිදු කරනු ලබයි. මෙහි වැදගත්ම කරුණ නම්, App එක භාවිත කරනු ලබන පුද්ගලයා තමන්ගේ ඩිජිටල්‌ අනුරුවක්‌ නිර්මාණය වන බව සහ තමන්‌ අලෙවිකරණ උපාංගයක්‌ ලෙස භාවිත වන බව නොදැනුවත් වීමයි. Apps නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන්‌ ඒ වෙනුවෙන්‌ භාවිත කරන Code Libraries මොනවද යන්න පවසන්නේ නැත. සත්‍ය වශයෙන්ම ඔවුන්ට එසේ කිරීමට අවශ්‍යතාවක් මතු වන්නේ ද නැත.

App එකෙන් ගන්න අපේ තොරතුරු ආරක්ෂිතව තියෙනවද?

Smart Phone Apps හරහා ලබා ගන්න අපේ දත්ත සහ තොරතුරු ආරක්ශිතද යන්න මේ වනවිට පැන නැගෙන විශාල ගැටළුවක් වී අවසන්. පහුගිය අවුරුදු කීපය පුරා ම එවැනි ගැටළු සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වීම ඊට හේතුව යි.

මේ වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්ද?

මේ වෙනුවෙන් අපිට කළ හැකි දේවල් කිහිපයක්ම තිබේ දැන් අප ඒ ගැන සොයා බලමු.

  1. App එකේ Settings වෙනස් කරගන්න.

අප භාවිත කරන සමහර App වලට දී ඇති Permission ඒ Apps ක්‍රියාත්මක වීමට අවශ්‍ය නොවිය හැක. Android Phone එකෙහි, Settings -> Privacy -> Permission Manager වලට ගොස් දී ඇති Permissions වෙනස් කරගැනීමට ඔබට හැකි ය. එසේත් නැත්නම් Settings -> Apps වලට ගොස් App එකක් Select කළ පසු Permission යනුවෙන් පෙන්වන ස්ථානයෙන් වෙනස්කම් කළ ගත හැක.

2. App එකෙහි Privacy Policy එක අනිවාර්යයෙන් කියවන්න.

බොහෝ දෙනෙකු වැඩි තැකීමක් නොකරන සහ නොකියවන දෙයක් ලෙස Privacy Policy හැඳින්විය හැක. Privacy Policy යනු ඔබ අනිවාර්යයෙන් කියවිය යුතු දෙයකි. App එක හරහා ලබාගන්නා තොරතුරුවලින්‌ ඔවුන් කුමක් සිදු කරන්නේ ද? ඒවා වෙනත් අරමුණු වෙනුවෙන්‌ තෙවන පාර්ශවයන්ට විකුණන්නේ ද? පවරන්නේ ද? කවුරුන් හෝ අනවසරයෙන්‌ අපේ දත්ත සහ තොරතුරු සොරාගතහොත් අපේ ආරක්ෂාව වෙනුවෙන්‌ ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග මොනවද? වැනි ඉතාමත් වැදගත් දෑ බොහොමයක් මෙම Privacy Policy හි දක්වා ඇත.

3. පෞද්ගලිකත්වය ආරක්ෂා වන Apps භාවිත කරන්න.

අපගේ දත්ත සහ තොරතුරු වාණිජ අරමුණු වෙනුවෙන්‌ තමන්‌ විසින්‌ ම භාවිත කිරීම තෙවන පාර්ශවයන්ට ලබාදීම නොකරන ආයතන බොහොමයක් ඇත. එවැනි Apps භාවිතයත් මෙයට විසඳුමක් ලෙස දැක්විය හැකිය. උදාහරණයක්‌ ලෙස DuckDuckGo Search Engine App එක අපගේ දත්ත එකතු කිරීම, ගබඩා කර තබාගැනීම, වෙනත්‌ අයට ලබා දීම සිදු නොකරන බව ප්‍රකාශ කර ඇත. මෙලෙස අපගේ දත්ත සහ තොරතුරු වෙනත්‌ පාර්ශවයන්ට ලබා නොදෙන ආයතන මඟින්‌ ලබාදෙන සේවාවන්‌ භාවිත කිරීමත් මෙයට ඒක විසඳුමකි.

4. Social Media Apps සඳහා තෙවන පාර්ශවීය App (Third Party App) භාවිතයෙන් වැළකීම.

Mod Apps නිර්මාණය කරනුයේ් තවත් පුද්ගලයෙකි. එයට ඔහුට අවශ්‍ය දෑ එකතු කළ හැකි ය. උදාහරණයක් ලෙස Photos, Camera, Microphone, Location වැනි බොහෝ දෑ වලට Permission ලබා දෙන WhatsApp වැනි App එකක Mod App එකක් භාවිත කිරීමට පෙර ඔබ දෙවරක් සිතිය යුතු ය.

Image: Techidence

කෙසේ වෙතත් ඩිජිටල් ලෝකය තුළ අපගේ පෞද්ගලිකත්වය 100%ක් ආරක්ෂා කරගෙන ක්‍රියා කිරීම බොහෝ අපහසු කාර්යයකි. එහෙත් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත හැකි ක්‍රියාමාර්ග පිළිපැදීමෙන් බොහෝ වාසි ලබා ගත හැක.