Loading...
PUBG පරිගණක ක්‍රීඩාව ලබන වසරේ සිට නොමිලේ ලබා දීමට සූදානම් වේ

2017 දි හදුන්වා දුන් PlayerUnknown’s Battlegrounds නැතිනම් PUBG PC Game එක පරිගණක ක්‍රීඩා අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුවා. එය ඩොලර් 20ක පමණ මුදලකට මිලදි ගැනිමට හැකි වු අතර Kraftonහි Creative Director විසින් මේ වෙන විට තහවුරු කර තිබෙන්නේ PUBG පරිගණක ක්‍රීඩාව Free to Play නැතිනම් නොමිලේ ලබා ගත හැකි පරිගණක ක්‍රීඩාවක් ලෙස නිකුත් කිරිමට සුදානමින් සිටින බවයි.

ඒ අනුව මිලග වසරේ, එනම් 2022 ජනවාරි මස 12 වෙනි දින සිට මෙය නොමිලේ ලබා ගත හැකි වෙන අතර මේ වෙන විටත් මෙහි Pre Registration කටයුතු ආරම්භ වි තිබෙනවා. ඔබටත් දෙසැම්බර් 10 වෙන දින සිට 2022 ජනවාරි 11 දින දක්වා Pre Registration විම සදහා මෙතනින් පිවිසිය හැකියි.

Free to Play Pc Game එකක් වුවත් මෙහි සමහර Elements, එනම් Ranked Matchmaking ආදිය Unlock කර ගැනිමට නම් ඩොලර් 12.99ක මුදලක් ගෙවිය යුතු වෙනවා. මේ ඔස්සේ ඔබට Custom match modes, Special in-game items & Others Features රැසක් Unlock කර ගැනිමේ හැකියාව උදා වෙනවා.

PlayerUnknown’s Battlegrounds නැතිනම් PUBG PC Game එක මිලියන 75කට අධික පිටපත් ප්‍රමාණයක් අලෙවි වු ඉතා ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් වෙන අතරම එහි ජනප්‍රියතාවය එලෙස ඉදිරියටත් පවත්වා ගැනිම සදහා මෙලෙස Free to Play ලෙස නොමිලේ ලබා දිමට තිරණය කර ඇති බවටත් ⁣වැඩි දුර තොරතුරු වාර්තා වෙනවා.

Sources: Gizmochina, Pubg