Loading...
රූපවාහිනී ලොවට Realme රූපවාහිනියක්

Realme කියන්නෙ හැමෝම දන්න විදිහට Smart phone developing Company එකක්. ඉතින් මේ Realme සමාගම එයාලගෙ අලුත්ම Product එකක් මේ වනවිට වෙලඳපොලට හඳුන්වලා දීලා තියෙනව. හැබැයි මේක Smart phone එකක් නම් නෙමෙයි. මේක Realme සමාගමෙන් නිශ්පාදනය කරපු Smart Tv එකක්.

Android 9 Pie Operating System එකත් සමඟ ක්‍රියා කරන මේ Smart tv එක අඟල් 32 සහ 43 කාන්ඩ වශයෙන් මේ වන විටත් වෙලඳ පොලට නිකුත් කරලා හමාරයි..ඉතින් අපි බලමු Realme smart Tv එකේ තියෙන Specifications මොනවද කියලා.

අඟල් 32 මාදිලියේ Screen resolution එක 1366×768 pixels ලෙසත්  අඟල් 43 මාදිලියේ Screen Resolution එක 1920×1080 ලෙසත් Realme සමාගම මේ Smart tv මාදිලි දෙක වෙලඳපොලට නිකුත් කරලා තියෙනවා..එමෙන්ම මෙම මාදිලි දෙකෙහිම HD ready පහසුකමද ඇති බව Realme සමාගම පවසනවා.. එමෙන්ම ඔවුන් පවසන ආකාරයට මෙම Smart tv එක මිලදී ගැනීමේදීම ඔවුන් Amazon prime video / Netflix / YouTube Pre installed apps

ආකාරයට ලබා දීලා තිබෙනවා..එම නිසා රූපවාහිනිය මිලදී ගැනීමෙන් අනතුරුව ඔබට එම Applications නැවත Download කිරීමට අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම 24W Speaker System එකක් මෙම රූපවාහිනිය තුල අන්තර්ගත වී ඇති නිසා ඔබට සාමාන්‍ය රූපවාහිනියක අසන්නට ලැබෙන ශබ්දයන්ට සාපේක්ශව ගුනාත්මක බවින් ඉහල ශබ්දයන් රස විඳීමටද හැකියාව ලැබේ.

එමෙන්ම Wireless connectivity options ලෙස Bluetooth 5.0 තාක්ශනය මෙන්ම Wi-Fi / Infrared තාක්ශනයන්ගෙන්ද මෙම රූපවාහිනිය සමන්විත වේ.

මේ වන විට ඉන්දියානු වෙලඳපොලට නිකුත් කර ඇති මෙම රූපවාහිනියේ මිල මේ වන විට ඉන්දියානු රුපියල්  13000 සිට ඉහලට මිලදී ගත හැකි අන්දමින් ඇත. කෙසේ වෙතත් මෙම රූපවාහිනිය තවම ලංකාවේ වෙලඳපොලට පැමින නැත.