Loading...
ZTE Nubia Red Magic 6 Pro දුරකථනය 165Hz Refresh Rate එකකින් යුතු Display එකක් සමඟින් එලි දැක්වීමට කටයුතු කරයි

2012 වසරේදී ආරම්භ වන චීන දුරකථන සමාගමක් වන Nubia Technology සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ZTE සමාගමේ විසින් දරා සිටියේය. පසුව 2015 වසරේදී ස්වාධීන සමාගමක් බවට පත්වූ නම් 2017 දී ZTE සමාගම විසින් Nubia සමාගමට පැවතුණු කොටස් ප්‍රමාණය 49.9% බවට අඩු කර දැමීමට සමත් විය.

Nubia Technology සමාගම 2018 වසරේදී Red Magic සන්නාමය ඔවුන්ගේ උපසන්නාමයක් ලෙසින් ආරම්භ කරනු ලබන අතර ඒ අනුව Nubia Red Magic දුරකථනය එලිදක්වන ලදී.‌‌පසුව Nubia Red Magic Mars , Nubia Red Magic 3 , Nubia Red Magic 3S , Nubia Red Magic 5G , Nubia Red Magic 5G Lite , Nubia Red Magic 5S ආදී පිලිවෙලින් 2020 වසර දක්වා දුරකථනයන් එලිදක්වන ලදී.

මෙම Red Magic දුරකථන ජංගම දුරකථන ක්‍රීඩා  අරමුණු කරගෙන නිර්මාණය කර ඇති අතර මේවයේ ඉතා හොද Cooling system එකකුත් අඩංගු කර ඇත.

ඒ අනුව 2021 වසරේදී ඔවුන් ගේ නවතම දුරකථන යුගලය වන Nubia Red Magic 6 හා Nubia Red Magic 6 Pro දුරකථන එළිදක්වූවේය.

අප මෙම ලිපියෙන් Nubia Red Magic 6 Pro දුරකථනය පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Display

මෙම දුරකථනයට අගල් 6.8 ක Super AMOLED display එකක් ද එහි resolution එක 1080 x 2400 කි .මේ display එකට 165 Hz  ක refresh rate එකක් සහ screen to body ratio එක වෙන්නෙ 85.7%.

Chipset , Ram , Storage

ZTE nubia Red Magic 6 Pro බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මෙහි Ram එක සහ Storage එක අනුව මාදිලි 4 කින් මිලදී ගන්න පුලුවන්.‌‌එනම්, 128GB Storage එකක් සමග 12GB RAM, 256GB Storage එකක් සමග 12GB RAM, 256GB Storage එකක් සමග 16GB හා 512GB Storage එකක් සමග 18GB RAM ආදී ලෙසිනි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් නැත.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු Redmagic 4.0 වේ.

Battery

ZTE nubia Red Magic 6 Pro හි battery එක විදියට Li-Po 4500mAh, non-removable battery එකක් සහ 120W fast charging පහසුකමත් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම battery එක මිනිත්තු 5 කින් 50% ක් අරෝපණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel primary wide angle camera එකකිනුත් 8-megapixel ultra wide camera එකක් හා 2-megapixel macro camera ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 30fps වලිනුත් 4K videos 60fps දක්වාත් 1080p videos 240fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 8 MP, f/2.0 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළඅඩංගු වෙනවා.

Price

ZTE nubia Red Magic 6 Pro දුරකථනයේ 12GB/128GB model එක ආසන්න වශයෙන් $680 කුත් 12GB/256GB model එක ආසන්න වශයෙන් $738 කුත් 16GB/256GB model එක ආසන්න වශයෙන් $865 ක් සහ 18GB/512GB model එක ආසන්න වශයෙන් $1020 මිලකට චීනය තුළ නිකුත් උනා.

Source: NDTV, Gizmochina