2021 වසරේදී Microsoft සමාගම විසින් Windows 11 නිකුත් කිරීමෙන් පසු පරිශීලකයන්ව එම OS එක භාවිතා කිරීමට පෙළඹ වීමේ තවත් පියවරක් ලෙස ඔවුන් Windows 10 සදහා නව විශේෂාංග එක්කිරීම නවතා තිබෙනවා.
2025 ඔක්තෝම්බර් 25 වනදා තෙක් Windows 10 සඳහා සහාය ලබා දෙන බව ඔවුන් විසින් නිවේදනය කළත්, ඒ වන තෙක් ලබා දෙන්නේ Security Updates පමණක් වන බවත් පසුගිය දා නිකුත් කළ 22H2 Update එක එහි අවසාන Major Update එක බවත් ඔවුන් විසින් නිවේදනය කොට තිබෙනවා.
Windows client roadmap update! Key takeaways:
— Windows IT Pro (@MSWindowsITPro) April 27, 2023
1 - #Windows10 will reach EOS on October 14, 2025.
2 - Version 22H2 will be the final version of Windows 10.
3 - You'll see the next #Windows11 LTSC release in the second half of 2024.
Read the announcement: https://t.co/CPjGmRWZdj
Windows 11හි පෙර තිබූ බොහොමයක් දෝශ නිරාකරණය කර තිබෙන නිසා දැන් එය සාමාන්‍ය පරිශීලකයන්ටත් භාවිතය ඉතා සුදුසු මෙහෙයුම් පද්ධතියක් වන අතර ඉදිරි වසර කිහිපය තුලදී ඔබට නව පහසුකම් අත්විඳීමට අවශ්‍ය නම් Windows 11 වෙත මාරු වීමට සිදුවනවා.
Source: techcommunity.microsoft.com twitter.com/@MSWindowsITPro