Loading...
iOS 17 සංස්කරණයේ සිට Beta Versions ලබා ගැනීම සඳහා මුදල් ගෙවිය යුතු බව වාර්තාවකින් හෙළිවේ

වසර ගණනාවකම සිට Apple සමාගම විසින් WWDC Keynote Event එකේදී ඔවුන්ගේ නවතම iOS Version එක නිකුත් කළ පසුව එහි Beta Release එක තම iPhone එක සදහා Update කර ගැනිම iPhone පරිශීලකයන් විසින් සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් මෙවැනි Stable Version නොවන Beta Version සදහා iPhone Update කර ගැනිම කිසිවෙකු නිර්දේශ නොකරන අතර නව iOS Version එක ඔස්සේ ලැබෙන නවතම විශේෂාංග භාවිත කිරිමට තිබෙන නොඉවසිල්ල නිසා මෙලෙස එැවින් Beta Version සදහා තම iPhones Update කිරිමට iPhone Userලා බොහෝ විට පෙළඹෙනවා.

iPhones showing various iOS 16 features.
Source: Apple Inc.

කෙසේ වෙතත් මෙතරම් කාලයක් කිසිදු ගැටලුවකින් තොරව නවතම iOS Versionවල Beta Version Update ලබා ගැනිමේ හැකියාව පැවතුණ අතර මීලගට නිකුත් විමට නියමිත තිබෙන නවතම iOS Version එක වන iOS 17 එළිදැක්විමෙන් පසුව iOS 17 Beta Version එක සදහා පෙර මෙන් සෑම අයෙකුටම තම iPhones Update කිරිමට නොහැකි වන බව වාර්තා වනවා.

ඒ අනුව Apple සමාගම විසින් මෙම iOS 17 Beta Version එක සදහා තම iPhones Update කිරිමසදහා අවස්ථාව Developer Account සහිත iPhone Usersලා සදහා පමණක් ලබා දෙනු ඇත. එ⁣නම් මෙම iOS 17 Beta Version එක Public Beta Version එකක් මෙන් සෑම iPhone User කෙනෙකුටම ලබාගත නොහැකි වනවා.

ඒ අනුව පළමු iOS 17 Beta Version එක Developersලා සදහා පමණක් සීමා වන අතර Developer Profile එකක් නොමැති කිසිවෙකුට මෙම Update එක ලබා ගත නොහැකි වනවා.

මේත් සමග ඉදිරියේදි පළමු iOS සහ iPadOS Beta Versions ලබා ගත හැකි වන්නේ Apple සමාගමේ Developer Program එක සමග සම්බන්ධ වන පුද්ගලයින්ට පමණක් වන අතර මෙලෙස Developer Program එක සමග සම්බන්ධ විමට වසරකට ඩොලර් 99ක පමණක් මුදලක්ද ගෙවිය යුතු වනු ඇත.

Source: bgr.com