පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු වූ දැවැන්තම leak එක ලෙස Rockstar Games හී Grand Theft Auto 6 (GTA 6) Game එකේ නවතම leak එක දැක්විය හැක. තවද එය Rockstar Games සමාගම විසින් නිල වශයෙන් ද තහවුරු කර තිබෙනවා. මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරන විට අපට GTA 6 හි Gameplay Videos 90කට වැඩි ප්‍රමාණයක් හමුවන අතර ඒ සියල්ල සත්‍ය බව ප්‍රකාශ කොට තිබෙනවා.
Rockstar සමාගම ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ගේ අභ්‍යන්තර ජාලය තුන්වන පාර්ශවීය ආක්‍රමණයකට මුහුණ දුන් බවත්, එහි ප්‍රතිපලයක් වශෙයෙන් මෙම තොරතුරු කාන්දු වීම සිදු බවත්, ඒ සදහා සමාගමේ වත්මන් හෝ හිටපු කිසිදු සේවකයෙකු සම්බන්ද නොවන බවත්ය. කෙසේ වෙතත් ඔවුන් සදහන් කරන්නේ GTA 6 හි සංවර්ධන කටයුතු පුර්ණ වශයෙන් නිම වූ පසු එය හදුන්වා දෙන බවයි.
A Message from Rockstar Games pic.twitter.com/T4Wztu8RW8
— Rockstar Games (@RockstarGames) September 19, 2022
සමාගම තවදුරටත් සදහන් කරන ආකාරයට මෙම කාන්දු වීම වත්මන් GTA Games හෝ නව GTA 6 හි සංවර්ධන කටයුතු සදහා බලනොපානවා. GTA 6 Vice City ප්‍රධාන කරගත් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් ඉදිරියේදී එහි නිල දර්ශන දැකීමෙන් එය වඩාත් පැහැදිලි කරගත හැක.
Rockstar සමාගම විසින් මේ සියලු තොරතුරු සහතික කරන අතරම ඔවුන්ගේ මව් සමගම වන Take-Two Interactive සමාගම විසින් දැනටමත් කාන්දු කරන්නාට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටිනවා. මෙම දැවැන්ත සිදුවීමත් සමග ඉදිරියේදී තවදුරටත් මේ පිළිබද Leaks පිට වීමක් සිදු නොවනු ඇතැයි බොහෝ දෙනා පවසනවා.
කෙසේ වෙතත් සමාගම නිල වශයෙන් නිකුත් තොරතුරු ඉදිරියේද බලාපොරොත්තු විය හැක.
Source: Beebom