Loading...
Samsung 250mp image sensor එකකට අත තබයි

Samsung විසින් මෙගා පික්සල් 600ක image sensor එකක් නිෂ්පාදනයට යන බව මෑතකදී ආරංචි වුවත් ඊට පෙර ඔවුන් විසින් මෙගා පික්සල් 250ක image sensor එකක් නිෂ්පාදනයට සැරසෙන බව චීනය පැත්තෙන් අපිට ආරංචි වෙනවා

ඉහත සඳහන් කල වාර්තාවට අනුව මෙම මෙගා පික්සල් 250 image sensor එක එකේ diagonal එක අඟලක් පමණ ප්‍රමාණයක් ගනී යැයි ආරංචි වෙන්නේ. ඒ අනුව තවමත් Galaxy S20 Ultra එකේ 108Mp  1/1.33" sensor එක තවමත් මේ ආරංචි වන 250Mp sensor එකට වඩා ප්‍රමානයෙන් කුඩායි.

එම වාර්තාවේම සඳහන් වන ආකාරයට මෙම අවුරුද්දේදි නිකුත් වීමට නියමිත Samsung Note 20 දුරකථනය සමඟ ඔවුන්ගේ මෙගා පික්සල් 150ක image sensor එක නිකුත් කිරීමට නියමිතය.

Source (in Chinese)