Loading...
Samsung සමාගම විසින් Exynos 1080 chipset එක හඳුන්වා දීමට කටයුතු කරයි

ලොව සුපතල ජංගම දුරකතන සමාගමක් වන Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම චිප්සෙට් එක වන Exynos 1080 SoC ඔක්තොම්බර් 09 වන දින නිල ප්‍රකාශ කරනු ලැබුවා. මෙම නවතම චිප්සෙට් එක 5nm process සහ AnTuTu scores surpassing සමග Qualcomm Snapdragon 865+ අගයකින් යුක්තයි.

නව පරම්පරාවේ ජංගම දුරකතන සදහා මෙම නව 5nm chips චිප්ස් භාවිතා වන අතර ඒ අතරට Apple A14, Snapdragon 875, Kirin 9000 සහ Exynos ද අන්තර්ගත වේ. Samsung Semiconductor China Research Institute අධ්‍යක්ෂක දූරය හොබවන Dr. Pan Xuebao මහතා සමඟ කළ සම්මුඛ සාකච්චාවේදි ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම විසින් නවතම Exynos 1080 SoC එක එළිදක්වන බවයි. මෙය නිපදවීම සදහා Snapdragon 875 නිපදවීම සඳහා භාවිතා කරන 5nm LPE process එකම භාවිතා කිරීම හේතුවෙන් වැඩි බලශක්ති පිරිමැස්මක් ලබා ගැනීමට හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

තවද මෙම චිප්සෙට් සදහා Cortex-A78 CPU හා Mali-G78 භාවිතා කර ඇත. Cortex A77 ට සාපේක්ශව Cortex A78 performance 20% කින්ද , Mail - G77 ට සාපේක්ශව Mail - G78 performance 25% කින්ද ඉහල නංවා ඇත. මෙම නවතම චිප්සෙට් භාවිතයෙන් පළමු වරට නිර්මාණය කරන Vivo Smartphone මේ වසරේ අගභාගයේදී එළිදැක්වීමට නියමිතයි.

මෙම නව චිප්සෙට් එක mid range සහ high end ජංගම දුරකතන සඳහා භාවිතා කිරීමට නිපදවන අතර ඉදිරියේදී Samsung සමාගමේ ඉදිරි mid range සහ high end ජංගම දුරකතන සඳහා මෙය භාවිතා කිරීමට සූදානම් වෙනවා. මීට අමතර Vivo සමාගමද තම ජංගම දුරකතන වලට මෙය භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව Samsung සමාගම Exynos 2100 නම් තවත් processor එකක් නිපදවීමටද කටයුතු කරමින් සිටින බව වාර්තාවෙනවා.

AnTuTu benchmarkහි benchmark test එකට අනුව මෙම නවතම Exynos 1080 chipset එක සඳහා AnTuTu score 650,000ටත් වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර මෙම අගය Qualcomm Snapdragon 865 සහ 865+ හි අගයට වඩා ඉහල අගයක් ගනී. Exynos 1080 chipset එක Vivo X60 සඳහා මුලින්ම භාවිතා කරනු ඇත.

Source: Gizmo China