ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රියතම Android Smartphones නිෂ්පාදක සමාගමක් වන Samsung සමාගම විසින් ඔවුන්ගේ Smartphones සඳහා තවත් සන්නාමයක් හඳුන්වා දීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
Samsung සමාගම විසින් ඔවුන්ගේ Smartphones සියල්ලම Galaxy සන්නාමය ඔස්සේ අලෙවි කරනු ලබන අතර එහි Premium සහ Budget Lineup Galaxy S සහ Galaxy A / M Series ලෙසින් වෙළදපොලට නිකුත් කරනු ලබනවා.
Just in: According to reports from Korean media, Samsung is studying the possibility of creating a new brand to separate the premium segment from the Galaxy brand.
— Jukanlosreve (@Jukanlosreve) October 29, 2024
මේ තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ High-end Smartphones නැතිනම් Premium Smartphones සියල්ලම මේ නව සන්නාමය ඔස්සේ වෙළදපොලට නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් Samsung සමාගම විසින් තවමත් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි මාස කිහිපය තුළ මේ පිළිබඳවත් තවත් තොරතුරු වාර්තා වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
Source: 9to5google.com www.androidauthority.com